slc
Home   |    News
ඔක්තෝබර් 17, 2021
විරකැටිය ක්‍රිකට් ක්‍රීඩාංගණය තව තෙමසකින් ජනතා අයිතියට……….

Sri Lanka Cricket

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් විරකැටිය නගරයේ ඉදිවෙමින් පවතින ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය තව මාස 3-4 ක් ඇතුළත දකුණු පළාතේ පාසල් 81ක සහ එම පළාතේ අන්තර් සමාජ ක්‍රීඩකයන් වෙනුවෙන් ප්‍රදානය කෙරෙනු ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 17කටත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් 18කටත් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 46කටත් එම දිස්ත්‍රික්ක තුනේ අන්තර සමාජ රැසකටත් මේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සහ තරග සඳහා ඉදිරියේදී උපයෝගී වනු ඇත.

ක්‍රීඩාංගණයේ මැද තණතීරු පහක් පුහුණුව සඳහා පැති විකට්ටු පහක් පුහුණු සිමෙන්ති විකට්ටු දෙකක් ලකුණු පුවරුවක් දර්ශන පථ දෙකක් මිලියන පහක් වටිනා ක්‍රීඩාපිටිය සකස් කිරීමේ යන්ත්‍රෝපකරණ වාහන රථගාලක් සහ ක්‍රීඩක විවේකගාර දෙකක් ප්‍රථම අදියරට අයත්ය. දෙවන අදියරයට අයත්වනුයේ ක්‍රීඩකයනට නවාතැන් පහසුකම් සහ විශාල ක්‍රීඩා මණ්ඩපයකි

අක්කර අටක භූමි ප්‍රමාණයක ඉදිවන මේ ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මතාගේ උපදෙස් මත වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වසර තිහක බදු පදනම මත ප්‍රදානය කර තිබේ.

මෙහි පළමු අදියර තව තෙමසකින් විවෘත කර එය නඩත්තු කර ගෙන යාම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ලබාදෙනු ඇත.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, ජාතික සංවර්ධන ඒකකයේ ප්‍රධානී කමල් ධර්මසිරි , පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරි මොරිස්ද සිල්වා, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති භානුක වනිගසේකර හම්බන්තොට දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයේ ලේකම් කැලුම් ප්‍රභාත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රවී අතපත්තු යන මහත්වරු නොබෝදා එහි ගොස් ඉදිකිරීම් නිලධාරීනට උපදෙස් ලබාදුන්හ.

කැප්ෂන් – ඡායාරූපය

වීරකැටිය නගරයේ ඉදිවන ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පසුගියදා එහි ගිය අවස්ථාවයි මේ . ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, ජාතික සංවර්ධන ඒකකයේ ප්‍රධානී කමල් ධර්මසිරි, පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී මොරිස් ද සිල්වා, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති භානුක වනිගසේකර, හම්බන්තොට දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයේ ලේකම් කැලුම් ප්‍රභාත්, ක්‍රීඩා අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිලධාරි රවී අතපත්තු යන මහත්වරු වීරකැටිය ක්‍රිකට් ක්‍රීඩාංගණවේ කටයුතු පිරික්සු අවස්ථාවයි මේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest