slc
Home   |    News
ඔක්තෝබර් 18, 2021
සමාරම්භක තරගයෙන් ඕමානයට කඩුලු දහයක ජය

Sri Lanka Cricket

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජටින්දර් සිං සහ අකිබ් ඉලියාස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වන ලද ලකුණු 131 ක සම්බන්ධතාව හේතුවෙන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕමාන් පිල සමත්විය. 

ඕමානයේ මස්කට් නුවර අල් අමෙරට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී පැපුවා නිව්ගිනිවා කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු නවයකට ලබාගත් ලකුණු 129ට පිළිතුරු ලෙස ඕමානය පන්දු වාර 13.4කදී කිසිවෙකු නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 131කි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජටින්දර් සිං පන්දු 42කදී හතරේ පහර හතක් හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 73ක්ද අකිබ් ඉලියාස් පන්දු 43කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 50ක්ද ලබා ඕමානයට මේ පහසු ජයග්‍රහණයට අවස්ථාව උදාකළේ පළමු කඩුල්ලට ලකුණු 131ක් රැස්කරමිනි.

පැපුවා නිව්ගිනිවා කණ්ඩායමේ කිසිඳු පන්දු යවන්නෙකුට තර්ජනාත්මක ලෙස ඕමාන පිතිකරුවන් දෙදෙනා වෙත පන්දු යැවීමට අවස්ථාව උදානොවීය. මේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕමානය තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම පැපුවා කණ්ඩායමට පැවරීමටය.

පැපුවා නිව්ගිනිවා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ටෝනි උරා (00) තරගයේ ප්‍රථම පන්දු වාරයේත් ලෙගා සියාකා (00) දෙවන පන්දු වාර්යෙත් දැවීයාමෙන් එම කණ්ඩායමේ ප්‍රථම කඩුලු දෙක දැවීගියේ කිසිදු ලකුණක් ලබා නොසිටියදීය.

පැපුවා කණ්ඩායමේ නායක අසාඩ් වාලා (ලකුණු 56යි පන්දු 43යි හතරේ හතරයි හයේ තුනයි) සහ චාල්ස් අමිනි (ලකුණු 37යි පන්දු 26යි හතරේ හතරයි හයේ එකයි) තෙවන කඩුල්ලට ලකුණු 81ක් රැස් කිරීමෙන් (පන්දු වාර දහයකදී) එම කණ්ඩායමට මඳක් සාර්ථක වීමට අවස්ථාව උදාවිණි. මොවුන් දෙදෙනා දැවී යාමෙන් පසු අවසාන කඩුලු හතම දැවීගියේ ලකුණු 27ක් පමණක් එක්වද්දීය. ඕමාන නායක සීසාන් මක්ෂුඩ් කඩුලු හතරක්ම දවාලූවේ ලකුණු 20ක් පමණක් ලබාදෙමිනි. මක්ෂුඩ් තරගයේ වීරයා ලෙසද නම්කෙරිණි.

ලකුණු සාරාංශය –  පැපුවා නිව්ගිනිවා පන්දු වාර 20කදී කඩුලු 9ක් දැවී 129යි – (අසාඩ් වාලා 56, චාල්ස් අමිනි 37, සෙසේ බාවු 13, සීසාන් මක්ෂුඩ් 20/4යි, බිලාල් ඛාන් 16/2, කලී මුල්ලා 19/2)

ඕමානය පන්දු වාර 13.4කදී කිසිවෙකු නොදැවී 131යි (ජටින්දර් සිං නොදැවී 73, අකිබ් ඉලියාස් නොදැවී 50)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest