slc
Home   |    News
ඔක්තෝබර් 22, 2021
ස්කොට්ලන්තය සුපිරි 12 වටයට

Sri Lanka Cricket

ඕමානයේ අම්රට් ක්‍රීඩාංගණයේ බ්‍රහස්පතින්දා පැවැති ස්කොට්ලන්ත – ඕමාන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ස්කොට්ලන්තය පහසුවෙන්ම කඩුලු අටක ජයග්‍රහණයක් ලබා සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීය.

මුලින් පන්දුවට පහර දුන් ඕමානය පන්දු වාර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 122ට පිළිතුරු ලෙස ස්කොට්ලන්තය කඩුලු දෙකකට ලකුණු 123ක් ලබමින් පහසු ජයක් ලැබුවේ පන්දු 18ක්ම ඉතිරිව තිබියදීය. ලකුණු 25කට කඩුලු තුනක් දවාලු ස්කොට්ලන්තයේ ජොස් ඩේවි තරගයේ වීරයා ලෙස නම්කැරිණි.

ස්කොට්ලන්ත නායක කයිල් කොට්සර් පන්දු 28 කදී ලකුණු 42 ක් ද රිචී බෙරින්ග්ටන් පන්දු 21 කදී නොදැවී ලකුණු 31ක්ද සහ මැතිව් ක්‍රොස් පන්දු 35 කදී නොදැවී 26ක්ද ලබා ස්කොට්ලන්ත ජයග්‍රහණය තහවුරු කළේය. තෙවන කඩුල්ලට මැතිව් ක්‍රොස් සහ රිචී බෙරින්ග්ටන් නොදැවී ලකුණු 48ක්ද දෙවන කඩුල්ලට කයිල් කොට්සර් සහ මැතිව් ක්‍රොස් ලකුණු 42ක් රැස්කරමින් හොඳම සබඳතාවයන් වාර්තා කළහ.

මේ තරගයේදී කාසියේ වාසිය දිනා ඕමානය පන්දුවට පහරදීමට තීරණය කළත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඔවුනට තිබූ අපේක්ෂාවන් ප්‍රථම ඕවරයේදී බිඳවැටුණේ ඔවුනගේ ප්‍රබලම පිතිකරුවා වන ජටින්දර් සිං තරගයේ දෙවන පන්දුවේදිම දුවද්දී දැවී යෑමෙනි.

පසුව ඔවුනගේ පිතිකරුවන් තිදෙනෙකු පමණක් ලකුණු දහයේ සීමාව ඉක්මවීමට සමත් වූ අතර එම පිතිකරුවන් වූයේ අනෙක් ආරම්භක පිතිකරු අකිබ් ඉලියාස් (37) නායක සීසාන් මක්ෂුඩ් (34) සහ මොහමඩ් නදීම් (25)ය . කණ්ඩායමේ හොඳම සබඳතාය වූයේ අකීබ් ඉලියාස් සහ මොහොමඩ් නදීම් පන්දු වාර 6.4කදී රැස්කළ ලකුණු 38ය.

ස්කොට්ලන්ත පන්දු යැවීම උසස් මට්ටමක පැවැති අතර ජොස් ඩේවි ලකුණු 25කට කඩලු තුනක් ද සෆ්යාන් ෂරිෆ් ලකුණු 25කට කඩුලු දෙකක්ද මයිකල් ලීස්ක් ලකුණු 13කට කඩුලු දෙකක් දවාලූහ.

ලකුණු සාරාංශය

ඕමානය පන්දුවාර 20කදී කඩුලු 7ට 122 යි – (අකිබ් ඉලියාස් 37, මොහොමඩ් නදීම් 25, සීසාන් මක්ෂුඩ් 34, ජෝස්ඩේවි 25/3, සෆ්යාන් ෂරිෆ් 25/2, මයිකල් ලීස්ක් 13/2 )

ස්කොට්ලන්තය පන්දු වාර 17කදී කඩුලු 2ට 123 යි – (කයිල් කොට්සර් 42, රිචී බෙරින්ග්ටන් නොදැවී 31, මැතිව් ක්‍රොස් නොදැවී 26, ජෝර්ජ් මුන්සෙ 20, ෆයාස් බට් 26/1 යි)

– බන්දුල මොල්ලිගොඩ

ශකිබ්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසා බංග්ලාදේශය අවසන් මොහොතේ ගොඩ යයි

පැපුවා නිව්ගිනියාවට එරෙහිව බ්‍රහස්පතින්දා (21) පැවැති ලෝක කුසලාන 20-20 සුදුසුකම් ලැබීමේ තරගයේදී ශකීබ් අල් හසන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 84 ක ජයක් අත්කරගත හැකිවිය. ඒ සමඟම ඔවුන්ට සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලැබුවේය.

34 හැවිරිදි ෂකිබ් අල් හසන් වමතින් පිත්ත හසුරුවමින් පන්දු 37කදී හයේ පහර තුනක් සමඟ ලකුණු 46ක් රැස්කර පසුව වමතින් දඟපන්දු යවමින් කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. ෂකිබ් මෙදින ලෝක කුසලාන තරගාවලියේ ලසිත් මාලිංගගේ කඩුලු සංඛ්‍යාව අභිබවා යාමට සමත්විණි. තරගයේ වීරයා වූයේද ෂකිබ් අල් හසන්ය.

බංග්ලාදේශය කඩුලු හතකට ලබාගත් ලකුණු 181ට පිළිතුරු ලෙස පැපුවා නිව්ගිනිවා කණ්ඩායම පන්දු වාර 19.3කදී සියල්ල දැවී රැස්කළේ 97කි. ඔවුන් ලකුණු 182ක ඉලක්කයක් කරා යද්දී ලකුණු 29ක් ලබන විට කඩුලු හතක්ම දැවී ගියහ. පසුව අංක 8 පිතිකරු කිප්ලින් ඩොරිගා පන්දු 34කදී හතරේ දෙකක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 46ක්ද චඩ් සොපර් ලකුණු 11ක්ද රැස්කළහ.

බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් පන්දුවාර 20කදී ලබාගත් ලකුණු 181 පන්දු වාරයක සාමාන්‍ය දළ වේගය 9.05කි. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ නායක මහ්මුදුල්ලාය. ඔහු පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු ලකුණු 50 ක් රැස් කළේය.

දෙවැනි කඩුල්ලට ලිටන් දාස් සහ ෂකිබ් අල් හසන් පන්දු වාර 6.5කදී එක්කළ ලකුණු 50 සහ පස්වන කඩුල්ලට මහමුදුල්ලා සහ අෆීෆ් හොසේන් පන්දුවාර 3.4කදී රැස්කළ ලකුණු 43 බංග්ලාදේශයේ හොඳම සබඳතාවයන්ය.

පැපුවා නිව්ගිනිවා පන්දු යවන්නන් අතුරින් කබුවා මොරෙ, ඩේමියන් රාවු සහ අසාඩ් වාලා කඩුලු දෙක බැගින් දවාලූහ. පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවට පහරදෙද්දී ලකුණු දහය ඉක්මවා ලකුණු රැස්කළේ කිප්ලින් ඩොරිගා සහ චඩ් සොපර් පමනි. බංග්ලාදේශ පන්දු යවන්නන් අතුරින් ෂකිබ් අල්හසන් හැරුණු විට මොහොමඩ් සයිෆුඩීන් සහ ටස්කින් අහමඩ් කඩුලු දෙක බැගින් දවාලූහ.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පන්දු වාර 20කදී කඩුලු 7ට 181යි – (මහ්මුදුල්ලා 50, ෂකිබ් අල්හසන් 46, ලිටන් දාස් 29, අෆීෆ් හොසේන් 21, කබුවා මොරෙ 26/2යි, ඩේමියන් රාවු 40/2යි, අසාඩ් වාලා 26/2යි)

පැපුවා නිව්ගිනිවා කණ්ඩායම පන්දු වාර 19.3කදී ලකුණු 97යි – (කිප්ලින් ඩොරිගා 47, චඩ් සොපර් 11, ෂකිබ් අල්හසන් 9/4යි, මොහොමඩ් සයිෆුඩීන් 21/2, ටස්කින් අහමඩ් 12/2)

– බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest