slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2021
සිම්බාබ්වේ යන කාන්තා පිලට පාසල් ක්‍රීඩිකාවකුත්

sinhala editor

By Chamila Karawita

2022 වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 10 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තුට පැවැරී තිබේ.

චමරිගේ සහායිකාව ලෙස හර්ෂිතා මාධවීව නම් කර ඇති මෙම කණ්ඩායමට 16 හැවිරිදි පාසල් ක්‍රීඩිකාවක් වන විශ්මි රාජපක්ෂවද එක් කිරීම කැපී පෙනෙයි. ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරනු ලබන විශ්මි දක්ෂ ආරම්භක පිතිකාරිණියක වන අතර ඇය ගෙවි ගිය වසරේදී කාන්තා පළමු පෙළ තරගාවලියක ශතකයක් වාර්තා කරන ලද ළාබාලම ක්‍රීඩිකාව බවට පත්වීමට සමත්වූවාය. ඇය එම ශතකය ලබන විට වයස අවුරුදු 15 කි. ඇයට අමතරව කණ්ඩායමට එක්ව සිටින අලුත්ම මුහුණු වන්නේ 19 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩිකාවන් වන ඉමේෂා දුලානි සහ සචිනි නිසංසලාය. රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින ඉමේෂා ඉදිරි පෙළ පිතිකාරිණියක් වන අතර සචිනි පා දඟ පන්දු යවන්නියකි. ගෙවී ගිය කාල සීමාවේදී සංවර්ධිත සංචිත සහ නැගී එන කණ්ඩායම්වල දක්වන ලද දක්ෂතා හරහා මෙම ක්‍රීඩිකාවන් දෙපළ ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් ලබා සිටිති.

නම් කර ඇති නවක ක්‍රීඩිකාවන්ට වැඩි අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීම අරමුණු කොට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු කණ්ඩායමට එක් කර තිබේ. ඒ අතර හිටපු නායිකා ඉනෝකා රණවීරද පසුවෙයි. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට වරම් ලබා සිටින චමරි අතපත්තුට අමතරව උදේශිකා ප්‍රබෝධනී, ප්‍රසාදිනී සහ ඕෂධී රණසිංහ ද නම් කරන ලද කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨයෝ වෙති.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දී තිබෙන මෙම කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුද නම් කර තිබෙන අතර උමේෂා තිමාෂනී, කාව්‍යා කාවින්දි, මදශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, සහ ලිහිණි අප්සරා එම ක්‍රීඩිකාවෝ වෙති.

කණ්ඩායම් 10 කගේ සහභාත්වයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4 කට තරග වැදීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභලම ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වේ. ඊට අමතරව අයර්ලන්තය, නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීහු වෙති. බංග්ලාදේශය, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේ යටතේ තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන එම තරග වටයේ ඒ ඒ කාණ්ඩ වල පෙරමුණට ගනු ලබන කණ්ඩායම් 3 නැවතත් සුපිරි කණ්ඩායම් 6 ක තරග වටයකට සුදුසුකම් ලබන නමුත් එහිදී ප්‍රතිවාදී කාණ්ඩ සමඟ පමණක් එදිරිවාදීන් ලෙසින් තරග වැදීමට නියමිතය. ඒ අනුව එක් කණ්ඩායමකට ප්‍රතිවාදී කාණ්ඩයේ සිටින කණ්ඩායම් 3 සමඟ තරග කිරීමේ අවස්ථාව උදාවන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්වන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබනු ඇත. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා සිටිති.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන නොවැම්බර් 21 වැනිදා සිම්බාබ්වේදී ආරම්භවීමට නියමිතය. මූලික සැලසුමට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ගෙවී ගිය 2020 වසරේදී ශ්‍රී ලංකාවේදීය. ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට කොවිඩ් වෛරසයේ බලපෑමත් සමඟ එය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවූ අතර පසුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මසදී සිම්බාබ්වේහිදී පැවැත්වීමට තීරණය කෙරිණ.

ශ්‍රී ලංකා කාන්තා පිල  – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee