slc
Home   |    News
නොවැම්බර් 29, 2021
අවසන් පූර්ව තරග නතර කළ තැනින් යළි ඇරඹෙයි

sinhala editor

අන්තර් සමාජ එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2 ටම වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරග නතරවී ඇති තැනින් නොවැම්බර් 29 වැනිදා යි ආරම්භ කිරීමට තීරණය වී තිබේ. නොවැම්බර් මස 28 වැනිදා මග්ගොන සහ දොඹගොඩ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරග දෙකම පළමු ඉනිමට පමණක් සීමා විය. ඒ අතරින් දොඹගොඩ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය වූ එන්.සී.සී. සහ රාගම අතර තරගයේ යැවීමට හැකි වූයේ පන්දුවාර 31 ක් පමණි.

පළමු අවසන් පූර්ව තරගය වුණු මග්ගොන සරේ පිටියේ පැවැත්වෙන ටැමිල් යුනියන් සහ යුද හමුදාව අතර තරගය පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් පිල පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 242 ක් රැස් කරගත්තේය. එම ඉනිමෙන් පසු සරේ ක්‍රීඩාංගණයට වර්ෂාව හරස්වීම නිසා තරගය යළි ආරම්භ කිරීමට නොහැකි විය.

සධීර සමරවික්‍රම පන්දු 85 කදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 50 ක් ලබ් ගත් අතර නවෝද් පරණවිතාන ලකුණු 49 කට දැවී ගියේය. පන්දු 55 ක් ඒ සඳහා වැය කළ පරණවිතාන ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය.

පන්දුවාර 49 කට සීමා වුණු දෙවැනි දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් රාගම කණ්ඩායම 31 වැනි පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 114 ක් රැස් කරගෙන සිටියේය. ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක පන්දු 78 කදී ලකුණු 41 ක් ලබා සිටියේ හතරේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

ලකුණු සාරාංශය

පළමු අවසන් පූර්ව තරගය

ටැමිල් යුනියන් පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 242 යි – (නවෝද් පරණවිතාන 49, සුපුන් කාවින්ද 21, සධීර සමරවික්‍රම 50, සංතුෂ් ගුණතිලක 37, ශිරාන් ප්‍රනාන්දු 23, ජෙෆ්රි වැන්ඩර්සේ 20, හේෂාන් හෙට්ටිආරච්චි 42/3, සීකුගේ ප්‍රසන්න 39/2, සුමින්ද ලක්ෂාන් 46/2)

දෙවැනි අවසන් පූර්ව තරගය

රාගම පන්දුවාර 31 කදී කඩුලු 5 ට ලකුණු 114 යි – (නිශාන් මදුශ්ක 41*, ජනිත් ලියනගේ 26, අවිෂ්ක තරිඳු 21, සචිඳු කොළඹගේ 26/3)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest