slc
Home   |    News
නොවැම්බර් 23, 2021
එස්.එස්.සී., ටැමිල්, කැන්ඩි, ලන්කන් ජයගනී

Sri Lanka Cricket

අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සඳුදා (22) පැවැති තවත් තරග කිහිපයකදී එස්.එස්.සී, ටැමිල්, කැන්ඩි කස්ටම්ස් සහ ලන්කන් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

එස්.එස්.සී – බදුරලිය තරගයෙන් එස්.එස්.සී ලකුණු 147කින්ද ටැමිල් – සැරසන්ස් තරගයෙන් ටැමිල් කඩුලු දෙකකින්ද, කැන්ඩි කස්ටම්ස් නුගේගොඩ තරගයෙන් කැන්ඩි කස්ටම්ස් ලකුණු 101කින්ද, ලන්කන් – කලුතර නගර තරගයෙන් ලන්කන් ලකුණු 94කින්ද ජයග්‍රහණ අත්කර ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය මෙහෙයවති.

ටැමිල් යුනියන්ට කඩුලු දෙකක ජයක්

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ටැමිල් කණ්ඩායම ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් කරායද්දී ඔවුන් කඩුලු දෙකකට ලකුණු 70ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවුවත් 27වන පන්දුවාරය වන විට ලකුණු 107කට කඩුලු අටක් දැවී අසීරු තත්ත්වයක පසුවිණි. නවවන කඩුල්ලට ශිරාන් ප්‍රනාන්දු (නොදැවී 08) සහ දිලුම් සුධීර (නොදැවී 08) ලකුණු 17ක නොදැවුණු සබඳතාවයක් තබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ටැමිල් කණ්ඩායමේ නවෝද් පරණවිතාන පන්දු 74කදී හතරේ හතරක් සමඟ ලකුණු 60ක්ද සරසන්ස් කණ්ඩායමේ  සිතාර ගිම්හාන් පන්දු 54කදී හතරේ පහර හයක් හයේ දෙකක් සමඟ ලකුණු 56ක්ද රැස්කළහ.

සරසන්ස් පන්දුවාර 32.5කදී 123යි – (සිතාර ගිම්හාන් 56, ප්‍රමෝද් මධුවන්ත 18, නවිඳු විතානගේ 13, ජෙෆ්රි වැන්ඩසේ 13/5, රවිඳු ප්‍රනාන්දු 22/2, සංතූෂ් ගුණතිලක 19/1යි)

ටැමිල් පන්දුවාර 33.5කදී කඩුලු 8කට 124යි – (නවෝද් පරණවිතාන 60, රවිඳු රසන්ත 14, සංතූෂ් ගුණතිලක 09, කවික දිල්ෂාන් 21/4, උදිත් මධුෂාන් 20/1යි)

එස්.එස්.සී පිලට ලකුණු 147 ක ජයක්

එස්.එස්.සී නායක ෂම්මු අෂාන් නොදැවී ලකුණු 84ක්ද (පන්දු 53යි හතරේ හතරයි හයේ පහයි) අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 58ක්ද (පන්දු 62යි හතරේ නවයයි) ක්‍රිෂාන් සංජුල ලකුණු 53ක්ද (පන්දු 78 හතරේ හතරයි හයේ එකයි) අර්ධ ශතක රැස්කිරීමෙන් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 23කට කඩුලු තුනක් දවාලීමෙන් එස්.එස්.සී කණ්ඩායමට පහසු ජයක් අත්විය.

එස්.එස්.සී ආරම්භක කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ ක්‍රිෂාන් සංජුල ලකුණු 100ක සබඳතාවයක් තබාගත්තේ පන්දු 19.5ක් තුළදීය.

එස්.එස්.සී පන්දුවාර 50දී කඩුලු 8ට 252යි (ෂම්මු අෂාන් 84, අවිශ්ක ප්‍රනාන්දු 58, ක්‍රිෂාන් සංජුල 53, නුවනිඳු ප්‍රනාන්දු 18, නිපුන් ධනංජය 11, රුචිර කෝසිත 46/2, උමේෂ් උදයංග 19/1)

බදුරලිය පන්දුවාර 33.5කදී සියල්ල දැවී 105යි – (අලංකාර අසංක සිල්වා 33, මලින්ද ජයෝද් 17, පසිඳු ශානක 17, සඳුන් වීරක්කොඩි 16, ප්‍රභාත් ජයසූරිය 23/3, ලක්ෂිත මුනසිංහ 21/2, කසුන් රාජිත 19/1, ෂම්මු අෂාන් 7/1යි)

කැන්ඩි කස්ටම්ස්ට ලොකු ජයක්

කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ උමේග චතුරංග ලකුණු 26ක් රැස්කර පසුව ලකුණු 12කට කඩුලු හතරක් දවාලීමෙන්ද එම කණ්ඩායමේ සචිත්‍ර පෙරේරා ලකුණු 19ක් රැස්කර පන්දු යැවීමේදී ලකුණු 17කට කඩුලු දෙකක් දවාලමින්ද තුන් ඉරියව්වේම පෙන්වූ දස්කම් මත කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට ලකුණු 101ක පහසු ජයක් අත්විය.

නුගේගොඩ කණ්ඩායම ලකුණු 176ක ඉලක්කයක් කරායද්දී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 ඉක්මවීමට නොහැකිවී ඔවුනගේ ඉනිම ලකුණු 74කට නිමාවිණි.

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර වාර 48.2කදී සියල්ල දැවී 175යි – (රශ්මික මධුශංඛ 28, උමේග චතුරංග 26, සචිත්‍ර පෙරේරා 19, චානක විජේසිංහ 17, මින්හාජ් ජලිල් 17, සසිත් මනුරංග 15, සහන් නානායක්කාර 19/2, කෙවින් පෙරේරා 40/2යි)

නුගේගොඩ පන්දුවාර 30.2කදී සියල්ල දැවී 74යි – (පැතුම් මධුශංඛ 20, නිමේෂ් ගුණසිංහ 12, දිලන් ජයලත් 11, ළහිරු ජයකොඩි 11, ප්‍රශාන් වික්‍රමසිංහ 10, උමේග චතුරංග 12/4, මෙතුෂන් තිළිණ 8/3, සචිත්‍ර පෙරේරා 17/2)

ලන්කන් ලකුණු 94කින් ජයගනියි

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ලන්කන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු දිල්ෂාන් පන්දු 83කට මුහුණදී හතරේ පහර හතරක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 73ක් රැස්කිරීම මත මේ කණ්ඩායමට ලකුණු 216ක් වැනි ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදාවිණි. ලන්කන් කණ්ඩායමේ දමිත් සිල්වා සහ රජීව් වීරසිංහ කඩුලු තුන බැගින් දවාලීමෙන් කලුතරට ලබා ගත හැකිවූයේ ලකුණු 122කි.

කලුතර කණ්ඩායමේ මහේෂ් ප්‍රියදර්ශණ ලකුණු 42කට පිතිකරුවන් පස්දෙනෙකුම දවාලමින් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වීය.

ලන්කන් පන්දුවාර 44.5කදී සියල්ල දැවී 216යි – (ළහිරු දිල්ෂාන් 73, රිසිත් උපමල් 32, දේශාන් ඩයස් 26, දමිත සිල්වා 19, සවන් කංකාන‍මගේ 18, ගීත් කුමාර 16, මහේෂ් ප්‍රියදර්ශණ 42/5, අසන්ත බස්නායක 39/3)

කලුතර නගර කණ්ඩායම පන්දුවාර 35.2කදී සියල්ල දැවී 122යි – (රොමේෂ් නල්ලපෙරුම 32, යමිත උමයංග 18, සෙනල් ද සිල්වා 16, මිෂාර ප්‍රනාන්දු 16, කෙවිඳු සේනාරත්න 12, දමිත් සිල්වා 15/3, රජිව් විරසිංහ 14/3යි)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest