slc
Home   |    News
නොවැම්බර් 2, 2021
කණ්ඩායම් 5 ක් ජය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර් සමාජ මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම් හයක් ජයග්‍රහණ හිමිකරගත් අතර තවත් තරග හතරක් නොපැවැත්විණි. ජයග්‍රහණ අත්කර ගත්තේ මුවර්ස්, ගුවන් හමුදාව, යුද හමුදාව, බදුරලිය, ටැමිල් සහ නාවික හමුදා කණ්ඩායම්ය. අයහපත් කාලගුණය මෙදිනද තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇති වුවත් කණ්ඩායම් කිහිපයකට සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමටද අවස්ථාව උදාවිණි.

රාගම සෙබස්ටියනට්ස් , එස් කැපිටල් – පොලීසිය, සී.සී.සී, කුරුණෑගල යූත් සහ බ්ලූම්ෆීල්ඩ් – කෝල්ට්ස් තරග නොපැවැත්විණි.

ටැමිල් යුනියන්ට ලකුණු 45 ක ජයක්

කටුනායකදී පැවැති මේ තරගයෙන් ටැමිල් කණ්ඩායමට ලකුණු 45ක ජයක් අත්වූයේ අයහපත් කාලගුණය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. ටැමිල් කණ්ඩායමේ හොඳම සබඳතාව වූයේ ආරම්භක කඩුල්ලට නවෝද් පරණවිතාන සහ සංතූෂ් ගුණතිලක පන්දුවාර 15.1කදී එක්කළ ලකුණු 78ය. නවෝද් පරණවිතාන පන්දු 96කදී හතරේ අටක් සමඟ ලකුණු 78ක්ද සංතූෂ් ගුණතිලක 17ක් ද රවිඳු ප්‍රනාන්දු පන්දු 45කදී හයේ පහරක් සමඟ ලකුණු 38ක්ද ලබාගත්හ.

ටැමිල් පන්දු වාර 50දී කඩුලු 9ට 251යි – (නවෝද් පරණවිතාන 78, රවිඳු ප්‍රනාන්දු 38, රමිත් ජයසේන් 28, යොහාන් මෙන්ඩිස් 28, සංතූෂ් ගුණතිලක 17, අවිඳු තීක්ෂණ 45/3)

මේරියන්ස් – පන්දු වාර 36.2කදි කඩුලු 6ට 140යි – (විශ්ව චතුරංග 46, කසුන් විදුර 27, ඉසුරු උදාන 29/2, ප්‍රමෝද් මධුශාන් 17/2)

බදුරලියට ලකුණු 14ක ජය

මග්ගොනදී පැවැති මේ තරගයෙන් බදුරලිය කණ්ඩායමට ලකුණු 14ක ජය අත්විය. බදුරලිය හොඳම සබඳතාවය වූයේ පළමු කඩුල්ලට සඳුන් වීරක්කොඩි සහ අර්ජුන් ෂෙට්ටි පන්දු වාර 11.3කදී එක්කළ ලකුණු 66වේ. බදුරලිය කැපීපෙනුණු පිතිකරුවන් වූ නායක අලංකාර අසලංක ද සිල්වා ලකුණු 38ක්ද ජීවන් මෙන්ඩිස් ලකුණු 38ක්ද සහ සඳුන් වීරක්කොඩිය ලකුණු 35 ක්ද ලබා ගත්හ.

බදුරලිය පන්දු වාර 48කදී සියල්ල දැවී 213 – (අලංකාර අසලංක 38, ජීවන් මෙන්ඩිස් 38, සඳුන් වීරක්කොඩි 35, අර්ජුන් ෂෙට්ටි 32, චලන ද සිල්වා 29/3, චානක රුවන්සිරි 46/3)

ගාල්ල පන්දු වාර 49.1දී 199යි – (චානක රුවන්සිරි 75, යශෝධ ලංකා 44, දිල්ෂාන් උදයංග 25, ජීවන් මෙන්ඩිස් 45/5, අලංකාර ද සිල්වා 29/2)

යුද හමුදාවට කඩුලු පහක ජයග්‍රහණයක්

දොඹගොඩදී පැවැති මේ තරගයෙන් යුද හමුදාව කඩුලු පහකින් ජයගත්තේ තවත් පන්දු වාර 22.3ක් ඉතිරිව තිබියදීය. බී.ආර්.සී කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ට ලබාගත් ලකුණු 153 ට පිළිතුරු ලෙස යුද හමුදාව කඩුලු පහක් පහණක් දැවී ලකුණු 156ක් ලබා ගත්තේ පන්දු වාර 27.3කදීය. යුද හමුදාවේ හිමාෂ ලියනගේ (44යි) සහ අසේල ගුණරත්න (42) සිව්වන කඩුල්ලට ලකුණු 79ක් ලබා ගත්තේ පන්දු වාර 12.1කදීය. හිමාෂ හතරේ තුනක් හා හයේ පහර දෙකක් ද අසේල හතරේ පහක්ද එල්ල කළහ.

බී.ආර්.සී පන්දු වාර 50දී කඩුලු 9ට 153යි – (ශෂින් ප්‍රනාන්දු 35, හිමේෂ  සොලංකි 26, තිලාන් තුෂාර 20, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, අසේල ගුණරත්න 24/4, ගයාන් බණ්ඩාර 33/2යි)

යුද හමුදාව පන්දු වාර 27.3කදී කඩුලු 5ට 156යි – (හිමාෂ ලියනගේ 44, අසේල ගුණරත්න 42, තිසර පෙරේරා නොදැවී 17, මළිඳු ෂෙහාන් 32/2යි)

නාවික හමුදාවට ඩක්වර්ත් ක්‍රමයට ලකුණු දෙකක ජය

වැලිසර දී පැවැති මේ තරගයෙන් නාවික හමුදාව ලකුණු දෙකක ජයක් හිමිකර ගත්තේ අයහපත් කාලගුණය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මතය. මේ තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව පන්දු වාර 49.5කදී සියල්ල දැවී ලබාගත් ලකුණු 200ට පිළිතුරු ලෙස නිගම්බු කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු 7කට ලකුණු 185ක් ලබා සිටියදී අයහපත් කාලගුණය මත තරගය නතර කළ අතර ඩක්වර්ත් ක්‍රමයට නාවික හමුදාවට ජය අත්විය. නාවික හමුදාවේ බුද්ධික මධුෂාන් ලකුණු 45ක්ද (පන්දු 56 හයේ දෙකයි හතරේ පහයි) ඩබ්ලිව් වසන්ත පන්දු 85කදී ලකුණු 44ක්ද (හතරේ තුනයි හයේ පහරයි) රැස්කළහ.

නාවික හමුදාව පන්දු වාර 49.5දී සියල්ල දැවී 200යි – (බුද්ධික මධුෂාන් 45, ඩබ්ලිව් වසන්ත 44, තුෂාර සමරකෝන් 37, පසිඳු උස්හෙට්ටිගේ 41/3, උපුල් ඉන්ද්‍රවසිරි 28/2)

නිගම්බු පන්දු වාර 48දී කඩුලු 7ට 185යි – (ඇන්ජලෝ ජයසිංහ 72, අෂේන් සිල්වා 25, රොස්කො තටිල් 20, දිලංක අවුවාඩ් 26/3, පසිඳු මධුශාන් 19/2)

ගුවන් හමුදාව ඩක්වර්ත් ක්‍රමයට ලකුණු 39කින් ජයගනියි

කටුනායකදී පැවැති මේ තරගයේදී ගුවන් හමුදාවේ දුලාංජන මෙන්ඩිස් තුන් ඉරිව්වේම දක්ෂතා දැක්වීමට සමත්විය. කලුතර නගර කණ්ඩායම ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යද්දී අයහපත් කාලගුණය හරස්වීමෙන් ගුවන් හමුදාවට ජය ලැබීමට සිදුවූයේ ඩක්වර්ත් ක්‍රමයටය.

ගුවන් හමුදාව පන්දු වාර 50දී කඩුලු 9ට 167 – (දිල්හාන් කුරේ 36, ළසඳ රුක්මාල් 24, දුලාංජන මෙන්ඩිස් 28, සෙනල් ද සිල්වා 30/3, මහේෂ් ප්‍රියදර්ශන 25/3)

කලුතර නගර කණ්ඩායම පන්දු වාර 34.2කදී කඩුලු 7ට 95යි – (දිනෙත් මුණසිංහගේ නොදැවී 30, මහේෂ් ප්‍රියදර්ශන 22, අසන්ත බස්නායක 12, ගයාන් සිරිසෝම 17/2, දුලාංජව මෙන්ඩිස් 24/3)

මුවර්ස් කණ්ඩායම කඩුලු 7කින් ජය ලැබීය.

කැන්ඩි කස්ටම් පන්දු වාර 39.1කදී ලබාගත් ලකුණු 139ට පිළිතුරු ලෙස මුවර්ස් කණ්ඩායම පන්දුවාර 30.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 140ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය. මුවර්ස් කණ්ඩායමේ පබසර වඩුගේ පන්දු 73කදී ලකුණු 71ක් ලබාගත්තේ හතරේ හතරක් හයේ පහරක් සමඟය.

කැන්ඩි කස්ටම් පන්දු වාර 39.1දී 139යි – ( හසිත් නිර්මාල් 53, දුෂාන් විමුක්ති 25/3, අයන සිරිවර්ධන 20/3)

මුවර්ස් පන්දු වාර 30.1කදී කඩුලු 3ට 140යි – (පබසර වඩුගේ 71, දුෂාන් විමුක්ති නොදැවී 44, සම්පත් පෙරේරා 22/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest