slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2021
කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය 27th Investments සමාගමට

sinhala editor

දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 අතර ප්‍රධාන තැනක් හිමි කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය 27th Investments සමාගම විසින් අත්පත්  කරගෙන තිබේ.

දෙවැනි වරටත් මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, කොළඹ කණ්ඩායමේ සියලු මෙහෙයුම් කටයුතු 27th  Investments ආයතනය විසින් සිදු කරනු ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ වේගයෙන් වර්ධනය ආයෝජන සමාගමක් වන 27th Investments සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් අනිල් දමානි මහතා කටයුතු කරයි. ආයෝජනයේ පුමුඛ ආයතනයක් වන 27th Investments විවිධ හිමිකම් ඇති ආයතන කීපයකම කළමනාකරණ කටයුතු සිදුකරනු ලබයි.ඔවුන්ගේ මූලික ආයෝජනයන් සමහරක් අතර වාණිජ දේපළ වෙළෙඳාම්, ආපනශාලා සහ විනෝදාශ්වාදය ප්‍රධාන තැනක් ගනු ලබයි.

දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත LPL දෙවැනි තරගාවලියට සම්බන්ධවීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වා සිටින 27th Investments හි හිමිකරු අනිල් දමානි මහතා, “කොළඹ කණ්ඩායමේ හිමිකරු ලෙසින් තරගාවලියට පිවිසීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු පසුගිය තරග වාරයේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ තරගාවලියක් වන අතර එයට සම්බන්ධවීමට ලැබීම ගැන මා සතුටට පත්වනවා” යනුවෙනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින දමානි මහතා, කොළඹ කණ්ඩායම ලොව හොඳම විස්සයි-20 ලීග් කණ්ඩායමක් බවට පත් කිරීමට තමා උනන්දුවෙන් බලා සිටින බව සඳහන් කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියට පැමිණි නව කණ්ඩායම් හිමිකරු පිළිගනිමින් අදහස් දක්වා සිටින එම තරගාවලියේ නිල ප්‍රවර්ධක ආයතනය වන IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, “27th Investments හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා වන අනිල් දමානි මහතා පිළිගැනීමට ලැබීම මට මහත් ගෞරවයක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ඇල්ම සහ ආශාව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉහළ නංවන බවත්, කොළඹ තරගාවලියේ රසික අනුගාමිකත්වය වැඩි කිරීමටත් හේතුවනු ඇති බව මට විශ්වාසයි” යනුවෙනි.

2020 වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන ලද ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියේ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය, ඩිජිටල්  මාධ්‍ය ජාලා ඔස්සේ එය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය. ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන ලද  My11Circle ආයතනයේ සන්නාමයට ලැබුණු මාධ්‍ය ආවරණයේ අගය මිලියන 54.5 ක අගයකි. එම අගැයුම් වාර්තාවට අනුව පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායමට ඩොලර් මිලියන 3.98 ක මාධ්‍ය ආවරණ වටිනාමක්ද, ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඩොලර් මිලියන 3.82 ක්ද, දඹුල්ල පිල ඩොලර් මිලියන 3.54 ක් ද, කලම්බු කිංග්ස් පිල ඩොලර් මිලියන 3.44 ක්ද සහ මහනුවර කණ්ඩායම ඩොලර් මිලියන 3.19 ක වටිනා කමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබාගැනීමට සමත්ව සිටිති.

අභිනව තරගාවලියේ විකාශන කටයුතු Sky Sports, Sony Sports Network, Geo, PTV, සහ ශ්‍රී ලංකාවේ Willow ටීවී හරහා ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල මිලියන 155 ක ජනතාවට නැරඹීමට අවස්ථාව හිමිවිය. එපමණක් නොව සමාජ මාධ්‍යයන් තුළ එය මිලියන 218 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත ළඟා විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar