slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2021
පාකිස්තානු ‘ඒ’ පිල එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද (නොවැම්බර් 11) සමත්විය.

පාකස්තානු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32.3 කදී ලකුණු 102 කට සීමා කිරීමට සංචාරක පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 34 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී සහන් ආරච්චිගේ ලකුණු 23 ක් ලබා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ම ලකුණු 19 ක් තුළදී බිඳ වැටුණු අතර පස්වැනි කඩුල්ලට එක් වූ නායක කමිඳු සහ සහන් ලකුණු 50 ක් සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී කැපී පෙනෙනු අබ්බාස් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගනිද්දී කුරාම් ශේසාඩ් සහ නසීම් ෂා පිළිවෙළින් කඩුලු 3 සහ 2 බැගින් බිඳ හෙළූහ.

ඉලක්කය හඹා යෑමේදී පාකිස්තානු ඉනිමේ කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් අභියෝගයක් එල්ල කිරීමට තරම් ලකුණු සංඛ්‍යාවක් නොවූ හෙයින් කලබලයකින් තොරව ප්‍රතිවාදී පිතිකරුවෝ 22 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඉලක්කය සපුරා ගත්හ. කඩුලු 4 ක් පමණක් පන්දු යවන්නන් හමුවේ ලබා දුන් පාකිස්තානු ඉනිම වෙනුවෙන් ඔමයිර් යුසුෆ් ලකුණු 38 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා වූවේය.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 102 යි – (කමිඳු මෙන්ඩිස් 34, සහන් ආරච්චිගේ 23, කලන පෙරේරා 12, අබ්බාස් අෆ්රිඩි 30/4, කුරාම් ශේසාඩ් 19/3, නසීම් ෂා 26/2)

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21.2 කදී කඩුලු 4 කට ලකුණු 103 යි – (ඔමේර් යුසුෆ් 38, අබ්දුල්ලා ශෆික් 15, අගා සල්මන් 12, මොහොමඩ් තහා 19*, අෂේන් ඩැනියෙල් 30/2, පුලින තරංග 19/1, ළහිරු සමරකෝන් 12/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee