slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2021
යුද හමුදාව සහ නිගම්බු ජයග්‍රහණ අත්කර ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (නොවැම්බර් 6) පැවැති තරග අතුරින් යුද හමුදාව සහ නිගම්බු කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

යුද හමුදාව කඩුලු හතකින් කුරුණෑගල යූත් පරාජය කළ අතර නිගම්බු සහ ගුවන් හමුදාව අතර තියුණු තරගයකින් පසුව නිගම්බු ජය ලැබුවේ ලකුණු එකොළහකිනි.

විසඳුමකින් තොරව නිමවූ තරග වූයේ මුවර්ස් – නාවික හමුදාව, බදුරලිය – බ්ලුම්ෆීල්ඩ් සහ පොලීසිය – ගාල්ල අතර තරගය.නොපැවැත්වූ තරග වූයේ ටැමිල් – එස්.එස්.සී, බී.ආර්.සී – කලුතර නගර, සෙබස්ටියනයිට්ස් – හලාවත මේරියන්ස් අතර තරග වේ.

යුද හමුදාව – කුරුණෑගල යූත් සහ නිගම්බු – ගුවන් හමුදා තරග හැරුණුවිට සෙස සියලු තරගවලට අයහපත් කාලගුණයෙන් දැඩිලෙස බලපෑහ.

යුද හමුදාව – කුරුණෑගල යූත්

යුද හමුදාව කඩුලු 7කින් ජයගනී.

යුද හමුදාව ‍මේ තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු 206ක්ම ඉතිරිව තිබියදීය.

යුද හමුදාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම කුරුණෑගල යූත්ට පැවරූ අතර පන්දු වාර 45කට සීමාවූ මේ තරගයේදී ඔවුන් පන්දු වාර 27.4කදී ලබාගත් ලකුණු 77ට පිළිතුරු ලෙස යුද හමුදාව පන්දු වාර 10.4කදී කඩුලු තුනකට ලකුණු 78ක් ලබා මේ පහසු ජය අත්කර ගත්තේය.

කුරුණෑගල යුත් කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය 2.78ක් වූ අතර ඔවුනගේ සම්පූර්ණ ඉනිමට අයත් වූයේ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් පමණකි. යුද හමුදාවේ ලකුණු රැස් කිරීමේ වේගය 7.3ක් වැනි ඉහළ මට්ටමක පැවැතිණි. යුද හමුදා සිව්වන කඩුල්ලට අසේල ගුණරත්න (නොදැවී ලකුණු 25ක්ද)  හිමාෂ ලියනගේ (නොදැවී 21) පන්දු වාර 5.4කදී නොදැවී එක්කළ ලකුණු සංඛ්‍යාව 50කි. අසේල පන්දු 21කදී හතරේ දෙකක් සහ හයේ පහරක්ද හිමාෂ පන්දු 18කදී හයේ පහරක්ද එල්ල කළහ.

කුරුණෑගල යූත් පන්දු වාර 27.4කදී 77යි (සමීර සඳමාල් 31, ගයාන් මනීෂාන් 09, හෙෂාන් හෙට්ටිආරච්චි 10/2, ගයාන් බණ්ඩාර 16/2, තුලින දිල්ෂාන් 7/2, සීක්කුගේ ප්‍රසන්න 26/2)

යුද හමුදාව පන්දු වාර 10.4කදී කඩුලු 3ට 78 – (අසේල ගුණරත්න නොදැවී 25, හිමාෂ ලියනගේ නොදැවී 21, අෂාන් රන්දික 19, ළහිරු ජයරත්න 32/3)

නිගම්බු – ගුවන් හමුදාව

නිගම්බු ලකුණු 11කින් ජයගනී.

නිගම්බු කණ්ඩායමේ මාධව වර්ණපුර පන්දුවට පහරදීමේ දී ලකුණු 35ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 15කට කඩුලු දෙකක් දවාලමින් මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

වර්ණපුර සහ උපුල් ඉන්ද්‍රසිරි නිගම්බු හත්වන කඩුල්ලට පන්දුවාර 13.2කදී ලකුණු 50ක් එක්කළහ. මාධව පන්දු 58කට මුහුණදී හයේ පහරක්ද උපුල් පන්දු 43කට මුහුණදී හතරේ පහර දෙකක්ද එල්ල කළහ.

ගුවන් හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූයේ සමීන් කඳනආරච්චි (ලකුණු 23යි පන්දු 35 හතරේ පහරයි) සහ දිල්හාන් කුරේය. (ලකුණු 22යි පන්දු 39යි හතරේ පහරයි) මීට අමතරව නායක කෙමිර විජේනායක පන්දු 62කට මුහුණදී ලකුණු 18ක් ලැබීය.

නිගම්බු පන්දුවාර 42කදී කඩුලු 8ට 137යි – (මාධව වර්ණපුර 35, උපුල් ඉන්ද්‍රසිරි 23, දිල්ෂාන් මුනවීර 18, දුලාංජන් මෙන්ඩිස් 19/2, අසන්ත සිංගප්පුලි 22/2, ළසඳ රුක්මාල් 33/2)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පන්දු  38.5දී 126යි – (සමීන් කඳනආරච්චි 23, දිල්හාන් කුරේ 22, කෙමිර විජේනායක 18, ළසඳ රුක්මාල් නොදැවී 10, මාධව වර්ණපුර 15/2, පසිඳු උස්හෙට්ටිගේ 25/2)

පොලීසිය – ගාල්ල තරගයේ විසඳුමක් නෑ.

පන්දු වාර 25කට සීමාවූ මේ තරගයේදී පොලීසිය කඩුලු අටකට ලබාගත් ලකුණු 141කට පිළිතුරු ලෙස ගාල්ල පන්දුවාර 18.2කදී කඩුලු 2කට ලකුණු 118ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දුන්නද අයහපත් කාලගුණය මත මේ තරගය නිමවූයේ විසඳුමකින් තොර තරගයක් ලෙසිනි.

ගාල්ල තෙවන කඩුල්ලට චානක රුවන්සිරි නොදැවී ලකුණු 48ක්ද (පන්දු 39යි හතරේ පහරයි හයේ දෙකයි) රවීන් යසස් නොදැවී ලකුණු 21ක්ද ලබා පන්දු වාර 13.2කදී නොදැවී තැබූ සබඳතාවය 81කි. පොලීසියේ තිලකරත්න සම්පත් ලකුණු 42ක් රැස්කළේ පන්දු 44කදී හයේ පහරක් හතරේ හතරක් සමඟය.

පොලීසිය පන්දු වාර 25දී කඩුලු 8ට 141යි – (තිලකරත්න සම්පත් 42, චතුරංග කුමාර නොදැවී 29, අසේල සිගේරා 14, චාමර සිල්වා 13, චතුර ලක්ෂාන් 25/3යි)

ගාල්ල පන්දු වාර 18.2කදී කඩුලු 2ට 118 – (යශෝධ ලංකා 23, චානක රුවන්සිරි නොදැවී 48, රවීන් යසස් නොදැවී 21, නලින් ප්‍රියදර්ශණ 18/1, ළහිරු දියන්ත 23/1යි)

මුවර්ස් – නාවික හමුදා තරගයේ විසඳුමක් නෑ

වැලිසරදී පැවැති මේ තරගය පන්දු වාර 36කට සීමාවූ අතර මුවර්ස් කණ්ඩායම පන්දුවාර 16.2කදී කඩුල්ලකට ලකුණු 85ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නතර කැරිණි. මුවර්ස් නායක පබසර වඩුගේ පන්දු 43කට මුහුණදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ නොදැවී 37ක්ද, කවිඳු කුලසේකර පන්දු 41කදී හතරේ පහරක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 29ක් ලබා සිටියහ. මොවුන් දෙදෙනාගේ දෙවන කඩුල්ලේ නොදැවුණු සබඳතාව පන්දු වාර 11.5කදී 71කි.

මුවර්ස් පන්දු වාර 16.1කදී කඩුල්ලකට 85යි – (පබසර වඩුගේ නොදැවී 37, කවිඳු කුලසේකර නොදැවී 29, අනුක් ප්‍රනාන්දු 20/1යි)

බදුරලිය – බ්ලූම්ෆීල්ඩ් තරගයේ විසඳුමක් නෑ

මග්ගොනදී පැවැති මේ තරගයේදී බදුරලිය කණ්ඩායමේ අර්ජුන් ෂොට්ටි පන්දු 56කදී හතරේ පහරක් හයේ පහරක් සමඟ ලකුණු 40ක් ද නායක අලංකාර අසංක පන්දු 18කදී හතරේ හතරක් සමඟ ලකුණු 28ක්ද මිතර තේනුවර නොදැවී 26ක්ද (පන්දු 24යි හතරේ තුනයි) රැස් කළහ.

බදුරලිය පන්දුවාර 31.5කදී 164යි – (අර්ජුන් ෂෙට්ටි 40, අලංකාර අසංක 28, මිතිර තෙනුර නොදැවී 26, මිෂේන් සිල්වා 46/2, මධුක ලියනපතිරගේ 13/2යි)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar