slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
යොවුන් පිලේ නායකත්වය යළිත් වෙල්ලාලගේට

sinhala editor

එංගලන්ත අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව හෙට (නොවැම්බර් 30) සිට පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස යළිත් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පත් කර තිබේ. වමතින් දඟ පන්දු යවන දුනිත් මරදාන ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන්නේය.

තරග 5 කින් සමන්විත මෙම තරගාවලියට උප නායකයා ලෙසින් කොළඹ නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා පත් කර තිබේ. 2022 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා හෙටින් ඇරඹෙන තරගාවලිය පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියලුමතරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සියලුම තරග සජීවීව විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. හෙට තරගය හැරුණු කොට දෙසැම්බර් 3, 5, 8 සහ 10 යන දිනයන්හි සෙසු තරග 4 පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිල – දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා (උප නායක), ෂෙවෝන් ඩැනියල්, අංජල බණ්ඩාර, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, සදීෂ් ජයවර්ධන, වනුජ සහන්, රනුද සෝමරත්න, මල්ෂ තරුපති, අභිෂේක් ලියනාරච්චි, ට්‍රෙවීන් මැතිව්, සසංක නිර්මාල, දනාල් හේමානන්ද, යසිරු රොද්‍රගෝ, මතීෂ පතිරණ, චමිඳු වික්‍රමසිංහ, ළහිරු අබේසිංහ, විනුජ රන්පුල්, සකුන ලියනගේ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee