slc
Home   |    News
නොවැම්බර් 14, 2021
රාගම අවසන් පන්දුවේදී ජය ගනියි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (13) පැවැති තරග අතුරින් එන්.සී.සී සහ නිගම්බු අතර තරගය කණ්ඩායම් දෙකම සම ලකුණු (195 බැගින්) රැස්කිරීම මත එය සමවූ තරගයක් ලෙස නම් කැරිණි. මීට අමතරව රාගම සහ සරසන්ස් අතර තරගයේ අවසාන පන්දුවේදී රාගම කණ්ඩායම කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් අත්කර ගැනීම කැපී පෙනුණි.

මෙදින පැවැති තරග හතරේදී ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීමට සමත්වීමද විශේෂත්වයකි.

යුද හමුදා – ලන්කන් තරගයෙන් යුද හමුදාව කඩුලු 7කින්ද , නාවික හමුදාව සහ කැන්ඩි කස්ටම් තරගයෙන් නාවික හමුදාව ලකුණු 24කින්ද  ජය අත්කර ගත්තේය.

යුද හමුදාව කඩුලු 7 ක ජයක් 

යුද හමුදා ක්‍රීඩාංගණයේදී පන්දුවාර 45කට සීමාව පැවැති මෙම තරගයෙන් යුද හමුදාව කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ තවත් පන්දුවාර 20.2ක්ම ඉතිරිව තිබියදීය. යුද හමුදා සිව්වන කඩුල්ලට හිමාෂ ලියනගේ නොදැවී ලකුණු 55ක්ද අසේල ගුණරත්න නොදැවී ලකුණු 23ක්ද රැස්කරමින් ලකුණු 69ක සබඳතාවයක් තබාගත්තේ පන්දු වාර 13.1කදීය. හිමාෂ ලියනගේ පන්දු 62කදී හතරේ පහක් හයේ පහරක් සමඟ නොදැවී 55ක්ද අෂාන් රන්දික පන්දු 35කදී හතරේ හතරක් සමඟ ලකුණු 34ක්ද ලැබූහ.

ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 44.5කදී සියල්ල දැවී 128– (ළහිරු දිල්ෂාන් 32, ගීත් කුමාර 29, දමිත සිල්වා 27, සීක්කුගේ ප්‍රසන්න 22/3, අසේල ගුණරත්න 24/2, ගයාන් බණ්ඩාර 31/2)

යුද හමුදාව පන්දු වාර 24.4කදී කඩුලු 3ට 130යි – (හිමාෂ ලියනගේ නොදැවී 55, අෂාන් රන්දික 34, අසේල ගුණරත්න නොදැවී 23, කසුන් මධුශංක 30/2)

නාවික හමුදාව ලකුණු 24කින් ජයක් 

වැලිසරදී පැවැති මේ තරගයෙන් නාවික හමුදාව ජය ගත්තේ ලකුණු 24කිනි. නාවික හමුදාවේ පසිඳු මධුෂාන් සහ කැන්ඩි කස්ටම් කණ්ඩායමේ රවීන්ද්‍ර කරුණාරත්න කඩුලු හතර බැගින් දවාලීම මේ තරගයේ විශේෂත්වයකි.

නාවික හමුදා කණ්ඩායමේ නායක තුෂාර සමරකෝන් ලකුණු 50ක්ද (පන්දු 83යි හතරේ දෙකයි) සහ සහන් කෝසල ලකුණු 37ක්ද (පන්දු 42යි හතරේ දෙකයි හයේ පහරයි) වැඩිම ලකුණු ලැබූහ. මොවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 71ක් රැස්කළේ පන්දුවාර 14.5කදීය.

නාවික හමුදාව පන්දුවාර 50දී සියල්ල දැවී 197යි – (තුෂාර සමරකෝන් 50, සහන් කෝසල 37, අනුක් ප්‍රනාන්දු 21, අරවින්ද අකුරුගොඩ 20, රවින්ද්‍ර කරුණාරත්න 30/4, සම්පත් පෙරේරා 36/2)

කැන්ඩි කස්ටම් පන්දුවාර 48.3කදී සියල්ල දැවී 173යි – (චානක විජේසිංහ 58, හසිත නිර්මාල් 26, රවින්ද්‍ර කරුණාරත්න 21, පසිඳු මධුෂාන් 28/4)

රාගමට තියුණු ජයක්

කරටකර පැවැති තියුණු තරගයකින් පසුව රාගම කණ්ඩායම මේ තරගයේ අවසාන පන්දුවේදී ජයගත්තේ කඩුල්ලකිනි. රාගම කණ්ඩායමේ නායක ඉෂාන් ජයරත්න ලකුණු 27කට කඩුලු දෙකක් ලබා පසුව ලකුණු 24ක් රැස්කරමින්ද එම කණ්ඩායමේම ජනිත් ලියනගේ ලකුණු 27කට කඩුලු තුනක් ලබා පසුව ලකුණු 27ක් රැස්කරමින්ද තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූහ.  සරසන්ස් නායක ප්‍රමෝද් මධුවන්ත පන්දු 84කට මුහුණදී හතරේ හතරක් සමඟ ලකුණු 46ක් ලබා තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

සරසන්ස් පන්දුවාර 42දී  සියල්ල දැවී 162යි – (ප්‍රමෝද් මධුවන්ත 46, නවිඳු විතානගේ 32, කවීෂ කහතුඩුවආරච්චි 16, ජනිත් ලියනගේ 27/3, ඉෂාන් ජයරත්න 27/2)

රාගම පන්දුවාර 42දී කඩුලු 9ට 163යි – ( ජනිත් ලියනගේ 27, සමිඳ ප්‍රනාන්දු 27, ඉෂාන් ජයරත්න 24, දිනේෂ් තිමෝද්‍ය 22, සුපේසල ජයතිලක 22, ප්‍රමෝද් මධුවන්ත 18/2, අකාෂ් සේනාරත්න 26/2, සඳුන් මෙන්ඩිස් 30/2)

දෙපිළම 195 යි 

මේ කණ්ඩායම් දෙකේම පිතිකරුවරන් සියල්ල ලකුණු 195 බැගින් ලබා සිටින විට සියලු පිතිකරුවන් දැවී ලකුණු සමවී තරගයද සමවිණි. එන්.සී.සී කණ්ඩායමේ නායකත්වය දැරූ චතුරංග ද සිල්වාත් නිගම්බු කණ්ඩායමේ දිල්ෂාන් මුනවීරත් පන්දුවට පහරදීමේදී සහ පන්දු යැවීමේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූහ. මීට අමතරව නිගම්බු කණ්ඩායමේ පසිඳු උස්හෙට්ටිගේ ලකුණු 39කට එන්.සී.සී පිතිකරුවන් පස්දෙනෙකුම දවාලීය. එන්.සී.සී පළමු කඩුල්ලට හසිත බෝයගොඩ සහ යුගීෂ දිෂාන් මුල් විකට්ටුවට පන්දුවාර 16.2කදී එක්කළ ලකුණු ප්‍රමාණය 69කි.

එන්.සී.සී පන්දුවාර 43.1කදී සියල්ල දැවී 195 යි – (හසිත බෝයගොඩ 43, නවීන් බණ්ඩාර 37, අහන් වික්‍රමසිංහ 28, චතුරංග ද සිල්වා 22, පසිඳු උස්හෙට්ටිගේ 39/5යි, දිල්ෂාන් මුනවීර 37/3යි)

නිගම්බු පන්දුවාර 42.3දී සියල්ල දැවී 195යි – (මොහොමඩ් මොෂින් 33, දිල්ෂාන් මුනවීර 28, ඇන්ජලෝ ජයසිංහ 28, පසිඳු ලක්සංක 25, චතුරංග ද සිල්වා 41/3, යුගීෂ දිෂාන් 32/3, කවිඳු ඊස්වර 24/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest