slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2021
ලෝක වාර්තාවක් පිහිටවූ රංජන් මඩුගල්ලේ LPL දෙවැන්නෙත් වැඩ භාර ගනියි

sinhala editor

දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද අභිනව තරගාවලියේ පරිදිම ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා දෙවැනි LPL – 2021 තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිය ටෙස්ට් තරග දිවියේ 200 වැනි තරගය බවට පත් කර ගත් මඩුගල්ලේ මහතාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාද තරග විනිසුරුවරයෙක් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත. ලොව පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි අතරට එක්වූ නවතම තරගාවලිය බවට පත්ව තිබෙන එල්.පී.එල්. තරගාවලියේදී මොවුන් දෙපළ අඛණ්ඩවම කටයුතු කරන දෙවැනි අවස්ථාව ලෙසින් මෙ තරගාවලිය සටහන් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 18 කට ක්‍රීඩා කර ඇති ඒ මඩුගල්ලේ මහතා ක්‍රීඩාවට සමුදීමට පෙර ටෙස්ට් තරග 2 කදී ශ්‍රී ලංකාව මෙහෙයවමින් සිව්වැනි ටෙස්ට් නායකයා බවට පත්ව සිටියි. 1993 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙස කටයුතු ආරම්භ කර ඇති මඩුගල්ලේ මහතාගේ පළමු පැවරුම වූයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වේ. එදා සිට මේ දක්වාම සිය තරග තීරක දිවියේ කටයුතු කල මඩුගල්ලේ මහතා, මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක කුසලාන තරගාවලි 4 ක (1999, 2003, 2015 සහ 2019), ශූරයන්ගේ කුසලාන තුනක (2004, 2006 සහ 2013), විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි හතරක (2007, 2010, 2016 සහ 2021) අවසන් මහ තරගවල තීරකවරයා ලෙස කටයුතු කර තිබේ.

මඩුගල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නිලධාරී මඩුල්ලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේම තරග තීරකවරුන් දෙපළක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්‍රෝයි සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි යන මහත්වරුද එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. එම තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වල තීරකවරයෙකු ලෙසින් කටයුතු කරනු ලබන මනෝජ් මෙන්ඩිස් මහතාද ඇතුළත්ව සිටියි.

2012 සහ 2018 වර්ෂවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට පිදෙන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලාන දිනා ගැනීමට සමත්ව සිටින කුමර් ධර්මසේන මහතා, විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු එල්.පී.එල්. විනිසුරු මණ්ඩලයට එකතුව සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන්ද ඇතුළත් එම කමිටුවේ පළමු පෙළ තරග විනිශ්චයේ නියැළෙන විනිසුරුවන් කීප දෙනෙකුටද අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි එල්.පී.එල්. තරගාවලියේ කටයුතු කරනු ලබන දේශීය විනිසුරුවෝ වෙති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. මූලික වටයේ තරග 20 කොළඹදීද අවසන් වටයේ තරග හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee