slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2021
ශ්‍රී ලංකාව නොසිතූ ඉරණමකට මුහුණ දෙයි

sinhala editor

ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැරුණු විට මැද පෙළින් සහ පසු පෙළින් පන්දුවට පහර දීමට පැමිණි කිසිවකුට බටහිර ඉන්දීය කොදෙව් පිලේ දඟ පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා විය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 දා) අයහපත් කාලගුණය නිසා තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් පිල කඩුල්ලක් දැවී ලකුණු 69 ක් ලබා සිටියි.

ප.ව. 2.10 වන විට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය නිමා කරන ලද නමුත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාවෙහි වෙනසක් නොවූ හෙයින් තරගය ප.ව. 4.20 ට දෙවැනි දිනට නතර කර දැමීමට ලියවර ගැනිණ.

පළමු දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයේ කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබමින් ප්‍රභල ස්ථානයක සිටි ශ්‍රී ලංකාවට කොදෙව් දඟ  පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 65 ක් පමණි. වීරසාමි පෙරුමාල් කඩුලු 5 ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් දවා ගැනීම නිසා ශ්‍රී ලංකා පිල නොසිතූ අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය.

පෙරුමාල් විසින් දක්වන ලද දක්ෂතාවය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය. මීට පෙර ඔහු 2012 වසරේදී බංග්ලාදේශයේදී ලකුණු 32 කදී දවා ගන්නා ලද කඩුලු 3 ඔහුගේ හොඳම පන්දු යැවීම විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශතක සම්බන්ධතාවයක් පවත්වමින් කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද ශ්‍රී ලංකා පිල අද දැවී ගිය ලකුණු 204 සටහන් විය. පන්දු 148 කට මුහුණ දුන් නිස්සංක සිය ලකුණු 73 ක ඉනිම සඳහා හතරේ පහර 5 ක් සහ හයේ පහරක් එල්ල කළේය. මංගල ටෙස්ට් තරගයට සහභාගිවුණු චරිත් අසලංකට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ආබාධ්‍යකින් පසු ක්‍රීඩාගාරය වෙත ගිය ඇන්ජලෝ මැතිව්ස් 8 වැනි කඩුල්ල බිඳ වැටීමත් සමග නැවත පන්දුවට පහර දීමට පැමිණි නමුත් ලකුණු 200 සීමාවට රැගෙන ඒම හැරෙණු විට වැඩි යමක් සිදුකිරීමට අපොහොසත් වූවේය. හෙට තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar