slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2021
ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ හිස ඔසවති

sinhala editor

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වූහ. සමස්ථ තරගයේ වැඩි කාලයක් වර්ෂාවට සේදී යෑම නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

සිව්වැනි සහ අවසන් දිනය වූ ඔක්තෝබර් 31 වැනිදා තරගය නිමාවට පත් කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියේය. අවසන් හෝරාව එළැඹෙත්ම ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු 98 කට දැවී යෑමත් සමඟ දෙපිළේ නායකයින්ගේ එකඟතාවය මත තරගය නතර කර දැමීය.

වේගවත් පිතිහරඹයක නියැළි කමිල් මිශාර තම ඉනිම සඳහා පන්දු 97 ක් පමණක් වැය කළ අතර ඊට හතරේ පහර 19 ක් එල්ල කළේය. ඔහු සමඟ ඉනිම ඇරැඹි ළහිරු උදාර ලකුණු 28 ක් ලබා සිටියදී දැවී ගියේය. මිශාර දැවී යන විට කඩුල්ලේ රැඳී සිටි ඕෂද ප්‍රනාන්දු ලකුණු 18 ක් රැස් කරගෙන සිටියේය.

එක් කඩුල්ලකට ලකුණු 187 ක්ව තිබියදී සිව්වැනි දිනය ඇරැඹූ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සිව්වැනි දිනයේදී ලකුණු 324 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගත්තේ තවත් කඩුල්ලක් පමණක් ලබා දෙමිනි. පාකිස්තානු පිල වෙනුවෙන් නායක සවුද් ශකීල් ලකුණු 118 ක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට පන්දු 223 කට මුහුණ දු් ශකීල් හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණේය. ඔහුට අමතරව ඔමායිර් යුසුෆ් (93) සහ කම්රන් ගුලාම් (58) අර්ධ ශතක රැස් කරමින් පාකිස්තානු ලකුණු පුවරුව පෝෂණය කළහ. පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහාය ශ්‍රී ලංකා නායකයා අපේක්ෂා කළද ඉනි කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූයේ අසිත ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය පමණි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි සිව්දින තරගය ලබන 04 වැනිදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest