slc
Home   |    News
නොවැම්බර් 23, 2021
සත්කාරකයින්ගේ බලාපොරොත්තු කෝන්වෝල් ඈතට රැගෙන යයි

sinhala editor

Chamila Karawita reporting from Galle

අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.

සුරංග ලක්මාල් යැවූ 80 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී කෝන් වෝල්ගේ ඉනිම ලකුණු 39 කදී හමාර වුවත් තරගයද නවතා දැමීමට සිදුවූයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසාය. එම අවස්ථාවේ සංචාරකයින්ගේ ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 224 ක් ලෙසින් සටහන්ව තිබුණත් සත්කාරකයෝ ලකුණු 162 පරතරයකින් පෙරමුණ ගෙන සිටිති. වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ නවතා දමන විට තෙවැනි දිනට තවත් පන්දුවාර 52 ක් යවා අවසන් කළ යුතු වේ.

කෝන්වෝල් පිටියට පැමිණීමට පෙර හත්වැනි කඩුල්ලට එක් වූ ජේසන් හෝල්ඩර් සහ කයිල් මේයර්ස් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවධානමෙන් සිය කණ්ඩායම මුදවා ගැනීමේ මූලික මෙහෙයුම සිදුකළහ.

දිමුත් කරුණාරත්නගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා එම සම්බන්ධතාවය බිඳ වැටිණ. දිනයේ බිඳ වැටුණු පළමු කඩුල්ල වූයේ ලකුණු 45 ක් ලබා සිටි කයිල් මේයර්ය. එම කඩුල්ල කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් සිය නුහුරු අතට පනිමින් ශ්‍රී ලංකා නායකයා රැක ගත් උඩ පන්දුව අග්‍රගන්‍යයේ විය. දිනෙන් දින දියුණුවෙන් දියුණුව කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ වූ උනන්දුව, ඒ හරහා ලබා සිටින වර්ධනය කෙතරම්ද යන්න එම උඩ පන්දු රැකීමෙන් මොනවට පිළිබිඹු විය.

තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලෙන් කැපී පෙනුණු පළමුවැනි අවස්ථාව ලෙස එම උඩ පන්දු රැකීම සටහන්විය. ඊට පසු කැපී පෙනුණේ ජේසන් හෝල්ඩර් දවා ගැනීම වෙනුවෙන් දුෂ්මන්ත චමීර ගුවනට පැණ රැක ගත් උඩ පන්දුව විය. දඟ පන්දු යවන්නන්ගේ අමතර ඉපිලීමකින් යුතු පන්දු හමුවේ මෙම කඩුලු 2 දැවී යෑමද කැපී පෙනිණ.

දැවී ගිය කඩුලු 2 ම අනපේක්ෂිත ඉපිලීමකින් යුතු පන්දු හමුවේ දැවී ගියා විනා වැටී තිබුණු තැනින් නැගී සිටීම එකම අරමුණ බවට පත්වී තිබුණු කොදෙව් පසු පෙළ පිතිකරුවන් එකම දුර්වල පහරක් එල්ල නොකිරීමට වග බලා ගත්හ.

කඩුලු අතර දිව යෑමට මැළිතාවයක් දැක්වන කෝන්වෝල්ගේ ඉනිම ප්‍රහාරාත්මක එකකි. ලකුණු 39 සඳහා  පන්දු 58 ක් වැය කළ කෝන්වෝල් හතරේ පහර 5 ක් සහ හයේ පහරකින් සිය ඉනිම පුරවා ගත්තේය. දඟ පන්දු යවන්නන් හමුවේ ප්‍රහාරාත්මක පිතිහරඹයක් පවත්වාගෙන ඒම නිසා කෝන්වෝල්ව නවතා ලීම අරමුණු කොට පරණ පන්දුවෙන් පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා නායකයා වේග පන්දු යවන්නන් කැඳෙව්වේය. එහිදී සාර්ථක වුණු සුරංග ලක්මාල් කෝන්වෝල් දවා ගත්තේය.  

දෙවැනි දිනට සාපේක්ෂව තරමක වේගයෙන් පන්දුවට පහර දුන් හෝල්ඩර් සහ මේයර්ස් දුර්වල පන්දු හමුවේ පහර එල්ල කිරීමට නොපැකිළිණ. තියුණු ලෙසින් දඟ කැවෙන තණතීරුවේදී වඩාත් උපායශීලී වූ ජේසන්-මේයර් යුගල පහර එල්ල කිරීමේදී දඟ කැවීමට පෙර හෝ පන්දුවේ දඟ කැවීම අවසන් අවස්ථාව වන තෙක් සිට පහර එල්ල කළහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හිස රදයක් බවට පත්ව සිටින ජොෂුවා දා සිල්වා පන්දු 70 කට මුහුණ දෙමින් ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest