slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සෞඛ්‍ය අංශයට මිලියන 13 ක පරිත්‍යාගයක්

sinhala editor

බෝවෙන රෝග වලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කට්ටල මිලදී ගැනීමට මිලියන 13.43 ක මුදලක් මෙරට සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

පිරිනමන ලද මුදලින් මිලියන 9.73 ක් කොළඹ ජාතික බෝවෙන රෝග පිළිබඳ ආයතනයට (IDH) අවශ්‍ය ලීටර 3000 ක ධාරිතාවයකින් යුත් ක්‍රියෝජනික් දියර ඔක්සිජන් බහාලනයක් (Cryogenic Liquid Oxygen Tank) ස්ථාපනය කිරීම වෙනුවෙන්ද, රුපියල් මිලියන 3.7 ක මුදලක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ස්වසන පහසු කිරීමේ ස්ථාවර යන්ත්‍රයක් හෙවත් ‘Fixed Ventilator’මිලදී ගැනීම සඳහාද භාවිතා කෙරෙනු ඇත.

මෙම මූල්‍ය ප්‍රධානය ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චින්තා සුභාෂිණී සූරියආරච්චි සහ කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පරිත්‍යාග කමිටුවේ සභාපති වෛද්‍ය රුවන්ති පෙරේරා යන මහත්මීන් වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කරන ලදී. මෙ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු මේජර් ටනේෂ් බී. ඩයස් මහතාද සහභාගිවූහ. මීට අමතරව කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලසිත මලලසේකර මහතා සහ එම රෝහලේ වෛද්‍ය චූලා සේනාරත්න මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් වූ සමාජ වගකීම් අඛණ්ඩව ඉටු කිරීමේ උදාරතර පරමාර්ථය පෙර දැරි කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ප්‍රදානය සඳහා අනුමැතිය ලබාදීමට පියවර ගනු ලැබිය. මෙම පරිත්‍යාගය අදාළ ආයතන වෙත පිරිනැමීම ඉකුත්දා අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් එම ප්‍රදානය ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සුභාෂිණී සූරියආරච්චි මහත්මිය වෙත පිරිනමන ලද අවස්ථාව. ක්‍රීඩා අමාත්‍යවරයාට වම් පසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහත්වරුද, දකුණු පසින්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පරිත්‍යාග කමිටුවේ සභාපති වෛද්‍ය රුවන්ති පෙරේරා මහත්මිය සහ කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලසිත් මලලසේකර සහ වෛද්‍ය චූලා සේනාරත්න මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee