slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2021
Daraz – එල්.පී.එල්.හි ඩිජිටල් සහකරු වෙයි

sinhala editor

දෙවැනි වතාවට පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් – 2021’ තරගාවලියේ සම අනුග්‍රාහකයකු ලෙස සහ සුවිශේෂී ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz ඉදිරිපත්ව සිටියි. දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත්වෙන ‘LPL – 2021’ තරගාවලියේ සියළුම තරග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කිසිම මුදල් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට සජීවීව ගෙන ඒමට Daraz කටයුතු යොදා තිබේ.

අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් සිදුකරන ලොව ප්‍රභල පෙළේ වාණිජ සමාගමක් වන Daraz ගෙවී ගිය සැප්තැම්බර් මාසයේදී ඩිජිටල් වේදිකාව වන Daraz Live දියත් කිරීමට පියවර ගනු ලැබීය. සජීවී ප්‍රවාහයක් ඇතුළත් ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් කෙරෙන මෘදුකාංකය වන්නේ Daraz  Live ඩිජිටල් වේදිකාව හැඳින්විය හැක.

තරග 24 කින් සමන්විත මෙවර තරගාවලියේදී කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් තරග වදිති. දේශීය ක්‍රීඩකයින්ට, පළපුරුදු ඇති දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් සමඟ එක්ව තරග වදිමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත්, ඒ ඔස්සේ විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමටත් මේ තරගාලියේදී අවස්ථාව උදාවනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වා සිටින Daraz Sri Lanka හි අළෙවි ප්‍රධානී හේෂාන් පෙරේරා මහතා, “ක්‍රිකට් ජාතියක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාව සෑම තරාතිරමක අයගේ ගෞරවයට පාත්‍රවී සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ අපි හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේදී අපගේ ගනුදෙනුකරුවන්ට සජීවී තරගයක විනෝදාස්වාදය ගෙන එනවා සේම ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අපට අවස්ථාව උදාවෙනවා. ඔවුන් ආදරය කරන ක්‍රීඩාව ඔවුන්ට වඩාත් සමීප මාධ්‍යයකින් නැරඹීමට අවස්ථාව සැලසීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපේ කැපවීමද පිළිබිඹු වෙනවා” යනුවෙනි.

“එල්.පී.එල්. තරගාවලියේ ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන අපි සතුටට පත් වෙනවා. Daraz සතුව දෛනික පරිශීලකයින් 350,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එල්.පී.එල්. හි ශ්‍රී ලංකාව පුරා ඉහළ නරඹන්නන්ගේ ප්‍රවේශයක් ලබාගත හැකි වනු ඇතැයි අපිට විශ්වාසයි” යැයි තරගාවලි සංවිධායක ආයතනය වන අයි.පී.ජී. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • එස්.එස්.සී සහ කෝල්ට්ස් දක්ෂතා දක්වති
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා […]
  • ශ්‍රී ලංකාව දශකයකට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබයි
    එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස […]
  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]

Pin It on Pinterest

USD United States (US) dollar