slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2021
ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි

sinhala editor

‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ‘LPL – 2021’ තරගාවලිය සඳහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player draft) මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධාලී තේජක වනිගසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙන මෙම ක්‍රීඩක තෝරා ගැන්ම සඳහා කණ්ඩායම් හිමිකාරීත්වය, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන්ගේ සහභාගිව සිටියි.

මෙම ක්‍රීඩක තෝරා ගැන්ම චාරු ශර්මා විසින් සිදුකරන අතර ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා එහි විශේෂඥ විචාරකයා ලෙසින් කටයුතු කරනු ලබයි.

කණ්ඩායම් 5 ප්‍රකාශයට පත් කරයි

  1. ජැෆ්නා කිංග්ස් (Jaffna Kings)
  2.  කලම්බු ස්ටාර්ස් (Colombo Stars)
  3. ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators)
  4. කැන්ඩි වොරියර්ස් (Kandy Warriors)
  5. දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)

පළමු වටය – සුවිශේෂී කාණ්ඩය – ෆෆ් ඩු ප්ලෙසිස් (ජැෆ්නා), රොව්මන් පවෙල් (කැන්ඩි වොරියර්ස්),  මොහොමඩ් හෆීස් (ගෝල්), ක්‍රිස් ගේල් (කලම්බු), ඉම්රාන් තහීර් (දඹුල්ල)

දෙවැනි වටය – සුවිශේෂී දේශීය කාණ්ඩය – තිසර පෙරේරා (ජැෆ්නා), චරිත් අසලංක (කැන්ඩි), ඉසුරු උදාන (ගෝල්), දුෂ්මන්ත චමීර (කලම්බු), දසුන් ශානක (දඹුල්ල)

තෙවැනි වටය – දියමන්ති – විදේශීය කාණ්ඩය – වහාබ් රියාස් (ජැෆ්නා), කැමරන් ඩෙල්පොට් (කැන්ඩි), ටබ්‍රේස් ශම්සි (ගෝල්), අහමඩ් ශේසාඩ් (කලමුබ්), රයිලි රොසව් (දඹුල්ල)

සිව්දිවැනි වටය – දියමන්ති දේශීය කාණ්ඩය – වනිඳු හසරංග (ජැෆ්නා), ළහිරු කුමාර (කැන්ඩි), කුසල් මෙන්ඩිස් (ගෝල්), ඩිල්ෂාන් මුණවීර (කලම්බු), චාමික කරුණාරත්න (දඹුල්ල)

පස්වැනි වටය – දියමන්න්ති විදේශීය A කාණ්ඩය – ෂොයෙබ් මලික් (ජැෆ්නා), මොහොමඩ් මිතුන් (කැන්ඩි), මොහොමඩ් අමීර් (ගෝල්), මොහොමඩ් ඉර්ෆාන් (කලම්බු), චාමික කරුණාරත්න (දඹුල්ල)

හයවැනි වටය – උස්මාන් ශින්වාරි (ජැෆ්නා), නස්මුල් ඉස්ලාම් අපු (කැන්ඩි), සමිත් පටෙල් (ගෝල්), අල් අමීන් හොසේන් (කලම්බු), ඔඩියන් ස්මිත් (දඹුල්ල).

වට 7 ක් හෙවත් රන් කාණ්ඩයේ විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා තෝරා අවසන්.

වට 8 ක් හෙවත් රන් දේශීය A කාණ්ඩයේ ක්‍රීඩකයින් සියලු දෙනා තෝරා අවසන්.

වට 9 ක් හෙවත් රන් දේශීය B කාණ්ඩයේ ක්‍රීඩකයින් සියලු දෙනා තෝරා අවසන්.

වට 10 ක් අවසානයේ රන් දේශීය B කාණ්ඩයේ ක්‍රීඩකයින් සියලු දෙනා තෝරා අවසන්.

වට 11 ක් අවසානයේ ක්ලැසික් විදේශීය ක්‍රීඩකයින් සියලු දෙනා තෝරා අවසන්.

වට 12 ක් අවසානයේ ක්ලැසික් දේශීය A කාණ්ඩයේ සියලු ක්‍රීඩකයින් තෝරා අවසන්.

වට 13 ක් අවසානයේ ක්ලැසික් දේශීය B කාණ්ඩයේ සියලු ක්‍රීඩකයින් තෝරා අවසන්.

වට 14 ක් අවසානයේ ක්ලැසික් දේශීය B කාණ්ඩයේ සියලු ක්‍රීඩකයින් තෝරා අවසන්.

වට 15 ක් අවසානයේ නැගී එන දේශීය ක්‍රීඩකයා තෝරා අවසන්.

වට 16 ක් අවසානයේ නැගී එන දේශීය ක්‍රීඩකයා තෝරා අවසන්.

වට 17ක් අවසානයේ පළමු අතිරේක ක්‍රීඩකයා තෝරා අවසන්.

වට 18 ක් අවසානයේ දෙවැනි අතිරේක ක්‍රීඩකයා තෝරා අවසන්.

වට 19 ක් අවසානයේ තෙවැනි අතිරේක ක්‍රීඩකයා තෝරා අවසන්.

අවසන් වටය හෙවත් 20 වැනි වටය අවසානයේ සිව්වැනි අතිරේක ක්‍රීඩකයා තෝරා අවසන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee