slc
Home   |    News
දෙසැම්බර් 5, 2021
අභිනව ශූරයෝ සමාරම්භයේදීම පරදිති

sinhala editor

By Chamila Karawita

වසරකට වැඩි කාලයක් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි දිග හැරුම හෙවත් ‘LPL – 2021′ සමාරම්භක තරගයේදීම ඉකුත් වර ශූරයන් ලෙස අවතීර්ණ වුණු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර් පිල අද (05 දා) සමත්විය.

විචිත්‍රවත් සමාරම්භ උළෙලකින් පසු ප.ව. 7.30 ට ඇරැඹි මෙම තරගයේදී කාසියේ වාසියත් සමඟ පන්දු යැවීමට ජැෆ්නා නායකයා තීරණය කළද ගෝල් ග්ලැඩියේටර් පිතිකරුවෝ එය සිය වාසියට පෙරළාගත්හ. ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 41 ක්ව තිබියදී දැවී ගියද නායක භානුක රාජපක්ෂ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් ඩන්ක් සමග ලකුණු 51 ක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් සමිත් පටෙල් සමඟ ලකුණු 40 ක්ද රැස් කරමින් ගෝල් ග්ලැඩියේටර් පිල සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ මූලික වගකීම ඉටු කළහ.

මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතක ලාභියාවීමේ වරමද සමඟ පන්දු 31 කදී රැස් කරන ලද ලකුණු 56 ක වටිනා ඉනිම සඳහා භානුක හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය. පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරන ලද එම ඉනිමත් සමග නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 165 ඉලක්කයක් ලබා දුන් ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ එය හඹා යෑමේදී ජැෆ්නා කිංග්ස් පිල පන්දුවාර 18.4 කදී ලකුණු 110 කට සීමා කළහ.

ජැෆ්නා පිල මට්ටු කිරීමේදී උපුල් තරංගගේ සහ රාමනුල්ලා ගුර්බාස්ගේ කඩුලු දවා ගැනීමට මොහොමඩ් හෆීස් සමත්විය. එතැන් පටන් ජැෆ්නා කිංග්ස් පිලට හිස එසවීමට සමිත් පටෙල් ප්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. අවිෂ්ක ප්‍රනාන්දු, ටොම් කොලර් සහ සම්මු අශාන්ගේ කඩුලු සමිත් පටෙල්ගේ නම ඉදිරියෙන් සටහන් වද්දී නායක තිසර පෙරේරාගේ කඩුල්ල ළහිරු මදුශංක විසින්ද වනිඳු හසරංගගේ කඩුල්ල නූර් අහමඩ් විසින්ද දවා ගැනීමත් සමඟ ජැෆ්නා කිංග්ස්ට අකමැත්තෙන් හෝ සිදුවූයේ පසුබැසීමටය.

පසු පෙළින් පැමිණි වහාබ් රියාස් දැවැන්ත හයේ පහර 2 ක් සහ තවත් හතරේ පහර 2 ක් ද සමඟ පන්දු 20 කදී වේගවත් ලකුණු 27 ක් රැස් කළද ගෝල් ග්ලැඩියේටර් පන්දු යවන්නෝ ජැෆ්නා කිංග්ස් පිලට කළ යුතු හානිය ඒ වන විටත් සිදුකර තිබුණි.

පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ධනුෂ්ක ගුණතිලක (08) ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තද ඔහුට පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ තවත් පන්දු 4 ක් පමණි. ගුණතිලක සමඟ ඉනිම ඇරැඹි කුසල් මෙන්ඩිස් (16) සහ මොහොමඩ් හෆීස් (15) ලකුණක් ඇතුළත දැවී යෑම නිසා ගෝල් ග්ලැඩියේටර් පිලේ ආරම්භය පසුබෑමක් ඇතිවිය.

තරගයේ වීරයා ලෙසින් පන්දු 31 කදී ලකුණු 42 ක් ද පන්දු යැවීමේදී ලකුණු 21 කට කඩුලු 3 ක් දවා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සමිත් පටෙල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 164 යි – (භානුක රාජපක්ෂ 56, සමිත් පටෙල් 42, කුසල් මෙන්ඩිස් 16, මොහොමඩ් හෆීස් 15, ධනුෂ්ක ගුණතිලක 08, බෙන් ඩන්ක් 17, ළහිරු මදුශංක 05*, ජේඩ්න් සීල්ස් 23/3, වනිඳු හසරාග 30/2, සුරංග ලක්මාල් 42/1, මහීෂ් තීක්ෂණ 21/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (වහාබ් රියාස් 27, සුරංග ලක්මාල් 10, තිසර පෙරේරා 11, ටොම් කොලර් 10, රාමනුල්ලා ගුර්බාස් 11, උපුල් තරංග 17, සමිත් පටෙල් 21/3, මොහොමඩ් හෆීස් 11/2, පුලින තරංග 13/2, නූර් අහමඩ් 25/1, ළහිරු මදුශංක 06/1, නුවන් තුෂාර 20/1)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest