slc
Home   |    News
දෙසැම්බර් 8, 2021
එංගලන්තයට එරෙහි තරගාවලියත් ශ්‍රී ලංකා යෞවනයෝ කළින්ම දිනති

sinhala editor

Chamila Karawita

පවන් පතිරාජ සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 111 ක ලකුණු සම්බන්ධතාවයද සමඟ රවීන් ද සිල්වා දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතා හේතුවෙන් සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ද ලකුණු 126 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (08 දා) සමත්විය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමග තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම සංචාරකයින්ට එරෙහි එක්දින තරගාවලිය 3-1 ක් වශයෙන් ජය ගැනීමටද දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙය ශ්‍රී ලංකා යොවුන් පිල පිට පිටම ලද දෙවැනි තරගාවලිය ජයග්‍රහණය බවට පත්විය. මීට පෙර ඔවුන් ඉකුත් ඔක්තෝබර් මසදී ලෝක ශූර බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 5-0 ක අන්ත පරාජයකට ඇද දැමීමට සමත්විය.

ලකුණු 244 ක ජයග්‍රාහී ඉලක්කයක් යඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කරකවා අත හැරි රවීන් ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය සංචාරකයින්ව පන්දුවාර 33.3 කදී ලකුණු 117 කට සීමා කළේය. 20 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට ලකුණු 80 සීමාව ඉක්මවමින් සාර්ථක හඹා හඹා යෑමකට ප්‍රතිවාදීන් සැරසෙද්දී ඊට හරස් වූයේ චමිඳු වික්‍රමසිංහ. ඒ එතෙක් වෙලා පන්දුවට හොඳින් පහර දෙමින් සිටි ජෝර්ජ් තෝමස්ව දුවද්දී දවා ගැනීමකට හසු කර ගනිමිනි. කෙළින්ම පන්දුව කඩුල්ලට යොමු කරමින් තෝමස් දැවී යන විට පන්දු 61 කදී ලකුණු 40 ක් ලබා සිටියේය.

එම දැවී යෑමෙන් පසු එංගලන්ත පිලට යළිත් හිස එසවීමේ අවස්ථාවක් නොමැති විය. පන්දු යැවීමේදී කැපී පෙනුණු සුවිශේෂීතාව වූයේ සංචාරක කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 9 දෙනෙකුම යොදා ගැනීමයි. කඩුලු රැකි අන්ජල බණ්ඩාර සහ පවන් පතිරාජ හැරුණු කොට සෙසු සියල්ලෝම පන්දු යැවීම සඳහා නායකයා කැඳවනු ලැබීය. ඒ අතරින් සාර්ථකම ප්‍රතිඵලය අත්කර ගත් රවීන් ද සිල්වා තමන්ට ලබා දුන් පන්දුවාර හතරේදී (3.3) දී නිලකුණු පන්දු වාරයක්ද සමඟ ලකුණු 06 කට කඩුලු 3 ක් ලෙසින් සිය පන්දු යැවීම සටහන් කර ගත්තේය. වේග පන්දු යවන මතීෂ පතිරණ ලකුණු 08 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ලකුණු 85 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පවන් පතිරාජට එක්වූ රවීන් ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ කාර්යය සිදුකළහ. එතරම් කලබලයක් නොදැක්වූ මෙම පිතිකරුවන් දෙපළ ක්‍රීඩකයින් නොමැති හිදැස් අතරින් පන්දුව යැවීමට සලස්වමින් ලකුණු රැස් කිරීම කැපී පෙනුණි. මොවුන් රැස් කරන ලද ලකුණු 111 ක සම්බන්ධතාවයේදී ලකුණු 30 ක් පමණක් හයේ (1) සහ හතරේ පහර (6) වලින් සමන්විත වූ අතර ඉතිරි ලකුණු 81 ම කඩුලු අතර දිව යමින් රැස් කර ගත් ලකුණු විය.

මෙම තරගාවලියේ මෙතෙක් එකම ශතක ලාභියා බවට පත්ව සිටින පවන් පතිරාජ අද දිනයේදී තවත් අර්ධ ශතකයක් රැස් කර ගනිමින් පිතිකරණයෙන් කැපී පෙනුණි. පන්දු 104 කදී වාර්තා වුණු පවන්ගේ ලකුණු 60 ක ඉනිම හමාර වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 196 ක්ව සටහන් ව තිබියදීය.

ඔහුට අනගි සහායක් ලබා දුන් රවීන් ද සිල්වා ලකුණු 59 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පන්දු 87 ක් වැය වූ එම සම්බන්ධතාව ලකුණු 250 සීමාවට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ඒමට හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය.  

දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය දෙසැම්බර් මස 10 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest