slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2021
නැවත නොලැබෙන අවස්ථාවකින් මා ප්‍රයෝජන ගත්තා – සීක්කුගේ ප්‍රසන්න

Sri Lanka Cricket

අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු දහසය ලබා ගැනීමට තමා වෙත පැවරී තිබූ කාර්යය ඉටුකිරීමට ගත් උත්සහයේදී මෙය සිදු නොකළොත් නැවත අවස්ථාවක් උදානොවන බව තමාට හැඟීගිය බවත් එම උත්සහය සාර්ථක වීමෙන් කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ජයග්‍රහණය හිමිවූ බවත් කළම්බු ස්ටාර්ස් – කැන්ඩි වොරියර්ස් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ටාර්ස් කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න  ප්‍රකාශ කළේය.

තම පුහුණු කාර්යය මණ්ඩලයට සහ කළමණාකාරිත්වයට ස්තූතිය පළකල සීක්කුගේ ප්‍රසන්න කළම්බු  ස්ටාර්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන් දැරූ උත්සයහයේ ප්‍රතිඵල අවසානයේදී අත්වූ බවද කීවේය.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට මේ ජයග්‍රහණය උපකාරී වූ බව කී ප්‍රසන්න ඉදිරියේදී තවත් සාර්ථකවීමට අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියේය.

ජයග්‍රාහී කළම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින් ඉනිම මැද භාගය වන විට පන්දුව පරණවී ලකුණු රැස්කිරීම පහසුවන අතරම අවසාන පන්දුවාර කිහිපයේදී පන්දුවාරයකට ලකුණු 15 බැගින් වුවද ලබාගැනීම පහසු බව තම කණ්ඩායම දැනසිටි බවද ප්‍රකාශ කළේය.

අපගේ ඉනිම ආරම්භයේදී සෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූ අතර අප එසේ කළේ මුලින් කඩුලු බිඳ වැටුණේ නම් මැදපෙළ පිතිකරුවන් අසීරු තත්ත්වයකට පත්වන බව පැවසූ මැතිව්ස් සැළසුම අවසාන පන්දුවාරයේදී හෝ සාර්ථකවීම පිළිබඳව සතුටු වන බවද කීවේය.

ඉක්මණින් කෙටි ලකුණු ලබාගැනීම වැනි කාර්යයන් ඉටුකිරීමට තමා තවමත් මඳ අපහසු තත්ත්වයක පසුවන බව කී කළම්බු ස්ටාර්ස් නායකයා ඉදිරි තරග කිහිපයේදී යථාතත්ත්වයකට පත්වීමට උත්සාහ ගන්නේ යැයිද කීවේය.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා අදහස් දක්වමින් මේ තරගාවලියෙන් තම කණ්ඩායමට තවමත් ඉවත්වීමට සිදුවී නොමැති බවත් අවසාන පූර්ව තරගයට තේරීමට තවමත් අවස්ථාව ඇති හෙයින් ඉදිරි තරගවලදී හොඳින් දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බවත් කීය.

අවසාන පන්දු වාරය යැවීමට ළහිරු කුමාර තරගයේ ප්‍රථම අවස්ථාවට තෝරා ගත්තේ කුමන පදනමකින්දැයි විමසු විට ඇන්ජලෝ පෙරේරා පැවසූවේ තම කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පන්දුවාර 16ක්ම යවා අවසන් කර තිබූ අතර ළහිරු කුමාර යනු ශ්‍රී ලංකා කණ්ඩායමේද ආරම්භක පන්දු යවන්නෙකු බව අමතක නොකළ යුතු බැවින් එම අවස්ථාව ඔහුට ලබා දුන් බව සඳහන් කර සිටියේය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar