slc
Home   |    News
දෙසැම්බර් 1, 2021
මේජර් ක්‍රිකට් සූරතාව ටැමිල් කණ්ඩායම දිනාගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ මේජර් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සූරතාව රාගම පරදා ටැමිල් කණ්ඩායම දිනාගන්නා ලදී.

ටැමිල් ක්‍රීඩා සමාජයට අයත් වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ටැමිල් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 181ට පිළිතුරු ලෙස රාගම කණ්ඩායම පන්දුවාර 32.4කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 145කි. ටැමිල් කණ්ඩායම සවස 4.30 වන විට ලකුණු 36ක ජයග්‍රහණයක් අත්කර ගත්තේ ඇඳිරි කාලගුණයෙන් තරගයට බාධා ඇතිවීමට පෙරය.

ටැමිල් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 7.4ක් යවා ලකුණු 27කට කඩුලු පහක් දවාලීමට සමත්විය. වැන්ඩසේ මේ තරගාවලිය පුරාම කඩුලු අතර සිටිමින් ටැමිල් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවිණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ශ්‍රී ලංකා යුද හමුදාවේ අසේල ගුණරත්නත් අවසාන තරගයේ වීරයා ලෙස ජෙෆ්රි වැන්ඩසේ ද තේරිණි. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස චානක රුවන්සිරි (ගාල්ල) සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස චලන ද සිල්වා (ගාල්ල) නම්කැරිණි.

රාගම කණ්ඩායම ලකුණු 182ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී ප්‍රථම කඩුල්ලට පන්දුවාර 10.5කදී ලකුණු 41ක් ලබා ප්‍රබල ආරම්භයක් ලබා ගත්තත් 26 වන පන්දුවාරය නිමවන විට ලකුණු 100කට කඩුලු හතක් දැවී ජයග්‍රහණ අපේක්ෂාවන් ඔවුන් වෙතින් ගිළහෙමින් පැවැතිණි.

රාගම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ටැමිල් කණ්ඩායමට පැවරීමටය. ටැමිල් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ සංතූෂ් ගුණතිලක ලකුණු 47ක් රැස්කළේ පන්දු 76කට මුහුණදී හතරේ පහර පහක් සමඟිනි. මීට අමතරව සුපුන් කාවින්ද පන්දු 73කදී හතරේ පහර දෙකක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 42ක්ද නායක සධීර සමරවික්‍රම පන්දු 45කදී හතරේ තුනක් සමඟ ලකුණු 34ක්ද ශිරාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 17ක්ද ලබාගත්හ.

මොවුනගේ හොඳම සබඳතාවයන් වූයේ තෙවන කඩුල්ලට නායක සධීර සමරවික්‍රම සහ සුපුන් කාවින්ද එක්කළ ලකුණු 38ත් (පන්දුවාර 9.3යි) පස්වන කඩුල්ලට සංතූෂ් ගුණතිලක සහ කමේෂ් නිර්මාල් එක්කළ ලකුණු 35ත්ය. (පන්දුවාර 10.3යි)

රාගම කණ්ඩායමේ නායක ඉෂාන් ජයරත්න මේ තරගයේදීද ලකුණු 27කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 15කදී හයේ දෙකක් හතාර ්පහරක් සමඟ ලකුණු 26ක් රැස්කරමින් තුන්ඉරියව්වේම දස්කම් දැක්වුවත් රාගම කණ්ඩායමට ප්‍රබල ටැමිල් කණ්ඩායම අභිබවා යාමට අවස්ථාව උදානොවීය.

රාගම වෙනුවෙන් ලකුණු අතර සිටි සෙසු පිතිකරුවන් වූයේ සමිඳ ප්‍රනාන්දු (ලකුණු 38යි පන්දු 58යි හතරේ හතරයි) නිෂාන් මධුෂ්ක (ලකුණු 23යි පන්දු 34යි හතරේ තුනයි) ජනක සම්පත් (ලකුණු 20 යි පන්දු 24යි හතරේ දෙකයි) සහ ජනක සම්පත් (ලකුණු 20යි පන්දු 24යි හතරේ දෙකයි) සහ ජනිත් ලියනගේය. (ලකුණු 17යි පන්දු 17යි හතරේ පහරයි හයේ පහරයි)

මොවුනගේ හොඳම සබඳතා වූයේ ප්‍රථම කඩුල්ලට නිශාන් මධුෂ්ක සහ සමිඳ ප්‍රනාන්දු එක්කළ ලකුණු 41 (පන්දු වාර 10.5යි) සහ නායක ඉෂාන් ජයරත්න සහ ජනක සම්පත් අටවන කඩුල්ලට පන්දුවාර තුනකදී එක්කළ ලකුණු 26වේ.

ටැමිල් පන්දු වාර 50දී කඩුලු 9ක් දැවී 181යි – (සංතූෂ් ගුණතිලක 47, සුපුන් කාවින්ද 42, සධීර සමරවික්‍රම 34, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 17, රවිඳු ප්‍රනාන්දු 15, ඉෂාන් ජයරත්න 27/2, නිපුන් මාලිංග 36/2, කල්හාර සේනාරත්න 22/2, ජනක සම්පත් 29/2යි)

රාගම පන්දුවාර 32.4කදී සියල්ල දැවී 145යි – (සමිඳු ප්‍රනාන්දු 38, ඉෂාන් ජයරත්න 26, නිෂෘන් මධුෂ්ක 23, ජනක සම්පත් 20, ජනිත් ලියනගේ 17, ජෙෆ්රි වැන්ඩසේ 27/5, දිලුම් සුධීර 28/2, ප්‍රමෝද් මධුෂාන් 45/2යි)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest