slc
Home   |    News
දෙසැම්බර් 23, 2021
ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

sinhala editor

කුවේට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 274 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම, යොවුන් ආසියානු කුසලාන තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට අද (23 දා) සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 දී කඩුලු 5 ක් දැවී ලබා දුන් ලකුණු 323 ක ඉලක්කය හඹා යෑමේදී කුවේට් පිලට පන්දුවාර 17.3 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි. ආරම්භක පිතිකරු මීට් භව්සාර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 24 කදී ලකුණු 25 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගත්තද ඔහු දැවී යෑමත් සමඟ කුවේට් ඉනිම බිඳ වැටීම ආරම්භ විය.

ලකුණු 40 කට කඩුලු 2 ක් පමණක් දැවී ගොස් සිටි කුවේට් යොවුන් පිලේ අවසන් කඩුලු 7 ලකුණු 09 ක් තුළ දවා ගැනීමට යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරතුරදී මැද පෙළ පිතිකරු මොහොමඩ් බස්ටකි ආබාධයකට හේතුවෙන් ඉනිම අතර මඟ නතර කොට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන විට ලකුණු පුවරුව ලකුණු 48 කට කඩුලු 6 ක් ලෙසින් සටහන්විය. ඉතිරි කඩුලු 3 න් එකක් මතීෂද අවසන් කඩුලු 2 වෙල්ලාලගේ දවා ගනිමින් කුවේට් පිල ලකුණු 49 කට සීමා කළහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 02 කට කඩුලු 4 ක්ද, සදීෂ රාජපක්ෂ ලකුණු 04 කඩුලු 3 ක්ද සහ මතීෂ පතිරණ ලකුණු 07 කට කඩුලු 2 ක් වශයෙන් දැවී ගිය කඩුලු වලට හිමිකම් කීහ. පිත්තෙන් දැක්වූ දක්ෂතාවයට අමතරව පන්දුව අතට ගත් සදීෂ රාජපක්ෂ ඕවර 5 කදී නිලකුණු පන්දුවාර 3 ක්ද සමඟ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගනු ලැබුවේ ලකුණු 04 ක් පමණක් ලබා දෙමිනි.

යොවුන් පිල වෙනුවෙන් පවන් පතිරාජ වැඩිම ලකුණු ලාභියා බවට පත්වද්දී සමස්ථ ඉනිමෙන් අර්ධ ශතක 4 ක් වාර්තා විය. ආරම්භක පිතිකරුවන් වූ චමිඳු වික්‍රමසිංහ, ෂෙවෝන් ඩැනියෙල් සහ රනුද සෝමරත්න අර්ධ ශතක රැස් කරගත් සෙසු පිතිකරුවෝ වූහ.

ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව වූ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පවන් පතිරා සහ රනුද සෝමරත්න පන්දු 93 කදී ලකුණු 114 ක් රැස් කළහ. සුපුරුදු තැන්පත් පිතිකරණ රටාවෙන් මිදුණු පතිරාජ වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 72 කදී ලකුණු 86 ක් රැස් කර ගන්නා ලද්දේ හතරේ පහර 11 කින් ද සිය ඉනිම සරසා ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් සෝමරත්න පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක් එක් කළ ෂෙවෝන් ඩැනියල් සහ චමිඳු වික්‍රමසිංහ ඒ සඳහා පන්දු 91 ක් පමණක් වැය කළේය. පන්දු 57 කදී වාර්තා වුණු ලකුණු 54 ක ඉනිම සඳහා චමිඳු හයේ පහරක් සහ හතරේ පහර 5 ක් එල්ල කරද්දී අනෙක් අර්ධ ශතක ලාභියා වූ ඩැනියෙල් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 54 ක් රැස් කළේය. ඊට අමතරව සදීෂ රාජපක්ෂ පන්දු 37 කදී ලකුණු 35 ක්ද නායක වෙල්ලාලගේ පන්දු 11 කදී ලකුණු 19 ක්ද රැස් කළේය. ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා කුවේට් නායක භව්සාර් පන්දු යවන්නන් 9 දෙනෙකු යොදා ගැනීමද කැපී පෙනුණ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 5 කට ලකුණු 323 යි – (පවන් පතිරාජ 86, චමිඳු වික්‍රමසිංහ 54, ෂෙවෝන් ඩැනියල් 54, සදීෂ රාජපක්ෂ 35, රනුද සෝමරත්න 60*, දුනිත් වෙල්ලාලගේ 19, යසුරු රුද්‍රගෝ 02*, සීෂා අසීම් 49/2, හබීර් අලී 50/2, අබ්දුලාල් සහීර් 30/1)

කුවේට් පිල පන්දුවාර 17.3 කදී සියලු දෙනා දැවී ලකුණු 49 යි – (මීට් භවුසාර් 25, ජූඩ් සලදනා 12, දුනිත් වෙල්ලාලගේ 02/4, සදීෂ රාජපක්ෂ 04/3, මතීෂ පතිරණ 07/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest