slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2021
ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් පූර්ව වටයට

sinhala editor

සාජාහි පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28) ආරම්භවූ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට සම්න්ධ නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි ස්ථරවීමත් සමඟ තරගය අතර මග නතර කර දැමීමට පියවර ගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන නිලධාරීන් දෙදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් වලට ලක් කරමින් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබෙන අතර තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් මෙන්ම නිලධාරී ස්යල්ලන්ම යළිත් වරක් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබේ.

තරගය නතර කරන අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය පන්දු වාර 32.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටියේය. තරගය නතර කරන අවස්ථාවේ බංග්ලාදේශයේ ලකුණු රැස්කිරීමේ දළවේගය ඉදිරියෙන් තිබීම මත ඔවුන් ඉන්දියාව සමඟ අවසාන පූර්ව තරගයකට සහභාගිවේ. අනෙක් අවසාන පූර්ව තරගය 30 වැනිදා පැවැත්වෙනුයේ  ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරය. මේ තරග දෙකෙහි ජයග්‍රාහකයන් 31 වැනිදා ඩුබායි ක්‍රීඩාංගණයේ ආසියානු කුසලාන අවසාන තරගයට සහභාගීවීමට නියමිතය.

මෙදින තරග ආරම්භයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම බංග්ලාදේශයට පැවරීය. දකුණතින් පිට දඟ පන්දු යවන 17 හැවිරිදි ට්‍රවීන් මැතිව් මුළු ලකුණු 26ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෆ්ජුල් ඉස්ලාම් (04) සහ ඉෆ්ටාකර් හෝසේන් (03) ආපසු ක්‍රීඩාගාරයට යැවීමට සමත්විණි. පසුව නායක දුනිත් වෙල්ලාගේ විසින් ප්‍රිට්‍රික් නබිල් ලකුණු 45කටත් ආයිච් මොල්ලා ලකුණු 24කටත් දවාලීමෙන් බංග්ලාදේහයේ සිව්වන කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 83දීය. (පන්දුවාර 23යි)

බංග්ලාදේශය පන්දුවාර 32.4කදී කඩුලු 4ට 130යි – (තරගය අතර මග නතර කරන අවස්ථාවේදී ) – (ප්‍රන්ටික් නබිල් 45, ඒච්මොල්ලා 24, මොහොමඩ් ෆාහීම් නොදැවී 27, අරිෆුල් ඉස්ලාම් නොදැවී 19, ටුවීන් මැතිව් 18/2, දුනිත් වෙල්ලාලගේ 17/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar