slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2021
ආසියානු කුසලාන තරගාවලියට නම් කළ යොවුන් පිල පිටත්ව යයි

sinhala editor

By Chamila Karawita

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (21 දා) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියාන කුසලාන තරගාවලිය මෙහෙයවීම දුනිත් වෙල්ලාලගේ විසින් සිදුකරනු ඇත.

පිතිකරණ අංශය තවදුරටත් ශක්තිමත් කිරීම අරබයා තවත් අතිරේක පිතිකරුවකු ලෙස කොළඹ ලුම්බිණි විදුහලේ සකුණ ලියනගේව සංචිතයට එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ඒ හැරුණු කොට මෙම තරගාවලි සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයින් සියල්ලෝම බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව ඉකුත්දා නිමාවට පත් වුණු තරගාවලිවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායමේ සමස්ථයක් ගෙන බැලීමේදී විශේෂඥ පිතිකරුවන් හත් දෙනෙකු, වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු, දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු සහ කඩුලු රකින්නන් දෙදෙනකු ඇතුළත්ව සිටිති. මේ අතර නායක දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ සහ යසුරු රුද්‍රගෝ තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. අභිෂේක් ලියනආරච්චි, සදීෂ රාජපක්ෂ, ෂෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රවීන් ද සිල්වා, රනුද සෝමරත්න සහ සකුණ ලියනගේ පිතිකරුවන් වන අතර, චමිඳු වික්‍රමසිංහ, යසිරු රුද්‍රගෝ, විනුජ රන්පුල් සහ මතීෂ පතිරණ වේග පන්දු යවන්නෝ වෙති. දුනිත් වෙල්ලාලගේ, වනුජ සහන්, මල්ෂ තරුපති සහ ට්‍රෙවීන් මැතිව් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වද්දී අන්ජල බණ්ඩාර සහ සදීෂ් යවර්ධන කඩුලු රකින්නන් ලෙස එක්ව සිටිති.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉකුත් මාස කීපය මුළුල්ලේම නේවාසික පුහුණු සැසි ගණනාවකට සහභාගිවූ අතර ලෝක ශූර බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහිව එක්දින තරගාවලි 2 කට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පියවර ගනු ලැබීය. එහිදී බංග්ලාදේශ පිලට එරෙහිව 5-0 ක් සහ එංගලන්තයට එරෙහිව තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට අවිෂ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලබන ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

‘බී’ කාණ්ඩය යටතේ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 24 වැනිදා කුවේට් කණ්ඩායමට එරෙහිව පළමු සටන දියත් කරනු ඇත. 26 වැනිදා නේපාලනයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල 28 වැනිදා නැවතත් බංග්ලාදේශ පිල සමඟ තරග කරනු ඇත. ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ තරගාවලියෙන් අනතුරුව ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වැනිදා අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. කළමනාකරු ලෙසින් මහින්ද හලංගොඩ මහතා කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee