slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2021
LPL ටිකට් අළෙවිය 18 වැනිදා සිට සූරියවැවදී

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් 2021 විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් තරග වටයේ තරග වල ප්‍රවේශ පත්‍ර දෙසැම්බර් 18 වැනිදා සිට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මේ සඳහාම සූරියවැව ‘හත්පහ හන්දිය’ අසළ (ජීවනාලිය ක්‍රීඩාංගණය අසළ) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුලුවක් පිහිටුවා තිබෙන අතර තරග නොපැවැත්වෙන දිනවලදී පෙ.ව. 10 සිට පස්වරු 5 දක්වාත් තරග පැවැත්වෙන දිනවල පෙ.ව. 10 සිට පස්වරු 7 දක්වාත් ප්‍රවේශපත්‍ර කවුලු විවෘතව පවතිනු ඇත.

ඊට අමතරව අමතරව,  srilankacricket.lk, BookMyShow.com  සහ Daraz.lk යන වෙබ් අඩෙවිවලට පිවිසීමෙන්ද සිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින අතර එසේ වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද උක්ත ස්ථානයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද ලබාගත හැක. එම ප්‍රවේශපත්‍ර කවුලුව දිනපතා පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා විවෘතව පවතියි.

රුපියල් 300, 500, 8000 සහ 1000 යන මිල ගණන් යටතේ මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.

ප්‍රවේශ පත්‍ර කවුලු – සූරියවැව, හත්පන හන්දිය අසළ (ජීවනාලිය ක්‍රීඩාංගණය අසළ), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානය

විවෘත වේලාවන්  – තරග නොපැවැත්වෙන දිනවලදී  – පෙ.ව. 10 සිට සවස 5 දක්වා, තරග පැවැත්වෙන දිනවලදී – පෙ.ව. 10 සිට සවස 7 දක්වා

ප්‍රවේශ පත්‍ර මිල ගණන් – රුපියල් 300, 500, 800, 1000

ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වෙබ් අඩෙවි – srilankacricket.lk, BookMyShow.com , Daraz.lk

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee