slc
Home   |    News
දෙසැම්බර් 16, 2021
‘කැන්ඩි වොරියර්ස්’ අවසන් 4 ට කිට්ටු කරයි

sinhala editor

By Chamila Karawita

අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ 7 වැනි තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිල කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ කැන්ඩි වොරියර්ස් ක්‍රීඩකයෝ දෙවැනි තරග වටය සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා තබා ගැනීමට අද (16 දා) රාත්‍රියේ සමත්වූහ. ඒ අනුව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායමද යන්න පළමු වටයේ අවසන් තරගය ලෙසින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගයේ තීරණය මත පදනම් වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යෑමේදී අනගි ඉනිමක් ක්‍රීඩා කළ රවී බොපාරා එල්ල කරන ලද හයේ පහරත් සමඟ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කැන්ඩි වොරියර්ස් ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ රමේෂ් මෙන්ඩිස් සිය පන්දුවාර 8 ලකුණු 36 කදී සීමා කරමින් වොරියර්ස් පිලට දැඩි තර්ජනයක් ගෙන දුන්නත් ඉලක්කය අඩු අගයක් ගැනීම නිසා ප්‍රතිවාදීන්ගේ ගමන වළකාලීමට ඔවුන්ට නොහැකි විය.

සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගත් බොපාරා පන්දු 50 කදී ලකුණු 59 ක් ලබා ගනිමින් පෙරමුණ ගත්තේය. නායක ඇන්ජලෝ පෙරේරාට එක්වූ බොපාරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟ  6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී රැස් කරන ලද ලකුණු 60 ක නොබිඳුණු සම්බන්ධතාවය වොරියර්ස් ජයග්‍රහණය පහසු කරවූයේය. ඒ වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරාගේ දායකත්වය පන්දු 22 කදී ලකුණු 29 ක් විය.

මෙතෙක් පැවැති තරග 18 දී කණතීරුවේ වැඩි දායකත්වයක් දඟ පන්දු යවන්නන්ට ලබා දුන්නත් ජයන්ට්ස් පිලේ දැවී ගිය කඩුලු 9 න් 7 ක්ම වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණි. ඒ අතරට ඇතුළත් දසුන් ශානක ආබාධයක් හේතුවෙන් ලකුණු 4 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. කඩුලු 9 ක් බිඳ වැටී තිබියදීත් ඔහු නැවතත් පන්දුවට පහර දීමට නොපැමිණීම වොරියර්ස් පිලට දැඩි පාඩුවක් ගෙන දුන්නේය.

ආරම්භක පිතිකරුවන් වූ පිල් සෝල්ට් සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු පළමුව දවා ගත් බිනුර 18 වැනි පන්දුවාරයේදී ජයන්ට්ස් පිලේ සචිත ජයතිලකගේ (34) කඩුල්ලද දවා ගනිමින් සිය පන්දුවාර 4 දී ලකුණු 22 කට සීමා කරමින් වැඩිම දක්ෂතාවය දැක්වූ පන්දු යවන්නා බවට පත්වූවේය. ඔහුට අමතරව අල් අමීන් හොසේන්ද ලකුණු 32 කට කඩුලු 3 ක් සහ මොහොමඩ් ශිරාස් එක් කඩුල්ලක්ද බිඳ හෙළූහ.

දසුන්ගේ නික්ම යෑමත් සමඟ නැවත නජිබුල්ලා සද්‍රාන් සහ චාමික කරුණාරත්නගේ කඩුලු දවා ගත් අල් අමීන් හොසේන් 11 වැනි පන්දුවාරය වන විට දඹුල්ල ලකුණු පුවරුව ලකුණු 56 කට කඩුලු 5 ක් ලෙස අසරණ කර දැම්මේය. කෙසේ වෙතත් සචිත ජයතිලකට එක් වූ රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා දඹුල්ල පිළට යන්තම් හිස එසවීමට අවස්ථාව උදාවිය. 11 වැනි පන්දුවාරයේදී පිටියට පිවිසි රමේෂ් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී යන තෙක්ම කඩුල්ලේ රැඳෙමින් වොරියර්ස් ලකුණු පුවරුව ලකුණු 130 ක් දක්වා ඉහළ දමා ගැනීමට දැඩි දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු 28 ට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ලකුණු 41 ක් රැස් කරගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහු සමඟ පන්දුවට පහර දුන් සචිත ජයතිලක පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු රැකීමේදීද වොරියර්ස් ක්‍රීඩකයින් ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව කටයුතු කළ අතර එහිදී කෙනාර් ලුවිස් සහ නායක ඇන්ජලෝ පෙරේරා රැක ගන්නා උඩ පන්දු විශීෂ්ඨ ක්‍රියාකාරකම් අතර කැපී පෙනුණි.

තරගයේ වීරයා –

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 130 යි – (රමේෂ් මෙන්ඩිස් 41, සචිත ජයතිලක 34, නජිබුල්ලා සද්‍රාන් 14, නිරෝෂන් දික්වැල්ල 12, බිනුර ප්‍රනාන්දු 22/3, අල් අමීන් හොසේන් 32/3, ශිරාස් අහමඩ් 26/1, නිමේෂ් විමුක්ති 22/1)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 19.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 135 යි – (රවී බොපාරා 59*, කෙනාර් ලුවිස් 27, ඇන්ජලෝ පෙරේරා 29*, ඉම්රාන් තහීර් 17/2, රමේෂ් මෙන්ඩිස් 19/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest