slc
logo
Home   |    News
ජනවාරි 25, 2022
අවසන් 4 ට යන්න යොවුන් පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට

sinhala editor

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘ඩී’ කාණ්ඩය යටතේ අපරාජිතව අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මස 27 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන ඇෆ්ගනිස්තානය ‘සී’ කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබා සිටියි. 2016 වසරේ යොවුන් ලෝක ශූරයින් බවට පත් වුණු ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි තරගය ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව. 6.30 ට ආරම්භ වනු ඇත.

මූලික වටය යටතේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4 කින්ද, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක්ද සහ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 40 ක ජයක්ද වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මෙම තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබන අතර පරාජිත කණ්ඩායම 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා වූ ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි මස 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන ලද්දේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව 2016 වසරේදී පැවැති තරගාවලියේදී වේ. ඒ අනුව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ජය වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට යෑමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුවහොත් වසර 6 කට ආසන්න කාලයකින් පසු අවසන් පූර්ව තරග වටම් ලද පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වනු ඇත.

අර්ධ අවසන් පූර්ව තරග කාල සටහන

ජනවාරි 26 – එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර

ජනවාරි 27 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර

ජනවාරි 28 – පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර

ජනවාරි 29 – ඉන්දියාව සහ බංග්ලාදේශය අතර

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee