slc
Home   |    News
ජනවාරි 25, 2022
අවසන් 4 ට යන්න යොවුන් පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට

sinhala editor

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘ඩී’ කාණ්ඩය යටතේ අපරාජිතව අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මස 27 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන ඇෆ්ගනිස්තානය ‘සී’ කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබා සිටියි. 2016 වසරේ යොවුන් ලෝක ශූරයින් බවට පත් වුණු ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි තරගය ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව. 6.30 ට ආරම්භ වනු ඇත.

මූලික වටය යටතේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4 කින්ද, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක්ද සහ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 40 ක ජයක්ද වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මෙම තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබන අතර පරාජිත කණ්ඩායම 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා වූ ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි මස 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන ලද්දේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව 2016 වසරේදී පැවැති තරගාවලියේදී වේ. ඒ අනුව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ජය වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට යෑමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුවහොත් වසර 6 කට ආසන්න කාලයකින් පසු අවසන් පූර්ව තරග වටම් ලද පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වනු ඇත.

අර්ධ අවසන් පූර්ව තරග කාල සටහන

ජනවාරි 26 – එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර

ජනවාරි 27 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර

ජනවාරි 28 – පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර

ජනවාරි 29 – ඉන්දියාව සහ බංග්ලාදේශය අතර

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest