slc
logo
Home   |    News
ජනවාරි 12, 2022
උද්‍යෝගිමත් තරගාවලියක් අපේක්ෂාවෙන් යොවුන් පිල සිකුරාදා සටනට

sinhala editor

By Chamila Karawita

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු සටන ජනවාරි මස 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව ආරම්භ කරනු ඇත. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් පිළේ සෙසු ප්‍රතිවාදීන් වන්නේ තෙවතාවක් යොවුන් ලෝක ශූරයින් බවට පත් වූ ඔස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වේ.

තරගාවලියට ප්‍රථම අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු පෙරහුරුවේදී දැවැන්ත ජයක් වාර්තා කරගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා යොවුන් පිල අද (12 දා) දිනයේදී සිය දෙවැනි පුහුණු තරගයට සහභාගිවීමට නියමිතව සිටියි.

තමා ඇතුළු කණ්ඩායම ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව අදහස් දක්වා සිටින නායක දුනිත් වෙල්ලාලගේ පළමු තරගය සඳහා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවත්, පළමු වටයේදී ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට අවශ්‍ය සහාය සිය කණ්ඩායම විසින් ලබාදෙනු ඇති බව විශ්වාස කරන බවත්ය.

“අපිට ඉතාම හොඳ කණ්ඩායමක් ඉන්නවා.  ක්‍රීඩකයින් සියල්ලම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සැබැවින්ම උද්‍යෝගිමත්ව සිටිනවා. මේ සඳහා සියලුම ක්‍රීඩකයින් ඉතාමත් හොඳ මානසික මට්ටමක පසුවනවා. ඒ වගේම මේ ලෝක කුසලාන තරගාවලිය අපිට හොඳ අවස්ථාවක්. මොකද පසුගිය මාස කීපයේදීම අපි මුලින්ම බංග්ලාදේශය සමඟත් පසුව එංගලන්තය සමඟත් ක්‍රීඩා කරලා තියෙන නිසා” යැයි වෙල්ලාලගේ පවසයි.

ලෝක කුසලාන සටන දියත් කිරීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම රටකම නායකයින් වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වන ලදුව ඒ අතරතුරදී ශ්‍රී ලංකා යොවුන් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“එම තරගාවලි දෙකෙන් පස්සේ අපි ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා. දැන් අපි ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ ඉතා හොඳ සූදානමකින් පසුවනවා” යි සඳහන් කරන ශ්‍රී ලංකා යොවුන් නායකයා,  කණ්ඩායමේ ශක්තිය වන්නේ පිතිකරණය බවද සඳහන් කර සිටියි.

“අපේ ශක්තිය බැලුවොත් පිතිකරණ තමයි හොඳම අංශය. පිතිකරණ ලැයිස්තුව හොඳ වගේම එය ඉතාම සමබරව පිතිකරණ ලැයිස්තුවක් සිටිනවා”  යි පවසන වෙල්ලාලගේ සෙසු ප්‍රතිවාදීන් එල්ලවිය හැකි අභීයෝග පිළිබඳවද අදහස් දක්වා සිටියේය.

“මම හිතන විදියට බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව හොඳ කණ්ඩායම්. ඔවුන්ට එරෙහිව ඉතා හොද සටනක් ලබා දීමට හැකි වෙයි” යැයිද වෙල්ලාලගේ කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ලොව හොඳම පුහුණු උපදේශකයා ලෙසින් මේ වන විටත් සැලකෙන මහේල ජයවර්ධනද සිටියි. ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධනට අමතරව මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ සිටීම නිසා ඔහුගෙන් ලබාගත හැකි අත්දැකීම් මිල කළ නොහැකි බවද වෙල්ලාලගේ සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

USD United States (US) dollar