slc
Home   |    News
ජනවාරි 17, 2022
එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර කළින්ම වෙන්කර ගන්න

sinhala editor

ජනවාරි මස 18 සහ 21 වැනි දිනවල පැවැත්වෙන දෙවැනි සහ තෙවැනි එක්දින තරග නැරඹීමට බලාපොරොත්තුවන ක්‍රීඩා ලෝලීන්ට තදබදයකින් තොරව සිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටියි. www.srilankacricket.lk සහ www.bookmyshow.com යන වෙබ් අඩෙවි වලට පිවිසීමෙන් සිය ප්‍රවේශපත්‍රය පහසුවෙන්ම වෙන්කර ගැනීමේ හැකියාව පවතිනු ඇත.

එම පහසුකමට අමතරව පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා වූ කාල සීමාවේදී තරග පැවැත්වෙන  දිනයන්හිදී බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදීත්, තරග නොපැවැත්වෙන දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව පවතියි.  අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද උක්ත ස්ථාන වලින් ලබාගත හැක.

ශ්‍රී ලංකාව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත් පළමු එක්දින තරගය නැරඹීම සඳහා 10,000 කට අධික ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවක් පැමිණි අතර පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක් (50%) ප්‍රතිශතකයකට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර හිමිවේ. ප්‍රවේශ පත්‍ර රු. 300, 1000 සහ 3000 යන මිල ගණන් යටතේ ලබාගත හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest