slc
Home   |    News
ජනවාරි 29, 2022
කලම්බු කඩුලු හයකින් කැන්ඩි පරාජය කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් සුපර් ලීග් එක් දින ක්‍රිකට් තරගාවලියේ අද (28) සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති  කලම්බු – කැන්ඩි තරගයෙන් කළම්බු කණ්ඩායම කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ පන්දු 11ක්ද ඉතිරිව තිබියදීය.

කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු 271ට පිළිතුරු ලෙස කලම්බු කඩුලු 4කට ලකුණු 274ක් රැස්කරමින් තරගයෙන් ජයගත්තේ  තරගාවලියේ තවත් පියවරක් ඉදිරියට තබමිනි. කණ්ඩායම් දෙක මෙදින ලකුණු 545 ක් රැස් කිරීම විශේෂත්වයකි.

කළම්බු කන්ඩායම ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයක් කරා හඹායද්දී තෙවන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු  සහ නිපුන් ධනංජය පන්දු 126කදී ලකුණු 111ක් රැස් කිරීමටත් ප්‍රථම කඩුල්ලට කළම්බු නායක දිමුත් කරුණාරත්න සහ සිතාර ගිම්හාන් පන්දු 71කදී ලකුණු 80ක සබඳතාවයක් තබා ගැනිමත් ඔවුන්ගේ ජයග්‍රහණය පහසු කරවිය.

කළම්බු කණ්ඩායමේ කැපී පෙණුන පිතිකරුවන් වුයේ නොදැවී ලකුණු 70ක් රැස් කළ නිපුන් ධනංජය   සහ ලකුණු 67ක් ලැබූ නුවනිදු ප්‍රනාන්දුය. ලකුණු 59ක් ගත් නායක දිමුත් කරුණාරත්න ඉනිමේ තෙවැනි අර්ධ ශතක ලාභියා වූවේය. කලම්බු ජයග්‍රහණය වෙනුවෙන් සිතාර ගිම්හාන් ලකුණු 37ක්ද අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 33 ක් ද ලබාගත්හ.

සරවනමුත්තු පිටියේ පැවතී මේ තරගයේදී කාසියේ වාසිය දිනා  කැන්ඩි කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. සාර්ථකම පිතිකරුවා වූ සහන් ආරච්චිගේ ලකුණු 86ක් රැස්කලේ පන්දු 85කට මුහුණදී හතරේ නවයක් සහ හයේ පහරක් සමගිනි. සහන් ආරච්චිගේ පස්වන කඩුල්ලට නායක කමිඳු මෙන්ඩිස් සමඟ ලකුණු 51ක්ද හයවන කඩුල්ලට තීක්ෂලද සිල්වා සමග ලකුණු 63ක්ද රැස් කළහ.

කැන්ඩි කණ්ඩායමේ අනෙක් සාර්ථක පිතිකරුවන් වුයේ ලකුණු 36ක් රැස් කළ  පුලින තරංග සහ ලකුණු 35 ක්  ලබා ගත් නායක කමිඳු මෙන්ඩිස්ය. ඔවුන්ට අමතරව ලසිත් කෘස්පුල්ලේ ලකුණු  33ක් රැස් කළේය.

කළම්බු කණ්ඩායමේ පන්දු යවන්නන් අතර දක්ෂතම පන්දු යැවීම වූයේ ළහිරු මධුශංඛ ලකුණු 54ක් දී දවාලු කඩුලු හතරය. මීට අමතරව කළණ පෙරේරා කඩුලු තුනක් සහ තරිඳු රත්නායක කඩුලු දෙකක් දවාලූහ.

ලකුණු සාරාංශය

කැන්ඩි පන්දුවාර 50 දී ලකුණු 271යි – (සහන් ආරච්චි 86, පුලින තරංග 36, කමිඳු මෙන්ඩිස් 35, ලසිත් කෲස්පුල්ලේ 33, තීක්ෂල ද සිල්වා 27, ළහිරු මදුශංඛ 54/4, කලණ පෙරේරා 40/3, තරිඳු රත්නායක 45/2)

කලම්බු පන්දුවාර 48.1 කදී කඩුලු 4ට 274 යි – (නිපුන්  ධනංජය 70*, නුවනිඳු ප්‍රනාන්දු 67, දිමුත් කරුණාරත්න 59 , සිතාර ගිම්හාන් 37, අෂෙන් බණ්ඩාර 33*, ලසිත් ඇඹුල්දෙණිය 48/2)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest