slc
Home   |    News
ජනවාරි 3, 2022
යොවුන් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටවෙයි

sinhala editor

ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාවට පත්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ජනවාරි 02 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය.

දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටම කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවූ කණ්ඩායමේ එකම හෝ වෙනස් කමක් නොකරෙමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යෑම කැපී පෙනෙයි.

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ, ස්කොට්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලෝක කුසලාන ගැටුම ලබන 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව ජෝර්ජ් ටවුන්හි එවරස්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම – දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා (උප නායක) ෂෙවෝන් ඩැනියල්, අන්ජල බණ්ඩාර, සදීෂ රාජපක්ෂ, පවන් පතිරාජ, වනුජ කුමාර, රනුද සෝමරත්න, ට්‍රෙවීන් මැතිව්, මල්ෂ තරුපති, යසිරු රොද්‍රගෝ, මතීෂ පතිරණ, චමිඳු වික්‍රමසිංහ, විනුජ රන්පුල්, සකුණ ලියනගේ, අභිෂේක් ලියනආරච්චි, සදීෂ් ජයවර්ධන.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest