slc
logo
Home   |    News
ජනවාරි 20, 2022
වනිඳු සහ චමීර ලෝක එක්දින පිලට නම් කෙරෙයි

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරට අදාළව නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම්ව පත් කර තිබේ.

ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් වලින් එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීම කැපී පෙනෙයි.

තරග 14 කදී අර්ධ ශතක 3 ක් ද සමඟ ලකුණු 356 ක් ලබා සිටින වනිඳු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12 ක් වේ. පන්දුවාරයකට 4.56 ක සාමාන්‍යක් ලබා දී ඇති වනිඳු පන්දුවට පහර දීමේදී 27.38 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව සිටියි.

ගෙවී ගිය වසරේ තරග 14 කට සහභාගිවූ චමීර කඩුලු 20 ක් දවා ගනිමින් වැඩිම එක්දින කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 29.30 ක් රඳවා ගැනීමට සමත් දකුණත් වේග පන්දු යවන්නා ඉකුත් වසරේ මැයි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඩකාහි පැවැති තරගයේදී ලකුණු 16 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 5 එහි හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

වසරේ එක්දින කණ්ඩායම – පෝල් ස්ටර්ලිං (අයර්ලන්තය), යෙනෙමන් මලාන් (දකුණු අප්‍රිකාව), බාබර් අසාම් (පාකිස්තානය), ෆකාර් සමාන් (පාකිස්තානය), රාසි වැන්ඩර් ඩසන් (දකුණු අප්‍රිකාව), මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), මුස්තෆිසූර් රෙහ්මාන් (බංග්ලාදේශය), සිම් සිං (අයර්ලන්තය), දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee