slc
logo
Home   |    News
ජනවාරි 21, 2022
ශ්‍රී ලංකාව නොසිතූ පසුබෑමක

sinhala editor

මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයත් සිම්බාව්වේ පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීමත් හමුවේ ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 254 කට නවතා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත්වූහ. අද තරගය සිය 11 වැනි එක්දින ජාත්‍යන්තර තරගය බවට පත් කර ගත් චරිත් අසලංක සිය පස්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කඩා වැටුණු මැද පෙළින් ජීවය එක් කළේය. පන්දු 56 කට මුහුණ දුන් වමත් පිතිකරුවා පන්දු 56 කදී ලකුණු 52 ක් රැස් කර ගත්තේ හතරේ පහර 5 කින්ද සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ලකුණු 80 ක් එක් කිරීමට සමත් වුවත්, මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟ සිම්බාබ්වේ පන්දු යවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ. ලකුණු පුවරුවට ලකුණු 27 ක් එක්කාසු වන විට කඩුලු 3 ක් දවාගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වන්නට සෘජුවම බලපෑවේය.

මෙතෙක් තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා ලකුණු 300 කට ආසන්න ඉලක්කයක් ලබා දීමේ අරමුණින් පිටියට පිවිසියද ඉනිමේ මැද කොටසේ පාලනය සිම්බාබ්වේ පන්දු යවන්නන් අණක වූයෙන් බලාපොරොත්තු වූ ඉලක්කයට යෑම පසෙක තබා ලකුණු 250 සීමාවෙන් ඉනිම හමාර කිරීමට සිදුවිය.

චරිත් අසලංකට අමතරව ඉනිමේ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විය. අනවශ්‍ය ලෙස ලකුණක් කරා යෑමට ගත් උත්සාහයේදී වෙස්ලි මදිවර් විසින් කෙළින්ම කඩුල්ලටම පන්දුව යොමු කිරීම නිසා මීට වඩා ඉහළ ලකුණු සංඛ්‍යාවකට කරා නිස්සංකට තිබූ අවස්ථාව ලකුණු 55 න් නිමාවට පත්විය. පන්දු 66 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා තම ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් කර ගත්තේය. මන්දගාමී වුවත් ඔහුට අනගි සහායක් ලබා දුන් මෙන්ඩිස් ලකුණු 36 ක් ලබා ගත්තේය. සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද ඉන්සයිඩ් අවුට් පහරකට යෑමේදී එය ලෝන් ඕෆ් හි පන්දු රකිමින් සිටි මුසරබානි රැක ගැනීඹ නිසා මෙන්ඩිස්ගේ ඉනිම මුහුණ දුන් 51 වැනි පන්දුවේදී නිමාවට පත්විය.

නුවන් ප්‍රදීප්ගේ ස්ථානය වෙනුවෙන් කැඳවූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. නම් දැරූ පිතිකරුවන් සිටියදී ප්‍රහාරාත්මක වේගය ලකුණු 100 එහා රඳවා ගැනීමට සමත් වූ එකම පිතිකරුවා වූ රමේෂ් (123.80) පන්දු 21 කදී ලකුණු 26 ක් ලබා ගත්තේය. ඔහු හා චාමික කරුණාරත්න (30)  අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් පැවැත් වුවත්, ඉන් ලකුණු 26 ක්ම පන්දු 21 කදී රමේෂ්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 254 යි – (පැතුම් නිස්සංක 55, කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 11, දිනේෂ් චන්දිමාල් 17, චරිත් අසලංක 52, දසුන් ශානක 15, චාමික කරුණාරත්න 30, රමේෂ් මෙන්ඩිස් 26, දුෂ්මන්ත චමීර 01, ජෙෆ්රි වැන්ඩර්සි 3*, මහීෂ් තීක්ෂණ 1*, රිචර්ඩ් න්ගාරාවා 46/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar