slc
logo
Home   |    News
ජනවාරි 31, 2022
ශ්‍රී ලංකා පිලේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කරන ලද වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට සහ අභ්‍යාසකවරයා ලෙසින් කටයුතු කරන ඩිල්ෂාන් ෆොන්සේකාටද කොවිඩ් 19 වෛරසය ආසාධනය වී තිබේ. මේ වන විටත් ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබමින් නීරෝධායනයට ලක් කර තිබේ.

ඔස්ට්‍රේලියානු සංචාරය ඉලක්ක කොට ජෛව ආරක්ෂක බුබුලක රැඳෙමින් පුහුණුවීම් වල නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලය වෙනුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී මොවුන් දෙදෙනාට අදාළ වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 03 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ලබන නමුත්, මොවුන් දෙදෙනා එම කණ්ඩායමට ඇතුළත් නොවේ. කෙසේ වෙතත් වෛද්‍ය නිරදේශවලට යටත්ව සිදුකෙරෙන නීරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු මොවුන් දෙදෙනා ලබන 10 වැනි දින ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එකතුවීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee