slc
logo
Home   |    News
ජනවාරි 25, 2022
චමරි අතපත්තු හොඳම පිතිකාරිණියන් 10 දෙනා අතරට

sinhala editor

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත් වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ පළමු පිතිකාරිණියන් 10 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්වූවාය.

එම තරගාවලියේ සහභාගිවූ තරග 4 දී ලකුණු 221 ක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ කාන්තා විස්සයි-20 පිතිකාරිණියන් වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අතපත්තු සමත්වූවාය. එය ඇය රැඳී සිටි ස්ථානයේ සිට ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීමක් ලෙසින් සටහන් විය.

එම දක්ෂතා ප්‍රධාන කොට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද අතපත්තු සම්මාන ලැබුවාය. පිතිකාරිණියන්ගේ ලැයිස්තුවට අමතරව ඇය විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ස්ථානයක් හෙවත් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද සමත්වූවාය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest