slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2022
කළම්බු -ගෝල් අසීරු තත්ත්වයක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළාත් නැෂනල් සුපර් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දින (26) තරග නිමවන විට කළම්බු සහ ගෝල් කණ්ඩායම් දෙකම අසීරු තත්ත්වයන්ට පත්ව සිටියේය.

ජැෆ්නා – කළම්බු තරගයේ ජැෆ්නා ප්‍රථම ඉනිමේදී ලබාගත් ගකුණු 555 ට පිළීතුරු ලෙස කළම්බු දිනය නිමාවන විට ලකුණු තුනකට කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.  කෙසේ වෙතත් ඉනිමක පරාජයයෙන් බේරීම සඳහා පිට පිටම දෙවනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් ඉතිරි කඩුලු අට තුල තවත් ලකුණු 405ක් කලම්බු පිලට අවශ්‍යව තිබේ.

එලෙසම කැන්ඩි සහ ගෝල් අතර තරගයේදී කැන්ඩි ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 482ට පිළිතුරු ලෙස ගෝල් කඩුලු තුනකට ලකුණු 185ක් ලබා සිටි අතර ඔවුන්ද නැවත දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට නොයාමට මුල් ඉනිමේදී ලකුණු 297ක් ලබා ගත යුතුව තිබිණී.

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන මේ තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 555කට දැවීයාමේන් පසු දෙවන දින (25) නිමවන විට කළම්බු ලකුණු තුනකට කඩුලු දෙකක් දැවී ජැෆ්නා මුල් ඉනිමට වඩා ලකුණූ 552 ක් පිටුපසින් පසුවිය.

කළම්බු කණ්ඩායමේ දැවී ගියේ ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනෙකු වන නිපුන් ධනංජය(01) සහ හිමේෂ් රත්නායකය (02)

ප්‍රථම දින (24) තරගය නිමවන විට කඩුලු හතරකට ලකුණු 311ක් ලබා සිටි ජැෆ්නා කණ්ඩායම දෙවන දින (25) ඉතිරි පිතිකරුවන් හය දෙනා දැවී තවත් ලකුණු 244ක් එක්කළේ මුළු ලකුණු 555ක් වන පරිදිය.

දෙවැනි දිනයේදී ජැෆ්නා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ (74 ) ගීත් කුමාර ( නොදැවී63 ) සහ සංතූෂ් ගුණතිලක ( 61) අර්ධ ශතක රැස් කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.ශ්‍රී ලංකා 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 145කදී හතරේ 11ක් සමග ලකුණු 74ක්ද ගීත් කුමාර පන්දු 119කදී හතරේ පහක් හයේ පහරක් සමග නොදැවී ලකුණූ 63ක් ද සංතූෂ් ගුණතිලක පන්දු 162කදී හතරේ හයක් සමග ලකුණූ 61ක්ද රැස් කළහ

කළම්බු කණ්ඩායමේ සාර්ථක  පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු හයක් දවාලූවේ ලකුණූ 169ක් ලබා දෙමිනි.

ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවත්වෙන මේ තරගයේදී ගොල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දුවාර 167 කදී හතරේ හයක් හයේ හතරක් සමග දෙවන දින  නිම වනවිට නොදැවී ලකුණූ 100ක් ලබා සිටි හෙයින් ගොල් කණ්ඩායමට ප්‍රථමඉනිමේදී කඩුලු තුනකට ලකුණු 185ක් ලබා සිටීමට අවස්ථාව උදා විණී.

කැන්ඩි කණ්ඩායම් ප්‍රථම දින තරගය නිමවන විට කඩුලු හතරක් දැවී ලකුනු 373ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූවත් දෙවන දින ඔවුන්ගේ ඉතිරි පිතිකරුවන් හයදෙනා දැවී ගියේ  තවත් ලකුණූ 109ක් පමණ එක් වද්දීය.

ප්‍රථම දින නොදැවී ලකුණු 90ක් ලබා සිටි නායක කමිඳු මෙන්ඩිස් පසු දින ලකුණූ 111ක් ලබා සිටියදී දැවී ගියේ පන්දු 166කට මුහුණ දී හතරේ පහර 14ක් ද එල්ල කරමිනි.

මෙන්ඩිස්ට අමතරව කසුන් විදුර පන්දු 119කදී හතරේ පහක් සමග ලකුණු 58ත්ද සහන්ු ආරච්චිගේ පන්දු 94කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමග ලකුණූ 52ක් ද රැස් කරමින් දස්කම් දැක්වූයේ අර්ධ ශතක වාර්ථා කරමිනි.

ගොල් පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු හෙෂාන් හෙට්ටිආරච්චි ලකුණු 64කදී දවාලු කඩුලු සංඛ්‍යාව 4කි.

ලකුණු සටහන

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

ජැෆ්නා ප්‍රථම ඉනිම පන්දුවාර 173.4 කදී ලකුණු 555 යි (සම්ඳු ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77 දුනිත් වෙල්ලාලගේ 74, ගීත් කුමාර නොදැවී 63 සංතූෂ් ගුණතිලක 61 සධීර සමරවික්‍රම 58 ප්‍රභාත් ජයසූරීය 169 /6 ළහිරු මධුශංක 69/2 ෂම්මු අෂාන් 62/2)

කළම්බු මුල් ඉනිම කඩුලු 2 කට ලකුණු 03/යි (කල්හාර සේනාරත්න 1/1 යි, දුනිත් වෙල්ලාලගේ 01/1 යි)

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 120.1 කදී ලකුණු 482 යි – (කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කෘස්පුල්ලේ 93 ,ළහිරු උදාර 92 , කසුන් විදුර 58, සහන්  ආරච්චිගේ 52, හෙෂාන් හෙට්ටිආරච්චි 64/4 යි, නිමේෂ් විමුක්ති 120/3 චානක රුවන්සිරි 96/2 )

ගොල් කඩුලු 3ට 185 යි ( පන්දුවාර 58 යි) – පබසර වඩුගේ නොදැවී 100 ,සංගිත් කැරේ 36, අසිත ප්‍රනාන්දු 37/1, සහන් ආරච්චිගේ 25/1 පුලින තරංග 32/1)

  • බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar