slc
Home   |    News
පෙබරවාරි 26, 2022
මොවින් – ජොහාන් – අදීෂ දස්කම් දක්වති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් එමර්ජින් (නැගීඑන) තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතිඅන්තයේ ප්‍රථම දිනයේ දී (25) ගුවන් හමුදාවේ මොවින් සුබසිංහ නොදැවී ලකුණු 133ක්ද එන්.සී.සී.කණ්ඩායමේ ජොහාන් සිල්වා ලකුණු 144ක්ද මුවර්ස් කණ්ඩායමේ අදීෂ තිලංචන ලකුණු හයකට කඩුලු පහක්ද දවාලීමට සමත්විණි.

ගුවන් හමුදා එස්.එස්.සී තරගයේදී ප්‍රබල එස්.එස්.සී සමඟ ගුවන් හමුදාව ප්‍රථම දින (25) කඩුලු හතකට ලකුණු 311ක්ද මුවර්ස් – කුරුණෑගල යූත් තරගයේදී එන්.සී.සී කඩුලු හයකට ලකුණු 355ක්ද රාගම – පානදුර තරගයේදී රාගම කඩුලු තුනකට ලකුණු 266ක්ද බී.ආර්.සී. – කැන්ඩි කස්ටම් තරගයේදී බී.ආර්.සී.කඩුලු 9කට ලකුණු 308ක්ද ලබා ප්‍රබල තත්ත්වයන්හි පසුවිණි.

ගුවන් හමුදාව – එස්.එස්.සී. ( ගුවන් හමුදාව 311/7)

කටුනායක පැවති මේ තරගයේදී ගුවන් හමුදාවේ මොවින් සුභසිංහ හතරේ 11ක් හයේ අටක් සමග නොදැවී ලකුණු 133ක් ( පන්දු 134) මත ගුවන් හමුදාවට ප්‍රබල ත්ත්ත්වයකට පත් වීමට අවස්ථාව උදාවිණී.

ගුවන් හමුදාව පන්දුවාර 86කදී කඩුලු 7ට 311 යි ( මොවින් සුබසිංහ නොදැවී 133, නදීර ඉෂාන් 60,කෙතිර විජේනායක 40 ට්‍රෙවින් මැතීවුස් 65/4 යි)

සී.සී.සී. – නාවික හමුදාව ( නාවික හමුදාව 170 ට දැවී යයි )

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවතී මේ තරගයේදී සී.සී.සී. කණ්ඩායමේ චමිඳු විජේසිංහ සහ බී.ජී. මෙන්ඩිස් පන්දු යැවීමේදී දැක්වූ  දක්ෂතා මත නාවික හමුදාව ලකුණු 170කට දැවී ගියේය.

නාවික හමුදාව පන්දුවාර 66කදී සියල්ල දැවී 170 යි)  – සුල්කේෂ් ශ්‍රී සේන් 37 ,සුහඟ විජේවර්ධන 35 චමිඳු විජේසිංහ 40/3 බී මෙන්ඩිස් 13/2,අමේෂ් ද සිල්වා 43/2

ලන්කන් – මූවර්ස් ( ලන්කන් 165ට දැවී යයි)

 මූවර්ස් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදි මූවර්ස් කණ්ඩායමේ අදීෂ තිලංචන ලකුණු හයකට ලන්කන් පිතිකරුව් පස්දෙනෙකුම දවාලීමෙන් ලන්කන් ඉනිම ලකුණු 165කට සීමාවිණි.

ලන්කන් මුල් ඉනිම පන්දුවාර 43.3කදී 165යි – (රවිඳු රත්නායක 40, අයි.දසනායක 23, දමිත සිල්වා 20, අදීෂ තිලංචන 6/5යි, අයන සිරිවර්ධන 50/3)

මුවර්ස් පන්දුවාර 18.2කදී කඩුලු 4ට 63යි – (දිනුක දිල්ෂාන් 26, යසිරු රුද්‍රිගෝ 25/3යි)

එන්.සී.සී. – කුරුණෑගල යූත් (එන්.සී.සී. ප්‍රබල තත්ත්වයක)

කුරුණෑගල දී පැවැති මේ තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොහාන් ද සිල්වා පන්දු 184කදී හතරේ 11ක් හයේ 2ක් සමඟ ලකුණු 144ක් රැස්කිරීමට සමත්වීමෙන් එන්.සී.සී. ප්‍ර  බල තත්ත්වයකට පත්විණි.

එන්.සී.සී පන්දුවාර 79කදී කඩුලු 6ට 355යි – (ජොහාන් ද සිල්වා 144, හසිත බෝයගොඩ 59, යුගීෂ දිල්ෂාන් නොදැවී 36, මධුරංග නවීන් 101/6යි)

නිගම්බු – බ්ලූම්ෆීල්ඩ් (බ්ලූම්ෆීල්ඩ් 141ට දැවීයයි)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී නිගම්බු කණ්ඩායමේ සුධීර වීරරත්න ලකුණු 7කට කඩුලු හතරක් දවාලීමෙන් බ්ලූම්ෆීල්ඩ් ඉනිම ලකුණු 141කට සීමාවිණි.

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 59කදී 141යි – (කවිසන් නරේෂ් 51, සනෝජ් දර්ශික 22, නඳුන් දුල්ෂාන් 20, නිශාන් පීරිස් 23/2, සුධීර වීරරත්න 7/4, අධීෂ කේෂාන් 12/2යි)

නිගම්බු පන්දු වාර 14දී කිසිවෙකු නොදැවී 51යි – (පසිඳු ලක්ෂාන් නොදැවී 28, මිහිසල් අමෝද් නොදැවී 20යි)

රාගම – පානදුර (රාගම ප්‍රබල තත්ත්වයක)

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු පන්දු 136කදී හතරේ නවයක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 92ක් ලබාගැනීම මත රාගම දිනය නිමවන විට කඩුලු තුනකට ලකුණු 266ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

රාගම පන්දු වාර 76කදී කඩුලු 3ට 266යි – (අවිශ්ක තරිඳු නොදැවී 93, ඩී.බණ්ඩාර නොදැවී 71, ටී.දික්වැල්ල 38, සසංක නිර්මාල් 76/2)

ගෝල් – කෝල්ට්ස් (ගෝල් 137කට දැවීයයි)

කෝල්ට්ස් ක්‍රීඩාංගයේ පැවැති මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ දිල්ෂාන් මධුශංඛ සහ රුවින් සෙනෙවිරත්න කඩුලු තුන බැගින් දවාලීම මත ගෝල් ඉනිම ලකුණු 137කට සීමාවිණි.

ගෝල් පන්දුවාර 46.3කදී 137යි – (දිල්ෂාන් කාංචන 46, ප්‍රභාත් ද සොයිසා 40, දිල්ෂාන් මධුශංඛ 39/3, රුවින් සෙනෙවිරත්න 32/3)

කෝල්ට්ස් පන්දුවාර 16කදී කඩුලු 1ට 79 – (ෂලින් ද මෙල් 35, අවිශ්ක පෙරේරා නොදැවී 25, කවිඳු දිල්හාර 30)

බී.ආර්.සී – කැන්ඩි කස්ටම්  (බී.ආර්.සී. ප්‍රබල තත්ත්වයක)

බී.ආර්.සී කණ්ඩායමේ මෝදික රණතුංග, විනුර දුල්සර සහ චමෝද් සඳරු අර්ධ ශතක රැස්කිරීම මත ඔවුනට ලකුණු 308ක් වැනි ඉහළ සංඛ්‍යාවක් ලබාගැනීමට අවස්ථාව උදාවිණි.

බී.ආර්.සී පන්දුවාර 84කදී කඩුලු 9ට 308යි – (විනුර දුල්සර 77, මෝදික රණතුංග 61, චමෝද් සඳරු 51, හිරන්ත ජයසිංහ 33, නිසල ආකාෂ් 63/3යි, අනුක ජයසිංහ 103/3යි)

කැන්ඩි කස්ටම් 4/0

යුද හමුදාව – වරාය අධිකාරිය (ඒස් කැපිටල්) වරාය ලකුණු 93කට දැවීයයි.

පනාගොඩදී පැවැති මේ තරගයේදී යුද හමුදවේ කෞමාල් නානායක්කාර ලකුණු 16කට කඩුලු හයක් දවාලීමන් වරාය අධිකාරිය ලකුණු 93කට දැවීගියේය.

වරාය අධිකාරිය (ඒස් කැපිටල්) පන්දුවාර 31.5කදී 93යි – (තාරුක දාබරේ 22, වයි.කංකානමගේ 18, සවිඳු පීරිස් 24, ‍කෞමාල් නානායක්කාර 16/6යි, ලක්ෂාන් ගමගේ 39/3යි)

යුද හමුදාව පන්දුවාර 31.5කදී කඩුලු 4ට 82යි – (තුලින දිල්ෂාන් 30, රුක්ෂාන් දිසානායක 15, මෙතුෂාන් තිළිණ 33/4යි)

බදුරලිය – නුගේගොඩ (නුගේගොඩ ප්‍රබලම තත්ත්වයක)

නුගේගොඩ කණ්ඩායමේ නවීන් ප්‍රනාන්දු , අභිෂේක් ලියනආරච්චි සහ නිමේෂ ගුණසිංහ දැක්වූ විශිෂ්ට දක්ෂතා මත නුගේගොඩ මේ තරගයෙන් ජයලබන තත්ත්වයක පත්ව සිටී.

බදුරලිය ප්‍රථම ඉනිම පන්දුවාර 34.2කදී 137යි – (අක්රම් මුතාලිම් 32, කොවිඳු වික්‍රමසිංහ 27, නවීන් ප්‍රනාන්දු 41/6, කළණ මධුශංඛ 21/2)

නුගේගොඩ පන්දුවාර 53කදී කඩුලු 4ට 256යි – (අභිෂේක් ලියනආරච්චි 99, නිමේෂ ගුණසිංහ නොදැවී 97, ෂෙහාන් විජේසිංහ 71/2, තරිඳු වික්‍රමආරච්චි 71/2යි)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest