slc
Home   |    News
පෙබරවාරි 1, 2022
සධීරගේ ධෛර්යවන්ත ඉනිමෙන් ජැෆ්නා කඩුලු 6 කින් ජය ගනියි

sinhala editor

මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු වී පිටියෙන් ඉවතට ගියද කණ්ඩායමේ අවශ්‍යතාවය මත ආබාධය පිළිබඳව නොසලකමින් සධීර සමරවික්‍රම නොදැවී රැස් කරන ලද ලකුණු 91 ක ඉනිම ප්‍රධාන කොට නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කලම්බු පිල කඩුලු 6 කින් පරාජයට පත් කිරීමට ජැෆ්නා කණ්ඩායම අද (01 දා) පස්වරුවේ සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් කරා යමින් සිටි යාපනය පිල 46 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

24 වැනි පන්දුවාරය වන විට ලකුණු 44 ක් ලබා සිටි සධීර පිටියෙන් කලවයේ ඇතිවූ මස්පිඬු ඉරීයෑමක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විටත් ළහිරු තිරිමාන්න සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් රැස් කිරීමට සධීර සමත්ව සිටියේය. පන්දු 63 කදී ලකුණු 52 ක් ලබා සිටි තිරිමාන්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑඹකට හසුවීම නිසා පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. එහෙත් දමිත සිල්වාට එක්වූ සධීර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 19 ක් එක් කරමින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගියහ.

සධීරගේ අනපේක්ෂිත ඉවත්ව යෑමෙන් පසු දමිතට එක්වූ රවිඳු ප්‍රනාන්දු ලකුණු 27 ක් ලබා තෙවැනි කඩුල්ල වෙනුවෙන් යළිත් ලකුණු 43 ක් එක් කළේ පන්දු 51 ක් පමණක් වැය කරමිනි. ලකුණු 19 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනෙකුම දැවී යෑම නිසා නැවතත් පිටියට පිවිසි සධීර සංතුෂ් ගුණතිලක සමඟ එක්ව ලකුණු 76 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ජැෆ්නා පිල ජයටැඹ කරා රැගෙන ගියහ. පන්දු 57 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවට සංතුෂ්ගේ දායකත්වය පන්දු 29 කදී ලකුණු 25 කිනි. ජැෆ්නා පිලට යම් තර්ජනයක් එල්ල කළේ නම් ඒ කඩුලු 2 ක් දවා ගත් තරිඳු රත්නායක පමණි.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කොළඹ පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 247 ක් රැස් කර ගත්තේය. ලකුණු 53 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පිටියට එක්වූ සම්මු අශාන් සහ අශේන් බණ්ඩාර පස්වැනි ලකුණු 111 ක සම්බන්ධතාවත් ගොඩ නඟමින් වැටී තිබූ කලම්බු පිල ගොඩ ගත්හ. පන්දු 141 ක් එම සම්බන්ධතාවයට වැය වුවත් එය කලම්බු පිලේ අසීරුතාවය, මකා දැමීමට කදිම පිටිවහලක් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු බණ්ඩාර පන්දු 110 කදී ලකුණු 75 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 8 ක් ද සමඟිනි. සම්මු අශාන් පන්දු 61 කදී ලකුණු 43 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 2 ක් පමණක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මැද පෙළින් පැමිණි ළහිරු මධුශංක පන්දු 40 කදී වේගවත් ඉනිමක නිරත වෙමින් ලකුණු 42 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වුණු මධුශංකගේ ඉනිම කලම්බු ඉනිමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

පන්දු යැවීමේදී නිමන්ස මධුශංක ලකුණු 39 කට කඩුලු 4 ක් බිඳ හෙළද්දී ඉෂාන් ජයරත්න, ප්‍රමෝද් මදුශාන් සහ සංතුෂ් ගුණතිලක එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

තරගයේ වීරයා – සධීර සමරවික්‍රම

ලකුණු සාරාංශය

කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 247 යි – (අෂේන් බණ්ඩාර 75, සම්මු අශාන් 43, ළහිරු මදුශංක 52, නිමන්ද මදුශංක 49/4)

ජැෆ්නා පන්දුවාර 46.4 කදී කඩුලු 4 ට ලකුණු 248 යි – (සධීර සමරවික්‍රම 91*, ළහිරු තිරිමාන්න 52, දමිත සිල්වා 27, රවිඳු ප්‍රනාන්දු 27, සංතුෂ් ගුණතිලක 25*, තරිඳු රත්නායක 56/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest