slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2022
NSL සිව්දින තරගාවලියේ සමාරම්භය ජය පැරදුමෙන් තොර වෙයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ප්‍රධානම තරග අංශය වන සිව්දින තරගාවලියේ සමාරම්භක සතියේ පැවැති තරග 2 ම ජහය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ පිතිකරුවන්ගේදක්ෂතා පෙන්නුම් කරමිනි. ජැෆ්නා පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කළම්බු කණ්ඩායමේ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 174ක් රැස්කිරීම මත එම කණ්ඩායමට පරජයවීමේ අවධානමෙන් මිදීමට හැකියාව ලැබිණ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි – ගෝල් තරගයේදී ගෝල් කණ්ඩායමේ සමිඳු ලක්ෂාන් (106) සහ කැන්ඩි කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු (නොදැවී 122) ශතක දෙකක්ම මෙදින වාර්තා වීමද විශේෂත්වයකි.

ජැෆ්නා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 195කින් ඉදිරියෙන් සිට දෙවන ඉනිමේදී තරගය නතර කරන විට කඩුලු පහකට ලකුණු 217ක් ලබා කලම්බු මුල් ඉනිමට වඩා ඉදිරියෙන් පසුවූයේ ලකුණු 412කිනි. ජැෆ්නා මුල් ඉනිමේ ලබාගත් ලකුණු 555ට පිළිතුරු ලෙස කළම්බු කණ්ඩායම පන්දුවට පහරදෙද්දී ලකුණු 59කට කඩුලු පහක් දැවී සිටියදී හුදකලා සටනක නිරතවූ අංක හය පිතිකරු රොෂේන් සිල්වා කණ්ඩායමේ ඉනිම නිමවනතුරු නොදැවී ක්‍රීඩාකරමින් පන්දු 259කදී හතරේ 19ක් සමඟ ලකුණු 174ක් (නොදැවී) ලබා කණ්ඩායමේ ගැලවුම්කරු ලෙස ක්‍රියාකළේය. ඔහු නවවන කඩුල්ලට නිසල තාරක (ලකුණු 38යි පන්දු 81යි හතරේ පහයි) සමඟ එක්ව ලකුණු 89ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත්කළහ. ජැෆ්නා දෙවන ඉනිමේදී නායක සධීර සමරවික්‍රම දැකුම්කළු පිතිහරඹයක නියැලෙමින් ලකුණු 96ක් රැස්කළේ පන්දු 118කට මුහුණ දී හතරේ 11ක්ද සමඟිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ වූ විශේෂ සිදුවීම් වූයේ ගෝල් කණ්ඩායමේ සමිඳු ලක්ෂාන් සහ කැන්ඩි කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු ශතක රැස්කිරීමය. සමිඳු ලක්ෂාන් පන්දු 138කදී හතරේ අටක් හයේ පහරක් සමඟ ලකුණු 106ක් ලබාගත් අතර ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 122ක් රැස්කළේ පන්දු 175කට මුහුණදී හතරේ 11ක් සහ හයේ පහර දෙකක්ද සමඟිනි.

කැන්ඩි දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ළහිරු උදාර (01) සහ ලසිත් කෲස්පුල්ලේ (02) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය පසු තුන්වන කඩුල්ලට ඕෂද ප්‍රනාන්දු සහ නායක කමිඳු මෙන්ඩිස් (55) තෙවන කඩුල්ලට ලකුණු 108ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කර ගත්හ. කමිඳු මෙන්ඩිස් පන්දු 108කදී හතරේ හයක් සමඟ ලකුණු 55ක් රැස්කළේය.

ලකුණු පුවරුව

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

ජැෆ්නා මුල් ඉනිම පන්දුවාර 153.4 කදී ලකුණු  555යි – (සමිඳු ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ප්‍රභාත් ජයසූරිය 169/3) සහ දෙවැනි ඉනිම කඩුලු 5ට 217 පන්දුවාර 53.1යි – (සධීර සමරවික්‍රම 96, නිශාන් මධුශංඛ 40, සංතූෂ් ගුණතිලක නොදැවී 29, අෂේන් බණ්ඩාර 25/2)

කළම්බු මුල් ඉනිම පන්දුවාර 109.5 කදී ලකුණු  360 – (රොෂේන් සිල්වා නොදැවී 174, ක්‍රිෂාන් සංජුල 35, නිසල තාරක 38, කල්හාර සෙනෙවිරත්න 44/2, කසුන් මධුශංඛ 36/2, දුනිත් වෙල්ලාලගේ 117/2)

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී

කැන්ඩි මුල් ඉනිම පන්දුවාර 120.1 කදී ලකුණු 482 යි – (කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කෲස්පුල්ලේ 93, ළහිරු උදාර 92, කසුන් විදුර 53, හෙෂාන් හෙට්ටිආරච්චි 64/4) සහ දෙවන ඉනිම පන්දුවාර 64.4 කදී කඩුලු 5ට ලකුණු 253 යි – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 122, කමිඳු මෙන්ඩිස් 55, කසුන් විදුර 28, සහන් ආරච්චිගේ 26, ධනංජය ලක්ෂාන් 24/3, චානක රුවන්සිරි 30/1)

ගොල් පළමු ඉනිම පන්දුවාර 149.4 කදී ලකුණු 465යි – (පබසර වඩුගේ 128, සමිඳු ලක්ෂාන් 106, හෙෂාන් හෙට්ටිආරච්චි 43, සහන් ආරච්චිගේ 62/3, අසිත ප්‍රනාන්දු 89/2, නිපුන් රන්සික 66/2යි)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee