slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2022
සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (13 දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සත්කාරක ඔස්‍ට්‍රේලියානු පිල සමත්විය. ඒ සමඟම තරගාවලිය 2-0 ක් ලෙස ද ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තේය.

පන්දු යවන්නන් වුවද අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද තමන්ට දෙයක් කළ හැකි යැයි පෙන්නුම් කළ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණගේ පිතිහරඹය හේතුවෙන් ලකුණු 164 ඉලක්කය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී තරගය සම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එහෙත් සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණක් වන අතර එය පන්දු 3 කන් ලකුණු 09 ක් වශයෙන් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ. තීරණාත්මක පන්දුවාරය ලකුණු 05 කට සීමා කිරීමට අමතරව පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් ජොෂ් හෙසල්වුඩ් තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණ.

මෙම සංචාරයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය බලාපොරොත්තුව බවට පත්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම ලකුණු හඹා යෑමේ නියමුවා වූවේය. පළමු තරගයේ පරිදිම අද තරගයේදීත් ලකුණු අතරට පිවිසි දකුණත් පිතිකරුවා පන්දු 53 කදී ලකුණු 73 ක් රැස් කරගත්තේය. මෙම ඉනිමේ ඇති සුවිශේෂීතාව වූයේ පීඩනය, පන්දුවේ වේගය, ඉපිලීම මෙන්ම දෝලනය සහිත වූ ඔස්ට්‍රේලියානු ප්‍රබල පන්දු යැවීම යන පිතිකරුවකුට මුහුණ දීමට සිදුවන සියලුම අසීරුතාවයන් හමුවේ නොසැළී සිය අරමුණ කරා යෑමට පැතුම් සමත්වීමය.

අවසන් පන්දු 18 දී ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතිද්දී පැට් කමින්ස්ට සහ ජොස් හෙසල්වුඩ්ට එරෙහිව නිස්සංක එල්ල කරන ලද හයේ පහර 2 හේතුවෙන් තරගය පිළිබඳව යළිත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව උදාවිය. අවසන් පන්දු 6 දී ලකුණු 19 ක් වූ අභියෝගයේදී පැතුම්ගේ ඉනිම හමාර වූ නමුත්, පසුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ මෙන්ම දුෂ්මන්ත චමීර හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගය සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගියේය.

එම පන්දුවාරය අතරතුරදී ස්ටෝයිනිස් විසින් වයිඩ් සීමාවට ඈතින් වන සේ පන්දුවක් යැවුවද ප්‍රධාන විනිසුරුවූ රොඩ් ටකර් විසින් එය වයිඩ් පන්දුවක් ලෙසින් නම් නොකළේය. විස්තර විචාරයේ නිරතව සිටි ෂේන් වෝන් පවා එය වයිඩ් පන්දුවක් ලෙසින් නම් කර සිටි නමුත් ටකර්ගේ තීරණය ඔස්ට්‍රේලියානුවන්ට වාසි සහගත විය. එය වයිඩ් පන්දුවක් වූයේ නම් කතාව මීට වඩා හාත්පසින්ම වනු අනිවාර්යය.

අවසන් පන්දුවාර 5 දී රැස් කරගන්නා ලද ලකුණු 47 ත් සමඟ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 164 ක් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියානු පිලට හැකියාව ලැබිණ. එහිදී දෙවැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූවේය. කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා රැස් කරන ලදච ලකුණු 48 ට පන්දු 32 ක් පමණක් වැය කළේය. හතරේ පහර 5 ක්ද ඇතුළත් වුණු එම ඉනිම මුලු ලකුණු සංඛ්‍යාව 113 ක්ව තිබියදී නිමාවමට පත්විය. ඉනිමේ එකම හයේ පහරේ හිමිකරුවා බවට පත්වූ මැතිව් වේඩ් පන්දු 4 කදී ලකුණු 13 ක් රැස් කිරීම නිසා ලකුණු වේගය ඉහළ දැම්මේය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා අද තරගයේදී නුවන් තුෂාර විස්සයි-20 වරම් හිමිවූවේය. ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරගේ නම ඉදිරියෙන් බෙන් මැක්ඩර්මට්ගේ කඩුල්ල ලියැවුණේය. කෙසේ වෙතත් සිය පන්දුවාර 4 අවසන් වන විට ලකුණු 41 ක් ඔහුගෙන් උදුරා ගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත්වූහ.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee