slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2022
                                             රොෂේන් සහ පබසර ගැලවුම්කරුවෝ වෙති

sinhala editor

කැන්ඩි – ගෝල් සහ ජැෆ්නා – කළම්බු අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්වන දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන දිනය වූ අද (26) තරග නිමවන විට තරග දෙකේම මුල් ඉනිම් නිමාවට පත්ව නොතිබීම මත බොහෝදුරට තරගයක හෝ ප්‍රතිඵලයක් ලැබෙතැයි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක පසුවිය.

කැන්ඩි – ගෝල් තරගයේ කැන්ඩි ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 482ට පිළිතුරු ලෙස ගෝල් තෙවන දින නිමවන විට කඩුලු 8කට ලකුණු 388ක් ලබා සිටි අතර ජැෆ්නා – කළම්බු තරගයේ ජැෆ්නා ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 555ට පිළිතුරු ලෙස කළම්බු කඩුලු 8කට ලකුණු 309 ක් ලබාසිටී.

ප්‍රථම ඉනිමේ දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායම් අතුරින් ගෝල් කණ්ඩායමේ පබසර වඩුගේ (128) සහ කළම්බු කණ්ඩායමේ රොෂේන් සිල්වා (නොදැවී 147) තම කණ්ඩායම් පරාජයට පත්වන තත්ත්වයන් වළකා ගනිමින් ගැලවුම්කරුවන් ලෙස පන්දුවට පහර දුන්හ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන කැන්ඩි – ගෝල් තරගයේ කැන්ඩි ප්‍රථම ඉනිමේ රැස්කළ ලකුණූ 482 ට ප්‍රබල පිළිතුරක් සැපයූ ගොල් කණ්ඩායමට තෙවැනි දින තරගය අයහපත් කාලගුණය මත පැයකට පමණ කළින් තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණූ 388ක්ලබා මුල් ඉනිමේදී කඩුලු දෙකක් අතැතිව ලකුණු 94ක් පිටුපසින් සිටියේය.

ගොල් කණ්ඩායම ප්‍රබල කැන්ඩි ප්‍රථම ඉනිම (482) ආසන්නයට ඒමට අවස්ථාව  උදා වූයේ ආරම්භක පිතිකරු පබසර වඩුගේට පන්දු 211කදී හතරේ පහර නවයක් හයේ පහර හතරක් සමග රැස් කළ ලකුණු 128 නිසාය. නවවන කඩුල්ලට සුමිඳු ලක්ෂාන් (නොදැවී 60යි) සහ හෙෂාන් හෙට්ටිආරච්චි (නොදැවී 33) පන්දුවාර 26.3කදී ( පන්දු 159) එක්කළ නොදැවුණු ලකුණු 91ක සබඳතාවද ගෝල් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ යෑමට දායකත්වයක් දැක්වීය.

කැන්ඩි නායක සහන් ආරච්චිගේ ,නිපුන් රන්සික සහ අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවාලමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන තරගයේදී ජැෆ්නා කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 555ට පිළිතුරු ලෙසින් කළම්බු කණ්ඩායම පන්දුවට පහරදෙද්දී අංක හය පිතිකරු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රෝෂේන් සිල්වා හුදකලා සටනක නිරත වෙමින් නොදැවී ලකුණු 147ක් රැස් කිරීම මත එම කණ්ඩායමට දිනය නිමවන විට කඩුලු 8කට ලකුණු 309ක් ලබා සිටීමට සමත් විය.

රෝෂෙන් සිල්වා නොදැවී ලකුණු 147 ලබා ගත්තේ පන්දු 202කට මුහුණදී හතරේ පහර 16ක් සමගිනි. රෝෂෙන් හත්වන කඩුල්ලට ක්‍රිෂාන් සංජුල (35) සමග ලකුණු 93ක සබඳතාවයක්ද නව වන කඩුල්ලට නිසල තාරක (නොදැවී 26 යි) සමග නොදැවුණු ලකුණු 67ක සබඳතාවයක්ද තබා ගනිමින් තම කණ්ඩායම ගොඩ ගැනීමට මුල්ව ක්‍රියා කළේය.

මේ වන විට කළම්බු කණ්ඩායම කඩුලු 2ක් ඉතිරිව ජැෆ්නා මුල් ඉනිමට වඩා ලකුණු 246ක් පිටුපසින් පසුවේ.ඉරිදා (27) තරගයේ සිව්වන සහ  අවසාන දිනය වන හෙයින් බොහෝදුරට මේ තරගයෙන්ද ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි සිතීම අපහසුවේ.

ජැෆ්නා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණේ 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය. දුනිත් ලකුණු 93කට කඩුලු දෙකක් දවාලීමට සමත්විය.

ලකුණු පුවරුව

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී

කැන්ඩි මුල් ඉනිම 482 යි (පන්දුවාර 120.1 යි) – කමිඳු මෙන්ඩිස් 111,ලසිත් කෘස්පුල්ලේ 93, ළහිරු උදාර 92,කසුන් විදුර 58,සහන් ආරච්චිගේ 52,හේෂාන් හෙට්ටි ආරච්චි, 64/4 ,නිමේෂ් විමුක්ති 120/3)‍

ගෝල් කඩුලු 8ක් දැවී 388 (පන්දුවාර 123.1 යි) – පබසර වඩුගේ  128, සුමිඳු ලක්ෂාන් නොදැවී 60,හෙෂාන් හෙට්ටිආරච්චි නොදැවී 33,සංගීත් කුරේ 36, චානක රුවන්සිරි 26, නිපුන් රන්සික 45/2යි සහන් ආරච්චිගේ 58/2, අසිත ප්‍රනාන්දු 64/2)

හම්බන්තොට මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී

ලකුණු පුවරුව

ජැෆ්නා මුල් ඉනිම ලකුණු 555යි (පන්දුවාර 173.4යි) – (සමිඳු ප්‍රනාන්දු 141, නවෝද්‍ය පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ගීත් කුමාර නොදැවී 63, සංතූෂ් ගුණතිලක 61, සධීර සමරවික්‍රම 58, ප්‍රභාත් ජයසූරිය 169/6යි, ළහිරු මධුශංඛ 69/2, ෂම්මු අෂාන් 62/2යි)

කළම්බු කඩුලු 8ට 309යි (පන්දුවාර 91) – (රොෂේන් සිල්වා නොදැවී 147, ක්‍රිෂාන් සංජුල 35, නුවනිඳු ප්‍රනාන්දු 28, අෂේන් බණ්ඩාර 28, නිසල තාරක නොදැවී 26, දුනිත් වෙල්ලාලගේ 93/2, කල්හාර සේනාරත්න 40/1, ප්‍රමෝද් මධුෂාන් 54/1)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee