slc
Home   |    News
පෙබරවාරි 23, 2022
යොවුන් තරු පිරිවරමින් NSL සිව්දින තරගාවලිය ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කීව දෙනෙකුටම පළමු පෙළ සිව්දින තරග අත්දැකීම ලබා දෙමින් ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කොටස වන සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙට (24 වැනිදා දකුණු පළාතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී ආරම්භ වේ. මෙම අවස්ථාව යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබා දී තිබෙන්නේ නැගී එන කණ්ඩායම් අතර තරගාවලියක් ඉකුත් සති අන්තයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබියදී වීම කැපී පෙනෙයි.

එක්දින තරගාවලියේ පරිදිම ජැෆ්නා, ගෝල්, කැන්ඩි, කලම්බු සහ දඹුල්ල යන කණ්ඩායම් තරග වදිනු ලබන මෙම තරගාවලියේදී හම්බන්තොට මහින්ද රාජපකෂ්, ගාල්ල, ආර්. ප්‍රේමදාස, පල්ලකැලේ සහ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණවවලදී පැවැත්වෙනු ඇත. සමාරම්භක දිනයේදී ගෝල් සහ කැන්ඩි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද ජැෆ්නා සහ කලම්බු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද තරග වදිති.

නම් කර ඇති කණ්ඩායම් අතරට යොවුන් කණ්ඩායම නියෝජනය කරමින්, නායක දුනිත් වෙල්ලාලගේ (ජැෆ්නා), රවීන් ද සිල්වා (ජැෆ්නා), මතීෂ පතිරණ (කැන්ඩි), පවන් පතිරාජ (දඹුල්ල) සහ රනුද සෝමරත්න (දඹුල්ල) එක්ව සිටිති. මේ අතරින් දුනිත් වෙල්ලාලගේ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ එක්දින තරග අංශයද නියෝජනය කළ අතර අවසන් මහ තරගයේදී ලකුණු 74 ක් ලබා ගනිමින් ජැෆ්නා කණ්ඩායමට ශූරතාව දිනා දීම සඳහා වැඩිම දායකත්වයක් දක්වන ලද ක්‍රීඩකයා බවට පත්වූවේය. පන්දු යැවීමේදී කඩුල්ලක්ද දවා ගත් වෙල්ලාලගේ අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග 4 කට බැගින් තරග වැදීමට නියමිත අතර වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබන කණ්ඩායම් 4 මාර්තු මස අවසන් සතියේ සහ අප්‍රේල් මුල පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගවලදී තරග වදිනු ඇත.

ප්‍රකාශයට පත් කරන ලද කණ්ඩායම් අතර ජාතික සංචිතයේ පසුවන ක්‍රීඩකයින් සියල්ලම ඇතුළත් කර තිබෙන අතර ජාතික වගකීම ඉටු කිරීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ක්‍රීඩකයින් හැර සෙසු සියල්ලෝම මෙම තරගාවලිය නියෝජනය කරති. ඉන්දියානු තරග සංචාරය අවසන්වූ වහාම ජාතික කර්තව්‍යයේ නිරත සියලුම ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් වටයේ තරගවලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටිති.

අවසන් මහ තරගය අප්‍රේල් මස 7,8,9 සහ 10 යන සිව්දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 26 න් තෝරාගන්නා ලද ක්‍රීඩකයින් නැෂනල් සුපර් ලග් තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම් වලට බෙදී ගොස් තිබේ.

කැන්ඩි – කමිඳු මෙන්ඩිස් (නායක), ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අධිකාරි, ඕෂද ප්‍රනාන්දු, කවීන් බණ්ඩාර, රුමේෂ් බුද්ධික, ඩිල්ශාන් කුරේ, සහන් ආරච්චිගේ, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, මතීෂ පතිරණ, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු, අවිඳු තීක්ෂණ, අෂේන් ඩැනියෙල්, පුලින තරංග, සචිඳු, කොළඹගේ, කමිල් මිශාර, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙණිය.

කලම්බු – ශම්මු අශාන් (නායක), ක්‍රිෂාන් සංජුල, සිතාර ගිම්හාන්, නිපුන් ධනංජය, ෂේවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, රොෂේන් සිල්වා, ප්‍රමෝද් මදුවන්ත, චමිඳු වික්‍රමසිංහ, ලක්ෂිත රසාංජන, කලන පෙරේරා, කසුන් රජිත, උදිත් මදුශාන්, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය,  චාමික එදිරිසිංහ,  කවිඳු නදීෂාන්,  අර්. එන්. ප්‍රියදර්ශන,  ධනුෂ්ක ගුණතිලක,  දිමුත් කරුණාරත්න,  අවිෂ්ක ප්‍රනාන්දු,  කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක.

ජැෆ්නා – සදීර සමරවික්‍රම (නායක), නිශාන් මදුෂ්ක, නවෝද් පරණවිතාන, සමින්ද ප්‍රනාන්දු, දමිත් සිල්වා, ප්‍රිමෝෂ් පෙරේරා, සංතුෂ් ගුණතිලක, ඉෂාන් ජයරත්න, නිමන්ද මදුශංක, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, ගීත් කුමාර, නුවන් ප්‍රදීප්, ප්‍රමෝද් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මදුශංක, විමුක්ති පෙරේරා, දිලුම් සුධීර, ශෂික දුල්ශාන්, කල්හාර සේනාරත්න, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි.

ගෝල් – ධනංජය ලක්ෂාන් (නායක), සාලින්ද උෂාන්, මොහොමඩ් ශිරාස්, සංගිත් කුරේ, පබසර වඩුගේ, හෂාන් දුමිඳු, ප්‍රියමාල් පෙරේරා, මුදිත ලක්ෂාන්, කවින් කුලසේකර, චානක රුවන්සිරි, විශාද් රන්දික, සුමින්ද ලක්ෂාන්, කවිෂ්ක අංජුල, හේෂාන් හෙට්ටිආරච්චි, ඩිල්ෂාන් මදුශංක, මොහොඩ් ශිරාස්, නිමේෂ් විමුක්ති, අකිල ධනංජය, චලන ද සිල්වා, රවිඳු තිලකරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

දඹුල්ල – මිනෝද් භානුක (නායක), රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂ, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පවන් පතිරාජ, අශාන් ප්‍රියන්ජන්, ලසිත් අබේරත්න, රනුද සෝමරත්න, සමීර සඳමාල්, දුශාන් හේමන්ත, ළහිරු සමරකෝන්, තමිඳු විජේසිංහ, අම්ෂි ද සිල්වා, අනුක් ප්‍රනාන්දු, නවීන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න, මාලින්ද පුෂ්පකුමාර, උමේෂික මොරායස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest