slc
logo
Home   |    News
මාර්තු 27, 2022
කණ්ඩායම් කිහිපයක් ජයග්‍රහණ අභියස

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්‍රධානතම  තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (26) තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණයට අභියසට පැමිණ සිටියහ. ටැමිල් කණ්ඩායමේ රන්මිත් ජයසේන (129), මුවර්ස් කණ්ඩායමේ අදීෂ තිලංචන (128)  සහ දිනුක් දිල්ෂාන් (111) මෙන්ම සරසන්ස් කණ්ඩායමේ කවීෂ කහතුඩුවආරච්චි (107) ශතක වාර්තා කිරීමට සමත්විණි.

මුවර්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ දිනුක් ඩිල්ෂාන් පළමු ඉනිමේදීද ලකුණු 99 ක් ලබා ශතකය පෙනි පෙනී දැවී ගියේ අවාසනාවන්ත ලෙසිනි. කෙසේ වෙතත් නොපසුබට උත්සාහය මත පළමු ඉනිමේදී අහිමිවූ ශතකය දෙවැනි ඉනිමේදී ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබිණ.

නිගම්බු පළමු ඉනිම හඹා යයි

සරසන්ස් මුල් ඉනිම 353යි පන්දුවාර 88.4යි – (කවීෂ කහතුඩුවආරච්චි 107, සඳුන් මෙන්ඩිස් 60, සසංක නිර්මාල් 45,‍ ඔමලු පලිහපිටිය 35, කවික දිල්ෂාන් 35,‍ පසිඳු උස්හෙට්ටිගේ 154/6, රශ්මික මෙවන් 61/3යි)

නිගම්බු මුල් ඉනිම කඩුලු 7ට 322 පන්දුවාර 90 – (පසිඳු ලක්ශංඛ 75, උමේෂ් ලක්ෂාන් 71, සුධීර වීරරත්න නොදැවී 51, සඳරුවන් චින්තක නොදැවී 68, අමෝද්‍ය විදානපතිරණ 27, කවිශ්ක දිල්ෂාන් 124/4, ප්‍රවීන් සඳමාල් 60/2)

එස්.එස්.සී. අසීරුතාවයක

මුවර්ස් මුල් ඉනිම 292 පන්දුවාර 64.5 – (අදීෂ තිලංචන 128, දිනුක දිල්ෂාන් 99, අයන සිරිවර්ධන 19, කවිඳු නදීෂාන් 75/5, කවිෂ්ක සේනාධීර 50/2,)

එස්.එස්.සී. මුල් ඉනිම 175යි පන්දුවාර 43.5යි – (ෂෙවෝන් ඩැනියල් 58, කවිඳු නදීෂාන් නොදැවී 38, කළණ පෙරේරා 22, ඔමේෂ් මෙන්ඩිස් 20, අයන සිරිවර්ධන 60/4, චානුක දිල්ෂාන් 51/2, තීෂාන් විතුෂාන් 30/2යි)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 4ට 258යි පන්දුවාර 48යි – (දිනුක් දිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 50, කවිඳු රණසිංහ 37, කණිෂ්ක සේනාධීර 66/3)

එස්.එස්.සී දෙවන ඉනිම කඩුලු 6ට 30 පන්දුවාර 16.3යි – (ටෙනුස්ක නානායක්කාර 08, තීෂාන් විතුෂාන් 8/3, අයන සිරිවර්ධන 19/2)

නාවික හමුදාව – ගුවන් හමුදාව කරට කර

නාවික හමුදාව මුල් ඉනිම 189යි පන්දුවාර 70.2යි – (සහන් කෝසල 61,පුෂ්පිත දිල්ෂාන් 36, ජනිත් දිල්ෂාන් 29, මුවින් සුබසිංහ 46/5, මතීෂ මදුෂාන් 35/2, සෙනාෂ් ප්‍රනාන්දු 41/2)

ගුවන් හමුදාව මුල් ඉනිම 153යි පන්දුවාර 45.2යි – (කළිඳු සිරිවර්ධන 54, කෙමිර විජේනායක 40, උදයවංශ පරාක්‍රම 13, හංස හිරණ්‍ය නොදැවී 13, සුදාර දක්ෂිණ 59/7, සුලේක්ෂන ශ්‍රිසාන් 48/3)

නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 9ට 113යි – පන්දුවාර 63යි – (සුපුන් නයනජිත් 51, කේසර නුවන්ත 15, මුවින් සුබසිංහ 45/4, නදීර ඉෂාන් 20/2, සෙනාෂ් ප්‍රනාන්දු 35/2)

සෙබස්තියයනයිට්ස් ඉදිරියෙන්

සෙබස්තියනයිට්ස් මුල් ඉනිම 228 පන්දුවාර 58.4යි – (විසල් සිල්වා 87, මනෙල්ක ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු 33, විනුද් සප්නක නොදැවී 29, විනුඳ ලියනගේ 39/3, එස්.සංකල්ප 47/3, ලසිත් උපමුල් 13/2)

ලන්කන් මුල් ඉනිම 179 පන්දුවාර 55.5යි – මෙත්සිත් ජයමාන්න 56, ඩී.කස්තුරිආරච්චි 30, ළහිරු දිල්ෂාන් 20, තරිඳු රත්නායක 95/5, තරුෂ ප්‍රනාන්දු 47/4යි)

සෙබස්තියනයිට්ස් දෙවන ඉනිම කඩුලු 6ට 245 පන්දුවාර 66.3යි – (විසල් සිල්වා 68, මනෙල්ක ද සිල්වා 43, තරුෂ ප්‍රනාන්දු 45, යොහාන් පෙරේරා 31, සඳුන් ප්‍රනාන්දු 29, විමුද් සප්නක නොදැවී 23, සප්ත සංකල්ප 44/2යි)

කෝල්ට්ස් ජය පෙනෙන මායිමේ

කෝල්ට්ස් මුල් ඉනිම 331යි – (හර්ෂ රාජපක්ෂ 85, ෂෙරන් ෆොන්සේකා 80, ජෙහාන් ඩැනියල් 55, රවිඳු රසන්ත 32, කෞමාල් නානායක්කාර 111/7)

යුද හමුදාව මුල් ඉනිම 221 පන්දුවාර 46.5යි – (හිමාෂ ලියනගේ 58, අෂින් දිල්හාර නොදැවී 53, මහේෂ් කුමාර 20, බිෂාව් මෙන්ඩිස් 18, ජෙහාන් ඩැනියල් 57/3, රොහාන් සංජය 47/3, රුවින් සෙනෙවිරත්න 55/2)

කෝල්ට්ස් දෙවන ඉනිම 104යි පන්දුවාර 46.3 – (අවිශ්ක පෙරේරා 21, මුදිත ලක්ෂාන් 20, රවිඳු රසන්ත 18, සෙහද සොයිසා 43/7, කෞමාල් නානායක්කාර 37/3)

යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 1ට 20යි පන්දුවාර 5යි

ගාල්ල ජයග්‍රහණය අභිමුව

වරාය මුල් ඉනිම 204 – (ලසිත් කෲස්පුල්ලේ 64, ප්‍රමුද් හෙට්ටිවත්ත 42, අමිත දාබරේ 42, සුභානු රාජපක්ෂ 41/7යි)

ගාල්ල මුල් ඉනිම 204 – (හරීන් බුද්දිල 46, ප්‍රභාත් ද සොයිසා 36, කවිඳු දිල්හාර 36, දිල්ෂාන් කාංචන 25, ශාලක බණ්ඩාර 40/3, සිතුම් දිසානායක 28/2, නිම්සර අතරගල්ල 38/2යි)

වරාය දෙවන ඉනිම 145 පන්දුවාර 41.1යි – (ලසිත් කෲස්පුල්ලේ 51, සවන් කංකානමගේ 28, අමිත දාබරේ 15, සඳුන් මධුශංඛ 46/6, හරිනු බුද්දිල 25/2)

ගාල්ල දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 76 පන්දුවාර 13.3යි – (තරිඳු අමරසිංහ නොදැවී 48)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ ඉදිරියට

කලුතර නගර ප්‍රථම ඉනිම 283 පන්දුවාර 87.5යි – (කවීෂ කුලසූරිය 88,රොමේෂ් නල්ලපෙරුම 32, අමට්යා කෝල් 31, තෙවිඳු සේනාරත්න 25, අයේෂ් හර්ෂණ 94/3, පසන් පෙතියාගොඩ 62/3යි)

කැන්ඩි කස්ටම් මුල්ඉනිම 300යි පන්දුවාර 86.4යි –(කවිඳු ලක්ෂාන් 77, රශ්මික මධුශංඛ 57, සසිත් මධුරංග 48, සජිත් ද සිල්වා 36, නිර්මල ප්‍රනාන්දු 29, කණිෂ්ක මධුවන්ත 58/4, ජනිඳු ඉඳුවර 59/2, තෙමල් බණ්ඩාර 49/2)

ටැමිලු යුනියන් ප්‍රභල අභියෝගයට නුගේගොඩ කඩුලු 5 ට ලකුණු 177 යි

ටැමිල් මුල් ඉනිම කඩුලු 9ට 527 පන්දුවාර 122.1යි – (සුපුන් කවිඳ 173, රන්මිත් ජයසේන 129, දමිත් පෙරේරා 47, යොහාන් මෙන්ඩිස් 32, කමීෂ නිර්මාල් 41, මධුශංඛ සඳරුවන් 92/3, රාහුල් ගුණසේකර 167/2යි)

නුගේගොඩ මුල් ඉනිම කඩුලු 5ට 177යි පන්දුවාර 58 – (කෙවින් පෙරේරා නොදැවී 52, භාග්‍ය දිසානායක 36, අභිෂේක් ලියනආරච්චි 31, පැතුම් මධුශංඛ 26, මිරන්ද වික්‍රමගේ 36/2යි)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar