slc
logo
Home   |    News
මාර්තු 7, 2022
කණ්ඩායම් 8 ක් ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

සතිඅන්තයේ පැවැති මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ තරග 12 අතුරින් කණ්ඩායම් අටක් ජයග්‍රහණ හිමිකරගත් අතර තරගයක් සමවී තරග තුනක් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණ අත්කර ගත්තේ මුවර්ස්, නිගම්බු,ලන්කන්, කලුතර නගර,රාගම කුරුණෑගල යූත් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම්ය. පොලීසිය සහ නුගේගොඩ තරගයේ ලකුණු සමවිණි. ජය පැරැදුමින් තොරව නිමවූයේ වරාය – බී.ආර්.සී., එස්.එස්.සී – නාවික සහ එන්.සී.සී – සරසන්ස් තරග තුනය.

මුවර්ස් කඩුලු 10කින් සෙබස්ටියනයිට්ස්ද නිගම්බු ලකුණු 221කින් චිලව් මේරියන්ස් ද ලන්කන් කඩුලු හතකින් සී.සී.සී ද කලුතර ලකුණු 77කින් යුද හමුදාවද රාගම ඉනිමකින් හා ලකුණු 154කින් බදුරලියද කුරුණෑගල යූත් ලකුණු 59කින් බ්ලූම්ෆීල්ඩ් ද කෝල්ට්ස් ඉනිමකින් හා ලකුණු 266කින් කැන්ඩි කස්ටම්ද  සහ ටැමිල් කඩුලු 9කින් පානදුර ද පරාජයට පත්කළහ. කෝල්ට්ස් සහ ටැමිල් ජයගත්තේ මේ තුන්දින තරගාවලියේ දෙවැනි දිනේදීය.

මුවර්ස් – සෙබස්ටියනයිට්ස් – මුවර්ස් කඩුලු 10කින් ජයගනී

මුවර්ස් මුල් ඉනිම 368 (පසිඳු සූරියබණ්ඩාර 79, රිසිරි වීරසූරිය 97, අයන සිරිවර්ධන 44, මිලාන් රත්නායක 39, ටනුෂාන් කොස්තා 105/4

දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 14

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 196යි – (මනෙල්ක ද සිල්වා 75, විහාන් ගුණසේකර 34, තීෂාන් විතුෂාන් 71/5, දිනුක දිල්ෂාන් 26/3)

දෙවන ඉනිම 183(පන්දුවාර 65යි) – (සඳුන් ප්‍රනාන්දු 55, තරුෂ ප්‍රනාන්දු 49, විනුද් සප්නක 20, තීෂාන් විතුෂාන් 57/4, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 16/3)

පොලීසිය – නුගේගොඩ ලකුණු සමවෙයි

නුගේගොඩ මුල් ඉනිම 246 (සහන් දිසානායක 79, අභිෂේක් ලියනආරච්චි 63, අසේල 33/2සි.ජයතිලක 43/2)

නුගේගොඩ දෙවන ඉනිම 199යි (භාග්‍ය දිසානායක 44, අභිෂේක ලියනආරච්චි 42, නිමේෂ් ගුණසිංහ 41, ඩී.වන්නිආරච්චි 67/2, සී.ජයතිලක 19/2)

පොලීසිය පළමු ඉනිම 278 – (අසේල සිගේරා 84, දිල්හාර පොල්ගම්පල 64, කේ.කරුණාතිලක 44, ප්‍රගීත් ගුණතිලක 87/5)

දෙවන ඉනිම 167– (ජී.කොටුවේගොඩ 36, ආර්.ගංගනාත් 22,අසේල සිගේරා 21,නිමේෂ් ගුණසිංහ 69/6)

නිගම්බු ලකුණු 221කින් ජයගනී

නිගම්බු මුල් ඉනිම 278 – (අමෝද් විදානපතිරණ 90, සඳරුවන් චින්තක 58, ජීවක සසේන 43, දසුන් සෙනවිරත්න 69/5)

දෙවන ඉනිම කඩුලු 8ට 230 – (රශ්මික මෙවන් 51, අමෝද් විදානපතිරණ 40, පසිඳු ලක්සංඛ 41, ෂෙෂාන් ප්‍රනාන්දු 34, රවීන් යසස් 41/3, දසුන් සෙනෙවිරත්න 51/2)

චිලව් මේරියන්ස් මුල් ඉනිම 172 – රවින් යසස් 78, දසුන් සෙනෙවිරත්න 20, පසිඳු උස්හෙට්ටිගේ 41/6යි)

දෙවන ඉනිම 115 – (චාරුක තරිඳු 39, සුදිත මනෝජ් 33, නිශාන් පීරිස් 28/4, රශ්මික මෙවන් 33/5)

සී.සී.සී. ලන්කන්ට පරදියි

සී.සී.සී මුල් ඉනිම 319 – (මාලිංග අමරසිංහ 105, අංජල බණ්ඩාර 67, පවන් රත්නායක 40, සඳුන් අබේවර්ධන 80/5යි)

දෙවන ඉනිම 55යි පන්දුවාර 22.2යි – (දුවිඳු රණතුංග 12, යසිරු රුද්‍රිගෝ 26/6, දමිත සිල්වා 21/2)

ලන්කන් මුල් ඉනිම 335 – දමිත් සිල්වා 51, රිසිත් උපුමල් 95, අභි දිසානායක 30, සොනල් දිනුෂ 61/4)

දෙවන ඉනිම කඩුලු 3ට 40යි – (දමිත සිල්වා නොදැවී 13, සොනල් දිනූෂ 19/2)

කලුතර ලකුණු 77කින් ජයගනී

කලුතර නගර මුල් ඉනිම 206යි – (ටී.වීරසිංහ 55, අමිට්කොවුල් 19, කෞමාල් නානායක්කාර 69/7යි, සෙහෙද සොයිසා 61/2)

දෙවන ඉනිම 193යි – (අමිට් කොවුල් 30, ඉසුරු සඳමාල් 24, ටී.වීරසිංහ 38, ලක්ෂාන් ගමගේ 19/2, ගිහාන් කොළඹගේ 19/2)

යුද හමුදාව මුල් ඉනිම 169යි – (පැතුම් බොතේජු 56, ලක්ෂාන් ගමගේ 30, රොමේෂ් නල්ලපෙරුම 69/3, ජනිඳු ඉඳුවර 20/3)

යුද හමුදාව දෙවන ඉනිම 153යි – (සමිත දිල්ෂාන් 33, මහීෂ් කුමාර 29, ඉන්සික සිරිවර්ධන 29/6, කණිෂ්ක මධුවන්ත 19/2)

රාගම ඉනිමකින් ජයගනී

රාගම මුල් ඉනිම කඩුලු 8ට 501 (ටී.දික්වැල්ල 214, දිනෙත් තිමෝද්‍ය 77, ඩි.බණ්ඩාර 67, සංජුල බණ්ඩාර නොදැවී 52, නිර්මාල් රත්නායක 148/4)

බදුරලිය මුල් ඉනිම 295යි (මළිඳු මධුරංග 80, රමේෂ් සිල්වා 132, ඩෙලන් පීරිස් 78/3, හරීන් රත්නමුදලි 73/2)

දෙවන ඉනිම 52යි පන්දුවාර 24.2යි – (උමයංග සුවාරිස් 12, ඩෙලන් පීරිස් 11/5, සංජුල බණ්ඩාර 16/3යි)

කුරුණෑගල යූත් ලකුණු 59ක ජයක්

කුරුණෑගල යූත් පළමු ඉනිම 222යි – (මුදිත ප්‍රේමදාන 91, කවිඳු ඒකනායක 36, සංජීව ප්‍රියදර්ශන 33, රාජේන්ද්‍ර අරවින්ත් 77/6, දිලීප ජයලත් 52/2)

දෙවන ඉනිම 172 – (දුලාජ් රණතුංග 57, සංජීව ප්‍රියදර්ශන 58, ගිහාන් අංජන 20, රාජේන්ද්‍ර අරවින්ත් 70/8)

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 204 – (සනෝජ් දර්ශික 71, නිපුන් හග්ගල්ල 44, සී.කමිඳු 40, මදුරංග නවීන් 62/3, චමෝද් රත්නායක 18/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම 131 – (මහෝද ප්‍රනාන්දු 45, සනෝජ් දර්ශික 20, මදුරංග නවීන් 39/4, ධනංජය බණ්ඩාර 30/3)

වරාය – බී.ආර්.සී තරගයේ විසඳුමක් නෑ

වරාය (ඒස් කැපිටල්) මුල් ඉනිම 454 (සවන් කංකානමගේ 156, ටී.බාස්කරන් නොදැවී 89, පී.දාබරේ 39, කවිඳු එදිරිවීර 114/5යි)

බී.ආර්.සී. මුල් ඉනිම 277 – (කවිඳු එදිරිවීර 86, විනුර දුල්සර 99, හිරන්ත ජයසිංහ 26, සවිඳු පීරිස් 87/4)

දෙවන ඉනිම කඩුලු 4ට 239 (සවින් ගුණසේකර නොදැවී 101, කවින් එදිරිවීර 72, නිමාෂ අතරගල්ල 43/1)

එස්.එස්.සී – නාවික විසඳුමින් තොරවෙයි

නාවික හමුදාන මුල් ඉනිම 355 – (සලේෂ ශ්‍රීෂාන් 116, කේසර නුවන්ත 76, ෂෙවොන් ඩැනියල් 66/3, සජිත විතානගේ 64/3)

එස්.එස්.සී මුල් ඉනිම 399යි – (අවිශ්ක සේනාධීර 89, ෂෙවොන් ඩැනියල් 80, කේෂාන් විජේරත්න 52, අරවින්ද අකුරුගොඩ 113/6යි)

නාවික දෙවන ඉනිම කඩුලු 9ට 150යි – (අරවින්ද අකුරුගොඩ 40, පුෂ්පිත දිල්ෂාන් 31, ජමිත් දිල්ෂාන් 27, කවිශ්ක සේනාධීර 0/3යි දිල්ෂාන් අබේසිංහ 37/2)

එන්.සී.සී – සරසන්ස් තරගයත් විසඳුමින් තොරවෙයි

එන්.සී.සී මුල් ඉනිම 304 – (කවීන් බණ්ඩාර 116, අහන් වික්‍රමසිංහ 52, දිනෙත් ජයකොඩි 40, කවික දිල්ෂාන් 62/4)

දෙවන ඉනිම කඩුලු 5ට 209 – (ජොහාන් ද සිල්වා 85, කවීන් බණ්ඩාර නොදැවී 70, අහන් වික්‍රමසිංහ 22, ප්‍රවීන් සඳමාල් 34/3, හසේන් රාමනායක 70/2)

සරසන්ස් මුල් ඉනිම 204 – (සසිත පල්ලියගුරු 42, යුගීෂ දිල්ෂාන් 78/4)

දෙවන ඉනිම කඩුලු 8ට 198 – (හසේන් රාමනායක 38, චාමික ප්‍රනාන්දු 33, කවිඳ ඉස්වර 81/4, යූගීෂ දිල්ෂාන් 52/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee