slc
logo
Home   |    News
මාර්තු 6, 2022
කළම්බු ඉනිමකින් ජයගනී

sinhala editor

නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග දෙක අතුරින් මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු – දඹුල්ල තරගයෙන් දිනයක් ඉතිරිව තිබියදී ඉනිමකින් සහ ලකුණු 132කින් දඹුල්ල පරාජය කිරීමට කලම්බු කණ්ඩායම සමත්විය. මෙම තරගයට සමගාමීව පල්ලේකැලේ පැවැත්වෙන කැන්ඩි – ජැෆ්නා තරගයේ මුල් ඉනිම නිමාවට පත්වන විට කැන්ඩි කණ්ඩායම ලකුණු 185කින් ඉදිරියෙන් සිටියේය.

කළම්බු – දඹුල්ල තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දඹුල්ල ලබාගත් ලකුණු 277ට පිළිතුරු ලෙස කළම්බු මුල් ඉනිමේ 516ක් ලබා ප්‍රථම ඉනිමේ 239 ක වාසියක් ලබා ගත්තේය. කෙසේ වෙතෙත් දඹුල්ල දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන අවස්ථාවේදී ලක්ෂිත මනසිංහ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු තුන බැගින් දවාලීම මත දඹුල්ල දෙවැනි ඉනිම ලකුණු 107 කට සීමාවිය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු – දඹුල්ල තරගයේ තුන්වන දිනයවූ අද (5) තරගය අරඹන විට කඩුලු පහහකට ලකුණු 381ක් ලබාසිටි කළම්බු කණ්ඩායම ඉතිරි පිතිකරුවන් පස්දෙනා දැවී තවත් ලකුණු 135ක් එක්කරමින් ලකුණු 516ක් කරායාමට සමත්විණි. මෙදින ඔවුනගේ ඉනිමේ විශේෂ සිදුවීම වූයේ හයවන කඩුල්ලට අෂේන් බණ්ඩාර සහ ළහිරු මධුශංඛ ලකුණු 80ක සබඳතාවයක් තබා ගැනීමය.

ළහිරු මධුශංඛ පන්දු 105කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 68ක්ද පසුගිය සතියේද පිත්තෙන් දස්කම් පෑ නිසල තාරක පන්දු 103කදී හතරේ තුනක් සමඟ ලකුණු 47ක්ද ලබමින් මෙදින කළම්බු  ඉනිමේ අගභාගය වර්ණවත් කළහ. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 260ක් රැස්කිරීමට දඹුල්ල දෙවැනි ඉනිමේදී පැමිණි අවස්ථාවේ ලක්ෂිත මනසිංහ සහ ප්‍රභාත් ජයසූරිය දක්ෂ පන්දු යැවීම මත ඔවුනගේ ඉනිම 107කදී නිමාවිණි.

කැන්ඩි – ජැෆ්නා තරගයේදී කැන්ඩි මුල් ඉනිමේදී කඩුලු 9කට ලබගත් ලකුණු 503ක සංඛ්‍යාව ජැෆ්නා හඹායද්දී කැන්ඩි කණ්ඩායමේ අවිඳු තීක්ෂණ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් කඩුලු පහක්ම බිඳදැමීමෙන් ජැෆ්නා ඉනිම 318කදී නිමාවිණි.

කැන්ඩි මුල් ඉනිමේ කඩුලු 9කට ලබාගත් ලකුණු 503ට පිළිතුරු ලෙසින් ජැෆ්නා පන්දුවට පහරදෙද්දී දෙවන කඩුල්ලට සමිඳු ප්‍රනාන්දු (73) සහ නිශාන් මධුෂ්ක (56) ලකුණු 76ක්ද සිව්වන කඩුල්ලට සමිඳු ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ (85) ලකුණු 82ක්ද රැස්කිරීම මත ඔවුනට ලකුණු 318ක් වැනි සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවිඳු තීක්ෂණ කඩුලු පහක් දවාලූවේ ලකුණු 135ක් ලබාදෙමිනි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 76.4 කදී ලකුණු  277 යි  – (අෂාන් ප්‍රියංජන් 61, චමිඳු විජේසිංහ නොදැවී 54, ලියෝ ෆැන්සිස්කෝ 36, ළහිරු සමරකොන් 35, මලින්ද සමරකොන් 35, ලක්ෂිත මනසිංහ 78/3, කසුන් රාජිත 32/2,  ප්‍රභාත් ජයසූරිය 57/2) සහ දෙවන ඉනිම පන්දුවාර 31.1 කදී ලකුණු 107 යි – (අෂාන් ප්‍රියංජන් 23, ළහිරු සමරකෝන් 19, මිනෝද් භානුක 14, ලක්ෂිත මනසිංහ 38/3යි, ප්‍රභාත් ජයසූරිය 29/3, කසුන් රාජිත 22/2, ෂම්මු අෂාන් 9/2)

කළම්බු මුල් ඉනිම පන්දුවාර 155.2 කදී සියලු දෙනා දැවී ලකුණු 516 යි – (නිපුන් ධනංජය 114, අෂේන් බණ්ඩාර 91, රොෂේන්  සිල්වා 57, ළහිරු මධුශංඛ 68, ෂම්මු අෂාන් 41, නිසල තාරක 47, මලින්ද පුෂ්පකුමාර 141/5යි)

පල්ලේකැලේදී ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 135.2 කදී කඩුලු 9 ට ලකුණු 503 යි– (සහන් ආරච්චිගේ 162යි, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියෙල් 38, කමිල් මිෂාර 35, අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2, සංතූෂ් ගුණතිලක 55/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 25 යි

ජැෆ්නා පළමු ඉනිම පන්දුවාර 92.4 කදී ලකුණු 318යි – (ජනිත් ලියනගේ 85, සමිඳ ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 56, ගීත් කුමාර 58, අවිඳු තීක්ෂණ 135/5යි, අසිත ප්‍රනාන්දු 43/2යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar