slc
Home   |    News
මාර්තු 21, 2022
ගාල්ලට විශිෂ්ඨ ජයක්

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සූරියවැව  මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ පැවති ගොල් – ජැෆ්නා තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ගොල් කණ්ඩායම සමත්විය. ජැෆ්නා දෙවැනි ඉනිම ලකුණු 224 කට සීමා වීමත් සමඟ ජයග්‍රහණය සඳහා වූ ලකුණ 35 ක ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවී රැස් කර ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ජැෆ්නා මුල් ඉනිමේ රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙස ගොල් පළමු ඉනිමේ කඩුලු 9කට ලකුණු 444ක් ලබා ප්‍රථම ඉනිමේ ද ඉදිරියෙන් සිටියේය.තෙවන දින  නිමවන විට දෙවන ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 43ක් ලබා සිටියත් ජැෆ්නා කණ්ඩායමට තරගයේ අවසාන දිනය වූ අද (20) දෙවන ඉනිමේ පිතිකරුවන් දස දෙනාම දැවී රැස් කළේ ලකුණු 181ක් පමණකි.

ජැෆ්නා දෙවන ඉනිමද අඩු සංඛ්‍යාවකට ( 224)  දැවී යාමට මුල් වුයේ ලක්ෂාන් මධුශංක  (49/3) චානක රුවන්සිරි ( 29/3) සහ සුමිඳ ලක්ෂාන්ගේ (53/2) දක්ෂ පන්දු  යැවීමය.

ගොල් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 35 ඔවුන්  ලබා ගත්තේ කඩුලු 3ක් දැවී යාමෙනි. මෙහිදී මුල් ඉනිමේ ශතක ලාභීන් වූ  සංගීත් කුරේ (06) සහ පබසර  වඩුගේ (00) අඩුම ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියේ ශ්‍රී ලංකා 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ එවු පන්දු හමුවේ ය.

ජැෆ්නා දෙවන ඉනිමේ ලකුණු අතර සිටි පිතිකරුවන් වූ ජනිත් ලියනගේ ලකුණු 72ක් ද ( පන්දු 105 යි හතරේ හත යි හයේ පහරයි )නිෂාන් මධුෂ්ක ලකුණු 45ක් ද ( පන්දු 82 හතරේ තුනයි ) නවෝද් පරණවිතාන ලකුණු 36ක්ද (පන්දු  48 යි හතරේ  තුනයි ) සංතූෂ් ගුණතිලක ලකුණු 28ක්ද ( පන්දු 28 යි හතරේ  හතරයි  හයේ  පහරයි ) රැස් කළහ.

ජැෆ්නා හොඳම සබඳතා වුයේ මුල් විකට්ටුවට  නිශාන්ත මධුෂ්ක සහ නවෝද් පරනවිතාන එක් කළ ලකුණු 67 ( පන්දු 101) සහ ජනිත් ලියනගේ සමග සංතූෂ් ගුණතිලක පස්වන කඩුල්ලට රැස් කළ ලකුණු 53    (පන්දු  62) වේ.

ලකුණු විස්තරය

ජැෆ්නා පළමු ඉනිම 254 පන්දුවාර 83.5 – (නුවන් ප්‍රදීප් නොදැවී 37, නවෝද් පරණවිතාන 34, නිශාන් මධුෂ්ක 29, කල්හාර සේනාරත්න 29, සංතූෂ් ගුණතිලක 28, සමිඳ ප්‍රනාන්දු 27, සුමිඳ ලක්ෂාන් 28/4, දිල්ෂාන් මධුෂ්ක 51/3)

ගෝල් පළමු ඉනිම කඩුලු 9ට 444 පන්දුවාර 114.5යි – (සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමිඳු ලක්ෂාන් 57, හෂාන් දුමිඳු 34, චානක රුවන්සිරි 29, ශෂික දිල්ෂාන් 146/4, ජනිත් ලියනගේ 53/3යි)

ජැෆ්නා දෙවන ඉනිම සියල්ල දැවී 224 පන්දුවාර 54.2 යි – (ජනිත් ලියනගේ 72,නිශාන් මධුෂ්ක 45, නවෝද්  පරනවිතාන 36, සංතූෂ් ගුණතිලක 2, දුනිත් වෙල්ලාලගේ 21, දිල්ශාන් මධුශංඛ 49/3 , චානක රුවන්සිරි 29/3, සුමිද ලක්ෂාන් 53/2 )

ගොල් දෙවන ඉනිම කඩුලු 3ට 38 පන්දුවාර 7 යි – (හසාන් දුමිඳු නොදැවී 16, විෂාඩ් රන්දික නොදැවී 08, දුනිත් වෙල්ලාලගේ17/2)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest