slc
Home   |    News
මාර්තු 5, 2022
රාගම කණ්ඩායමේ දික්වැල්ල නොදැවී 200

sinhala editor

මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (මාර්තු 4) ආරම්භවූ තරග 12 අතුරින් රාගම – බදුරලිය තරගයේදී රාගම කණ්ඩායමේ ටී.දික්වැල්ල පන්දු 247කට මුහුණදී හතරේ 24ක් හයේ හතරක් සමඟ නොදැවී ලකුණු 200ක් ලබා දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

මේ තරගයේදී රාගම කඩුලු 2කට ලකුණු 324ක් ලැබූ අතර මුල් විකට්ටුවට දික්වැල්ල සමඟ දිනෙත් තිමෝද්‍ය (77) පළමු කඩුල්ලට පන්දුවාර 36කදී ලකුණු 151ක් සබඳතාවයක් තබාගත්හ.

වරාය (ඒස්කැපිටල්) සහ බී.ආර්.සී අතර තරගයේදී එස්කැපිටල් නායක සවන් කංකානමගේ ලකුණු 156ක් රැස්කළ අතර එම කණ්ඩායම දිනය නිමවන විට කඩුලු 8කට ලකුණු 365ක් ලබා සිටියේය.

සී.සී.සී ලන්කන් තරගයේදී සී.සී.සී කණ්ඩායමේ මාලිංග අමරසිංහ ලකුණු 105ක් රැස්කළ අතර සී.සී.සී. දිනය නිමවන විට කඩුලු 7කට ලකුණු 304ක් ලබා සිටියේය. එන්.සී.සී සරසන්ස් තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ කවීන් බණ්ඩාර ලකුණු 116ක් රැස්කළ අතර එන්.සී.සී මුල් ඉනිමේදී ලකුණු 304ක් ලැබීය.

කැන්ඩි කස්ටම් – කෝල්ට්ස්  ( කැන්ඩි කස්ටම් 131 ට දැවීයයි) පන්දුවාර 39 යි කෝල්ට්ස් පිටිය දිල්ෂාන් මධුශංඛ කඩුලු පහක් දවාලීමෙන් කස්ටම් ඉනිම 131කට සීමා විණි.

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 131 යි පන්දුවාර 39 යි – (කවිදු ලක්ෂාන්  42, නදීෂ් බණ්ඩාර 21, දිල්ෂාන් මධුශංඛ 39/5, හර්ෂ වික්‍රමසිංහ 47/4 )

කොල්ට්ස් කඩුලු 2ට 288යි පන්දුවාර 45යි – (අවිශ්ක පෙරේරා 95, ෂාලින් ද මෙල් 157, නිසල් ආකාෂ් 57/1යි)

පොලීසීය – නුගේගොඩ – ( නුගේගොඩ 240 යි පන්දුවාර 63.1 යි) බම්බලපිටියේ භාග්‍ය දිසානායක සහ අභීශේක් ලියන ආරච්චි  අර්ධ ශතක  ලැබීමෙන් නුගේගොඩ 240ක් ලැබීය.

නුගේගොඩ මුල් ඉනිම 241යි – ( භාග්‍ය දිසානායක 79, අභිශේක් ලියනාරච්චි 63, කෙවින් කොත්තිගොඩ 27 , සී ජයතිලක 43/2, අසේල සිගේරා 33/2 , ආර් වෙල්ගමගේ 39/2, කේ කරුණාතිලක 64/2)

පොලීසිය මුල් ඉනිම කඩුලු 1ට 122යි පන්දුවාර 24යි – (දිල්හාර පොල්ගම්පල නොදැවී 48, අසේල සිගේරා නොදැවී 67, කළණ මධුශංඛ 17/1යි)

යුධ හමුදාව – කලුතර නගර කණ්ඩායම මුවර්ස් ක්‍රීඩාපිටියේදී ( කලුතර නගර 206 යි පන්දුවාර 68 ) ( ටී.වීරසිංහ 55, අමාට් කොවුල් 19, කණිෂ්ක මධුවන්ත 19, කෞමාල් නානායක්කාර 69/7 යි, සෙහෙද සොයිසා 61/2 යි)

යුද හමුදාව පන්දුවාර 19කදී කඩුලු 4ට 63යි – (ගිහාන් කෝරලගේ 16, සමන් වනිගසේකර 19, තෙමල් බණ්ඩාර 37/2)

පානදුර – ටැමිල් ( පන්දුවාර 133කට දැවී යයි පන්දුවාර 43.2 යි) පානදුරේ දී ටැමිල් කණ්ඩායමේ දිලුම් සුධීර ලකුණු 41කට කඩුලු 5ක් දවාලීමෙන් පානදුර ඉනිම ලකුණු 133කට සිමාවිණි.

පානදුර මුල් ඉනිම 133 යි පන්දුවාර 43.2 යි  – ( ෂනුක දුලාජ් 21, දුමින්ද ධනුෂ්ක 18, දිලුම් සුධීර 41/5 , විහාර වික්‍රමසිංහ 16/2 )

පානදුර කඩුලු 1ට ලකුණු 5යි (පන්දුවාර 6යි)

නාවික හමුදාව – එස්.එස්.සී (නාවික හමුදාව කඩුලු 7ට 273යි)

වැලිසරදී පැවැති මේ තරගයේදී නාවික හමුදාව පන්දුවාර 90 අවසානයේ කඩුලු හතකට ලකුණු 273ක් ලැබීය.

නාවික හමුදාව පන්දුවාර 90කදී කඩුලු 7ට 273යි – (සුලේෂන ශ්‍රීසාන් නොදැවී 78, කේසර නුවන්ත 76, සුහංග විජේවර්ධන 36, කේෂාන් විජේරත්න 32/2, ෂෙවොන් ඩැනියෙල් 53/2, කවිඳු නදීෂාන් 74/2)

සී.සී.සී – ලන්කන් (සී.සී.සී. කඩුලු 7ට 304යි)

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී සී.සී.සී කණ්ඩායමේ මාලිංග එදිරිසිංහ ලකණු 105ක් රැස්කිරීමට සමත්විය.

සී.සී.සී පන්දුවාර 90දී කඩුලු 7ට 304යි – (මාලිංග අමරසිංහ 105, අංජල බණ්ඩාර 67, පවන් රත්නායක 40, සඳුන් අබේවර්ධන 42/3)

මුවර්ස් – සෙබස්ටියනයිට්ස් (මුවර්ස් කඩුලු 8ට 342යි පන්දු වාර 90යි)

මොරටුවේදී පැවැති මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු අර්ධ ශතක ලැබීය.

මුවර්ස් මුල් ඉනිම පන්දුවාර 90කදී කඩුලු 8ට 342යි – (පසිඳු සූරියබණ්ඩාර 79, රිසිර වීරසූරිය නොදැවී 72, අයන සිරිවර්ධන 44, මිලාන් රත්නායක 39, මනෙල්ක ද සිල්වා 31/1, ටෙහාන් සාෆ්ටර් 45/1යි)

එන්.සී.සී – සරසන්ස් (එන්.සී.සී 304යි)

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී එන්.සී.සී මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 374ට පිළිතුරු ලෙස සරසන්ස් කඩුලු 1කට ලකුණු 34ක් ලබාසිටියේය.

එන්.සී.සී මුල් ඉනිම සියල්ල දැවී 304යි – (කවින් බණ්ඩාර 116, අහන් වික්‍රමසිංහ 52, දිනෙත් ජයකොඩි 40, පවන් සංදේශ් 35, කවික දිල්ෂාන් 62/4, සඳුන් මෙන්ඩිස් 45/2)

සරසන්ස් කඩුලු 1ට 34යි පන්දුවාර 14යි – චාමික ප්‍රනාන්දු නොදැවී 21

නිගම්බු – චිලව් මේරියන්ස් (නිගම්බු 278යි)

කටුනායකදී පැවැති මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් නිගම්බු කණ්ඩායම පන්දුවාර 83.5කදී ලකුණු 278ක් රැස්කළේය.

නිගම්බු පන්දුවාර 83.5කදී 278යි – (අමෝද් විදානපතිරණ 90, සඳරුවන් චින්තක 58, ජීවක සසේන් 43, දසුන් සෙනෙවිරත්න 69/5)

චිලව් මේරියන්ස් කිසිවෙකු නොදැවී 07යි පන්දුවාර 3යි

බ්ලූම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් (කුරුණෑගල යූත් 222යි)

කුරුණෑගල පැවැති මේ තරගයේදී කණ්ඩායම් දෙකම සමාන දක්ෂතා දැක්වීය.

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 69.5කදී සියල්ල දැවී 222යි – (මුදිත ප්‍රේමදාස 91, කවිඳු ඒකනායක 36, සංජීව ප්‍රියදර්ශන 33, ගිහාන් අංජන 28, රාජේන්ද්‍ර අරවින්ත් 77/6, දිලීප ජයලත් 52/2)

බ්ලූම්ෆීල්ඩ් කඩුලු 2ට 50යි – (චිහාන් කළිඳු නොදැවී 23, නිපුන් හග්ගල්ල නොදැවී 19, ඩිලාන් සෙනවිරත්න 16/2)

රාගම – බදුරලිය (රාගම 324/2)

මග්ගොනදී පැවැති මේ තරගයේදී පන්දුවාර 82කදී රාගම කඩුලු 2කට ලකුණු 324ක් ලැබීය.

රාගම පන්දුවාර 82කදී කඩුලු 2ට 324යි – (ටී.දික්වැල්ල නොදැවී 200, දිනෙත් තිමෝද්‍ය 77, සෙනල් ද සිල්වා 42/1)

ඒස් කැපිටල් ( වරාය) – බී.ආර්.සී.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ඒස් කැපිටල් (වරාය අධිකාරිය) පන්දුවාර 91කදී කඩුලු 8කට ලකුණු 365ක් ලැබීය.

එස් කැපිටල් පන්දුවාර 91කදී කඩුලු 8ට 365යි – (ඒස් කැපිටල් නායක සවන් කංකානමගේ 156, ටී.බාස්කරන් නොදැවී 35, නිමාස අතරගල්ල 34, පී.දාබරේ 39, කවිඳු එදිරිවීර 87/5යි)

  • බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest