slc
logo
Home   |    News
මාර්තු 22, 2022
ආරක්ෂක හමුදාවන් ජයකෙළි නංවයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්‍රධානතම තරගාවලියේ ගෙවී ගිය සති අන්තයේ පැවැති තරග වලදී ද (18-20) කණ්ඩායම් නවයක්ම පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත්වූහ. කණ්ඩායම් තුනක් සෙනසුරාදා (19) ජයගත් අතර ඉතිරි කණ්ඩායම් හය ජයලැබුවේ අද (20) දිනයේදීය.

සතියේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූෆය් ආරක්ෂක හමුදාවන් නියෝජනය කරමින් සහභාගිවන යුද හමුදාව, පොලිසියි, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන සියළුම කණ්ඩායම් පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වීමය. ඔවුන්ට අමතරව පානදුර සහ  සෙබස්ටියනයිට්ස් කණ්ඩායම් අද ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් බවට පත් වද්දී  නිගම්බු, සරසන්ස්, කැන්ඩි කස්ටම් සෙනසුරාදා ජය වාර්තා කළහ.

මේ සතියේ පැවැති තරග 12 අතුරින් කලුතර නගර – බී.ආර්.සී, ටැමිල් – රාගම සහ එන්.සී.සී- චිලව් මේරියන්ද් තරග තුන පමණක් ජය පැරැදුමින් තොරව නිමවිණි.

යුද හමුදාවට ලකුණු 197 ක ජයක්

යුද හමුදාව මුල් ඉනිම 205 – (අෂාන් දිල්හාර 61, පැතුම් බොතේජු 48, සමිත දිල්ෂාන් 28, කවිඳු දිල්හාර 28/5, සඳුන් මධුශංඛ 38/4)

ගෝල් මුල් ඉනිම 98යි – (කවිඳු  දිල්හාර 36, ප්‍රභාත් ද සොයිසා 20, සෙහද සොයිසා 47/5, කෞමාල් නානායක්කාර 36/4)

යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 7ට 306 – (මහේෂ් කුමාර 74, හිමාෂ ලියනගේ 77, ෂෙෂාන් ප්‍රනාන්දු 58, සමිත දිල්ෂාන් 53, සඳුන් මධුශංඛ 49/4, චමිත් දිල්හාර 42/2)

ගෝල් දෙවන ඉනිම ලකුණු 216 යි – (දිල්ෂාන් කාංචන 26, සංදීෂ් ෂමෝද් 26, චමිත් දිල්හාර 38, කවිදු දිල්හාර 33, දුලාෂ් උදයංග 30, හරීන් බුද්දිල 23, කෞමාල් නානායක්කාර 78/6, සෙහද සොයිසා 64/3)

පොලිසියට කඩුලු 9ක ජයක්

බදුරලිය මුල් ඉනිම ලකුණු 214 (මළිඳු මදුරංග 52, රවිශ්ක විජේසිරි 39, රමේෂ් සිල්වා 31, අසේල සිගේරා 43/4, කේ.කරුණාතිලක 38/2)

පොලීසිය මුල් ඉනිම ලකුණු 226 – (ආර්.ද සිල්වා 66, කේ.කරුණාතිලක 36, නදීර බාලසූරිය 32, අංජන ද සිල්වා 36/4, මළිඳු මදුරංග 14/3යි)

බලදුරලිය දෙවන ඉනිම ලකුණු 42- (උමයංග සුවාරිස් 25, අසේල සිගේරා 11/4, ඩී. වන්නිආරච්චි 5/4)

පොලිසිය දෙවනි ඉනිම කඩුලු 1ට 31 – (අසේල සිගේරා නොදැවී 22)

පානදුරට කඩුලු 6ක ජයක්

නුගේගොඩ පළමු ඉනිම ලකුණු 187 යි – (භාග්‍ය දිසානායක 60, දිලාන් ජයලත් 29, වෝෂිත අමරසිංහ 17/2, එරාන් හංසමාල් 19/2)

පානදුර පළමු ඉනිම ලකුණු 260 යි – (මළිඳු ජයෝද් 62, සදීෂ චමොද්‍ය 44, කෝසල රවිඳු 42, සසංක නිර්මාල් 22, මධුෂ්ක සඳරුවන් 93/6, මනුල පෙරේරා 48/2)

නුගේගොඩ දෙවන ඉනිම ලකුණු 164 යි – (භාග්‍ය දිසානායක 46, දිලුම් ජයලත් 26, මහේන්ද්‍ර ජයතිලක 28, අභිෂේක් ලියනආරච්චි 19, සසංක නිර්මාල් 38/6, එරාන් හංසමාල් 34/2)

පානදුර දෙවන ඉනිම කඩුලු 4ට ලකුණු 95 යි – (ෂානුක දුලාජ් නොදැවී 26, තරන ද සිල්වා 24, දුනිත් ජයතුංග 19, මධුෂ්ක සඳරුවන් 42/2

නාවික හමුදාවට කඩුලු 4ක ජයක්

ලන්කන් මුල් ඉනිම ලකුණු 235 යි – (යසිරු රුද්‍රිගෝ නොදැවී 67, විනුද ලියනගේ 35, සුදාර දක්ෂිණ 72/6)

නාවික හමුදාව මුල් ඉනිම 209 – (සුලේක්ෂණ ශ්‍රිසාන් 58, අරවින්ද අකුරුගොඩ 57, යසිරු රුද්‍රිගෝ 24/3, පුන්නිල කුමාර 28/2)

ලන්කන් දෙවන ඉනිම ලකුණු 151 යි – (ළහිරු දිල්ෂාන් 22, මල්ෂාන් ගුණතිලක 20, යසිරු රුද්‍රිගෝ 35, අරවින්ද අකුරුගොඩ 25/4, සුලේක්ෂණ ශ්‍රිසාන් 36/2)

නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 6ට 182 යි – (සහන් කෝසල 65, සුපුන් නයනජිත් 31, කවීන් ප්‍රනාන්දු 30, ළහිරු දිල්ෂාල් 46/3යි)

සෙබස්තියනයිට්ස් කඩුලු 8කින් ජය ගනියි

සී.සී.සී මුල් ඉනිම ලකුණු 137 යි – (මාලිංග අමරසිංහ 53, අංජල බණ්ඩාර නොදැවී 45, තරිඳු රත්නායක 75/4)

සෙබස්තියනයිට්ස් මුල් ඉනිම කඩුලු 8ට ලකුණු 324 යි – (සඳුන් ප්‍රනාන්දු 82, තරුෂ ප්‍රනාන්දු නොදැවී 119, බී.ජී.මෙන්ඩිස් 78/3, සොනල් දිනුෂ 101/2)

සී.සී.සී දෙවන ඉනිම ලකුණු 302 යි – (රොන් චන්ද්‍රගුප්ත 54, සචිරු වැලිවත්ත 54, හසිඳු ශාමික 52, පවන් රත්නායක 37, මාලිංග අමරසිංහ 33, තරිඳු රත්නායක 125/6, තරුෂ ප්‍රනාන්දු 60/3)

සෙබස්තියනයිට්ස් දෙවන ඉනිම කඩුලු 2ට ලකුණු 117 යි – (විෂාල් සිල්වා නොදැවී 60, තරුෂ ප්‍රනාන්දු නොදැවී 21, ඔමේෂ උදාර 47/2)

ගුවන් හමුදාවට කඩුලු 5ක ජයක්

මුවර්ස් මුල් ඉනිම ලකුණු 150 යි – (දිනුක දිල්ෂාන් 57, මොහොමඩ් ෂමාස් 27, මුවින් සුබසිංහ 26/4)

ගුවන් හමුදාව මුල් ඉනිම ලකුණු 318 යි  – උදයවංශ පරාක්‍රම 169, කළණ විජේසිරි 35, අයන සිරිවර්ධන 91/5, මිලාන් රත්නායක 68/2)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 8ට ලකුණු 339 (පන්දුවාර 79යි) – (දිනුක් දිල්ෂාන් 115, සොහාන් ඩි ලිවේරා 74, ජනිෂ්ක පෙරේරා 58, නිමේෂ මෙන්ඩිස් 83/4, මුවින් සුබසිංහ 79/3)

ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 5ට ලකුණු 174 යි – (කෙමිර විජේනායක 82, කළිදු සිරිවර්ධන 38, දිලුක දිල්ෂාන් 24/3, අයන සිරිවර්ධන 43/2)

කලුතර නාගරික – බී.ආර්.සී  ජය පැරදුමින් තොරයි

කලුතර නාගරික මුල් ඉනිම ලකුණු 222 යි – (කවිශ්ක මධුවන්ත 47, කවාෂ කුලසූරිය 40, ඉමිටියාස් ස්ලාසා 54/3, කවීන් ඊරියගම 20/2යි)

බී.ආර්.සී. මුල් ඉනිම ලකුණු 264 යි – (පුබුදු බණ්ඩාර 47, විනුර දුල්සර 28, තෙමල් බණ්ඩාර 80/5, කවුෂාන් කුලසූරිය 19/3)

කලුතර නාගරික දෙවන ඉනිම කඩුලු 5ට 245 යි  – (ඉසුරු සදමාල් 86, කවීෂාන් කුලසූරිය 72, ඉංසික සිරිවර්ධන 54, ඉමිටියාස් ස්ලාසා 71.2, මිහාන් ජලිල් 36.2)

බී.ආර්.සී. දෙවන ඉනිම කඩුලු 5ට ලකුණු 166 යි – (පුබුදු බණ්ඩාර 83, විනුර දුල්සර 26, ජනිදු ඉඳුවර 42/2)

ටැමිල් – රාගම ජය පැරදුමින් තොරයි

ටැමිල් මුල් ඉනිම ලකුණු 313 යි – (කවිඳු පතිරත්න 111, දිලුම් සුධීර 59, හරීන් රත්නමුදලි 66/5, එෂාන් මාලිංග 51/3)

රාගම මුල් ඉනිම ලකුණු 233 යි – (තෙවිඳු දික්වැල්ල 83, යොහාන් ලියනගේ 57, දිලුම් සුධීර 75/7)

ටැමිල් දෙවන ඉනිම කඩුලු 8ට ලකුණු 300 යි  – (රවිදු ප්‍රනාන්දු 113, දමිත් පෙරේරා 50, යොහාන් මෙන්ඩිස් 34, ඩෙලන් පීරිස් 116/3, ඉෂාන් මාලිංග 56/2)

රාගම දෙවැනි ඉනිම කඩුලු 5ට ලකුණු 258 යි – (යොහාන් ලියනගේ  නොදැවී 155, ළහිරු දෙවටගෙ 59, දුලාජ් සමුදිත් 43/3, දිලුම් සුදීර 103/2) 

එන්.සී.සී – චිලව් මේරියන්ස් තරගයේ ප්‍රතිඵල නෑ

එන්.සී.සී. මුල් ඉනිම ලකුණු 222 – (ජොහාන්ද සිල්වා 64, තිවංක කැකුලවල 43, ඉරෝෂ් තිමිර 60/4, දිලීප සොනල් 47/3)

චිලව් මේරියන්ස් මුල් ඉනිම ලකුණු 236 යි – (විශ්ව චතුරංග 106, රවින් යසස් 40, යුගීෂ දිල්ෂාන් 85/4, කවිඳ ඉෂාර 56/3)

එන්.සී.සී.දෙවන ඉනිම ලකුණු 222 යි – (ජොහාන් ද සිල්වා 60, ළහිරු අත්තනායක 50, යූගීෂ දිල්ෂාන් 34, ෂෙෂාන් සිල්වා 61/6, ඉන්සික තිමිර 80/3)

චිලව් මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 6ට ලකුණු 125 යි – (රවීන් යසස් නොදැවී 50, අයෝන් ප්‍රනාන්දු 43, ඉරුෂ්ක තිමිර නොදැවී 22, සම්පත් නිශ්ශංක 34/2, කවිඳ ඊස්වර 41/2, යුගීෂ දිල්ෂාන් 38/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest